delay marriageවිවාහය දැනටමත් ප‍්‍රමාද ද? විවාහය සිදුවන්නේ කවදාද? යන්න අප වෙත නිතර කෙරන විමසීමකි.තමන්ගේ රැුකීරක්ෂා අධ්‍යාපනය මෙන්ම විවාහය පිලිබ`දවත් දැන ගැනීම අවශ්‍ය කාරණයකි.ඇතැමි කාලවලදී කොතරමි උනන්දුවෙන් කටයුතු කලද විවාහය ස`දහා සුදසු සහකාරියක් හෝ සහකරුවෙක් හමු නොවන අවස්ථාවන් ඇතිෙවි.නමුත් නිසි කල ආ කල නිරායාසයෙන්ම විවාහය ස`දහා සහකරු හෝ සහකාරිය හමු වන අවස්ථා යෙදේ.එසේම විවාහයට පෙර සබ`දතාවන්ද ඇති වන්නෝ වෙති.සබ`දතාවන් මත විවාහය සිදුකරගන්නෝද වෙති.


 නිසි වයසට පැමිණි දු පුතුන් සිටින මාපියන් තම දු පුතුන් වෙත නිසි පරිදි විවාහයක් සිදුකර දීම තම යුතුකමක් ලෙස සලකති.

ජන්ම පත‍්‍රයේ සත්වැන්න මෙන්ම නවාංශකය විවාහය පිලිබ`ද ප‍්‍රථමයෙන් නිෙවිදනයන් ලබාගත හැකි ස්ථානය වන අතර කුජ හා සිකුරු ග‍්‍රහයන් විවාහ කටයුතු පේ‍්‍රමය රාගය ආදි කටයුතු මෙන්ම මෙලොව සැප විදීම ස`දහා ජන්මියා යොමු කරන ග‍්‍රහයන් ෙවි.කුජ සිකුරු ආදීන්ගේ දශා කාලයන්ද හත අධිපතියා මෙන්ම යෝගකාරක ග‍්‍රහයන්ගේ දශා කාලයන්ද මංගල යෝග යෙදෙන කාලයන් වනු ඇත.මෙම ග‍්‍රහයන්ගේ බල දුබලතාවන්ද විවාහය ප‍්‍රමාද හෝ ඉක්මන් වීම  ස`දහා බලපානු ඇත.

කේන්ද්‍රයේ දහනමවන දෙර්කානයට අධිපති මෙන්ම පනස්පස්වන නවාංශකයට අධිපති අධිපති ග‍්‍රහයන්ගේ දශා අනතර් දශා විදසා ආදි කාලයන්ද විවාහය ස`දහා මංගල යෝග යෙදෙන කාලයන් ෙවි.මෙම දෙර්කාණයත් නවාංශකයත් සත්වැන්න ඇසුරෙන් යෙදෙනු ඇත.

සත්වැන්න ,පස්වැන්න ,දෙවැන්න,එකොලාස්වැන්න ආදි ස්ථාන අධිපති ග‍්‍රහයන් මෙන්ම කුජ සිකුරු ආදීන්ගේ දශාවන් ගත වන කාලවලදී සිත තුල පේ‍්‍රමණිය අදහස් ඇති වන කාලයන් වනු ඇත.මෙවැනි කාලයන් වලදී විවාහයක් හෝ පේ‍්‍රමය පිලිබ`දව අදහසක් හෝ නොමැතිව සිටියෙකු වුව දශා උදාවු පසු ඒ ස`දහා යොමු වීමක් ඇති වනු ඇත.දෙමාපියන් හෝ වෙනත් අයෙකු ගෙන එන ඉතාමත්ම සුදසු වු යෝජනාවන්ද ඒ කෙරෙහි ආශාවක් නොමැති නිසා ප‍්‍රතික්ෂෙප කරමින් සිටින්නෝ ද මෙකි දශාවන් ලැබුණ කල හදිසියේම වුවත් ගෙන එන යෝජනාවක්  වෙත හෝ තමාටම හමු වන සුදසු අයෙක් වෙත යොමු වනු ඇත.

විවාහය සිදුවන කාලය පිලිබදව පරීක්ෂා කිරීෙමිදි මෙම ආකාරයට ඉහත ස`දහන් කරන ලද ග‍්‍රහයන් බලවත් වු අවස්ථාවන් මෙන්ම ඔවුනට හිමි වු දශාවන් අනු දශා අන්තර් දශා ආදිය යෙදෙන කාලයන් පිලිබ`දව පරීක්ෂා කල යුතුයි.මෙහි ස`දහන් කරන ලද කරුනු වලට පරිබාහිරවත් විවාහය සිදුවන කාලය පිලිබ`දව සොයා බැලිය හැකි කරුනු රාශියකි.

එසේම ඇතැමි ජන්ම පත‍්‍ර තුලද සෙනසුරු ඒරාෂ්ඨක යෙදී ඇත්නමි ඒ ස`දහා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම කලයුතුයි.මෙ අයුරින් ඉහත විස්තර කරන ලද ස්ථාන වෙත අශුභ ග‍්‍රහ ගෝචර යෙදී ඇති කාලයන්ද විවාහ ස`දහා ඇති අවස්ථාවන් ම`ගහැරීයාමට හේතු වනු ඇත.ඇතැමි අවස්ථාවලදී මංගල යෝග යෙදී ඇති කාලයක වුවත් සෙනසුරු ඒරාෂ්ධක ආදිය නිසා විවාහ සිදුවන කාලයන් ම`ග හැරෙනු ඇත.

එසේම උපන් අවස්ථාවෙදිම විවාහය සමිබන්ධයෙන් යමි ප‍්‍රමාදයක් ජන්ම පත‍්‍රයේ ස`දහන්ව ඇත්නමි එම ප‍්‍රමාදය අවම වීම ස`දහා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීමද කලයුතු කටයුත්තක් වනු ඇත.උදාහරණ වශයෙන් යමි ජන්ම පත‍්‍රයක සත්වැනන් හිමියා ,පනස් පස් වන නවාංශකයට අධිපතියා ,දහනමවන දෙර්කාණයට අධිපතියා ආදීන් සය ,අට ,දොලහ වැනි ස්ථානයක සීටීම මෙන්ම දුර්වල වීම ,නවාංශක තුලද අශුභතාවන් යෙදීම විවාහ ය ස`දහා බාධාවන් හෝ ප‍්‍රමාදයන් ඇති කරන බවට නිෙවිදනයන් බැවින් මෙම ග‍්‍රහ අපල ස`දහාද සුදසු වු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යෝග්‍ය වනු ඇත.

මෙ අයුරින්ම සිකුරු සම`ග සංයෝග වු  සෙනසුරුද විවාහය ප‍්‍රමාද කරනු ඇත.එසේම සෙනසුරුගේ දෘෂ්ටිය සිකුරුට හිමි වීම සෙනසුරුට අයත්වු මකර හා කුමිභ රාශි තුල සෙසු ග‍්‍රහයන් වෙතින් වෙන්ව සිකුරු යෙදීම වැනි අවස්ථාද විවාහ ප‍්‍රමාද කරන බවට ඇති වන නිෙවිදනයන් කිපයක් ෙවි.මෙවැනි සෙනසුරු සමිබන්ධ වී ප‍්‍රමාද කරන විවාහයන් සිදු කර දෙන්නාද සෙනසුරුම වනු ඇත.එනමි මෙවැනි අවස්ථාවලදී සෙනසුරු දශා විදසා අනු දශා ආදිය උදාව වන අවස්ථාවන් වන විට අදාල ජන්මියා වෙත මංගල යෝග යෙදෙනු ඇත.

ප‍්‍රමාද වු විවාහය නිසා තම වෘත්තිය තත්වයේ උසස් වීම අධ්‍යාපනය තුල උසස් තත්වයට පත්වීමි ආදිය යෙදී ඇති ජන්ම පත‍්‍රයන් ද වෙයි.මෙහිදි තමාට හිමි වු උසස් අධයාපනය හෝ වෘත්තියමය දියුණුව ලබා දීම ස`දහා විවාහය තරමක් ප‍්‍රමාද කරන අවස්ථාවන් ඇති වනු ඇත.

එසේම බොහෝ විට නිසි වයස යනුයෙන් පවසන වයස 30 අඩු කාලයකදී විවාහය සිදුවිය යුතු යැයි සිතන දෙමාපියෝ තම දුදරුවන්ගේ විවාහය ප‍්‍රමාද වීම සමිබන්ධයෙන් කනගාටුවට පත් වෙති.නමුත් එම ප‍්‍රමාදයම ලෞකික වශයෙන් දියුණුවට හේතු විය හැකි අවස්ථාවන්ද යෙදිය හැකි බව අවබෝධ කර ගත යුතු යි. ජන්ම පත‍්‍රය විමසා සකකරු හෝ සහකාරිය හිමි වන්නේ පේ‍්‍රමය මුල් වීමෙන්ද යෝජනාවන් මගින්ද යන්න සොයා බැලිය යුතුයි.

මංගල යෝග යෙදෙන කාලයක් ජන්ම පත‍්‍රයේ නොයෙදෙන අවධියක මංගල යෝජනා ගෙන එමින් සහ ඒ ස`දහා උනන්දුවෙන්  කටයුතු කිරිමෙන් නිසි ප‍්‍රතිපල ලද නොහැක.

ඉහතද ස`දහන් කර ඇති ආකාරයට ජන්ම පත‍්‍රය විමසා මංගල යෝග යෙදෙන කාලතුලදී ඒ පිලිබ`දව උනන්දුවෙන් කටයුතු කිරිමෙන් තම බලාපොරොත්තු ඉටු කර ගත හැකියි.එසේම ඉහතද ස`දහන් කරන ලද ආකාරයට විවාහය සමිබන්ධ මුලක වන ග‍්‍රහයන් විවිධ අයුරින් දුර්වල තත්වයට පැමිණි අවස්ථා ඇත් නමි එි සදහාද සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යෝග්‍ය වන අතර සෙනසුරු අපල ආදියද විවාහය ප‍්‍රමාද කිරිම මෙන්ම අවසාන අවස්ථාෙවි වෙනස් කිරිමි ආදායද ඇති කල හැකි නිසා එවැනි අවස්ථාවන යෙදෙනමි ඒ ස`දහාද සුදසු ආකාරයේ වත් පිලිවෙත් ආදියෙහි යෙදීමද කල යුතුයි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles