ජේ‍යාතිෂවේදී පිටිගල නන්දන එස්. ප්‍රනාන්දු

2013 නොවැම්බර් 5 වැනිදා අලුයම 5.16ට පමණ සෙනසුරු අංශක 20දී පරමෝච්ච අංශක ගතවේ. මේ අනුව ගුරු හිමි විසා නැකැතේ වීම ඉතා වැදගත් වේ. 2014 නොවැම්බර් 2 වැනිදා ශනි තුලා රාශියෙන් ඉවත්ව යන තුරු මේෂ, වෘෂභ, මිථුන නවාංශක ගතවීම පුරා වසරක් යනතුරු පවතී. මිථුන රාශියේ ගෝචර ගත ගුරු ග්‍රහයා ත්‍රිකෝණ දෘෂ්ටියෙන් තුලා රාශියට පූර්ණ බැල්ම හෙළන අතර ගුරුගේ අංශක ගතවීම සෙනසුරුගේ ආත්මය ගුරු විසින් පවරා ගැනීමකි. තුලා රාශිගත රාහුගේ ක්‍රියා කලාපය පාලනය කළ හැකි එකම ග්‍රහයා වන්නේද ගුරු පමණි.

මෙතෙක් කල් ශ්‍රී  ලංකා කේන්ද්‍ර සටහනේ ධර්මස්ථානය තුළ විපරිත ක්‍රියාකාරිත්වයක් ඉටුකළ ග්‍රහචාරය ඉවත්ව යනු ඇත. ගුරුගේ කාරක බලය භාග්‍යස්ථානය වෙත ආරෝපණය වීම නිසා අප රට දෙස් විදෙස් ජනාදරයට හේතු වේ. ජන සමාජයේ යහපත් පරිවර්තනයක පෙරනිමිති හුවා දක්වයි. ගුරු සෙනසුරා වෙත විශ්ව කේන්ද්‍රයේ කලස්ත්‍රස්ථානය වන හත්වැනි රාශිය වෙත සිය බල පරාක්‍රමය යොමුකිරීම විවාහ ජීවිත බලාපොරොත්තු වන අයට යහපත් සහකාර සහකාරියන් ලැබීමට හේතුවාසනා උදාවේ.යුග ජීවිත තුළ ඇතිවූ ගැටුම්කාරී වටපිටාවන් ඉවත් වේ.

සෙනසුරාගේ පරමෝච්ච අංශක ගතවීම පංචමහා පුරුෂ යෝගයන්ගේ උපරිම ඵලදායී අවස්ථාව වන අතර මකර, කුම්භ ලග්න හිමියන්ගේ කර්මස්ථානය හා ධර්මස්ථානය බලවත් වේ. මකර ලග්න හිමියන්ට රැකියා තනතුරු ලැබීමේ භාග්‍ය හිමි කරයි. කුම්භ ලග්න හිමියන්ට පෙර පින් මතුකරවයි. වාසනාව ගෙන දේ සැප සම්පත් උදාකරයි. මේෂ ලග්න හිමි යුග දිවියට පියනඟන යුවතිපතීන්ට වාසනාව උදා කෙරේ.

mawbima.lk

ජේ‍යාතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

විශ්වයටම කාරක ග්‍රහයා වූ රවි ඔක්තෝබර් මස 17 වැනිදා සිකුරුට හිමි තුලා රාශියට සම්ප්‍රාප්ත වෙයි. රවිගේ මෙම ගමන හේතුකොටගෙන කෝණ මාස නිමාවී නිවාස තැනීමට සුබ කාලයක් එළැඹෙයි.

රවි, තුලා රාශිය තුළ නීච වුවත් සෙනසුරු සමඟ සංයෝග වීම නිසා රවිගේ නීචය භංග කරමින් නීචභංග යෝගයක් උදාවෙයි. මෙම රාජ යෝගය නොවැම්බර් 17 වැනිදා තෙක් බල පැවැත්වේ. මේ කාල සීමාව අතරතුර ආරම්භ කරන සුබ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි. රාජ්‍ය කාරකයාගේ නීචය භංග වීම පවතින රජයට වාසිදායක තත්ත්වයක් උදාකරලයි. සියලු ජනතාවගේ ප්‍රසාදය රජයට ලැබෙන අතරම විරුද්ධ පක්‍ෂය තුළ නායකත්වයට එරෙහි නොසන්සුන්කාරී ක්‍රියා දැඩි ලෙස ක්‍රියාත්මක වන කාලසීමාවකි.මෙම රාජ යෝගයේ පිහිටීම සිංහ, වෘෂභ, ධනු ලග්නවලට සුබවාදී ප්‍රතිඵල ඇති කරයි.

සිංහ ලග්න හිමියන්ට නව තනතුරු හා වරප්‍රසාද හිමිකරයි. වෘෂභ ලග්න හිමියන්ට මෙතෙක් පැවැති සතුරු කරදර ඉවත් වී පවතින බලාපොරොත්තු ඉටුකරන කාලවකවානුවක් උදාවේ. ධනු ලග්නය හිමියන්ට හදිසි ධන ලාභ ලැබේ. මෙතෙක් කාලයක් රජයේ රැකියාවක් පිළිබඳ සිහින දකිමින් සිටි අයට එය සැබෑවක් වන කාලයක් උදාවේ.

mawbima.lk

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles