2019 04 18Article imageසෙනසුරු හෙවත් ශනි ගේ දශාවක් ලැබීම සෙනසුරු ඒරාෂ්ඨක අපලකාලයක් උදාවීම වැනි තත්වයන් පිලිබ`දව බොහෝ දෙනෙකු විශාල බියක් ඇති කර ගනිති.සෙනසුරු කී පමණින්ම ඇතැමිමු බියක් දක්වති.



සෙනසුරු හතේ සිටිම නිසා විවාහයට අශුභදැයි විමසති.තමාට සෙනසුරු දශාව උදාවිමට නියමිතව ඇතැයි දැනගත් විට ද බියක් දක්වති.


නමුත් සෙනසුරු යනු ඔබ සිතන තරමි අශුභපල ලබා දෙන ග‍්‍රහයෙකු නොවන බවත් සෙනසුරුද ඔබ බලාපොරොත්තු වන දියුණුව සැප සමිපත් හිමි කර දෙන ග‍්‍රහයෙකු බවත් මෙම ලිපිය මගින් දැනුවත් වනු ඇත.ඇතැමි විට ඔබ ඉතාමත්ම ශුභ ග‍්‍රහයෙකු යැයි පිලිගත් ගුරු සිකුරු බුධ ආදීන් ජන්ම පත‍්‍රයේ ස්ථානගතවීම හෝ අශුභ ගෝචරයන් නිසා ජන්මීන් වෙතට අශුභතාවන් ගෙන දි ඇති අවස්ථාවන්ද අප දැක ඇත්තෙමු.


සෙනසුරුට අයත්ව ඇත්තේ මකර හා කුමිභ රාශි වන අතර සිකුරුට හිමි වන තුලා රාශියේදී සෙනසුරු උචිච බලයෙන් යුතු වෙයි.සෙනසුරු මකර, කුමිභ, තුලා යන ලග්න මත යෙදිමෙන් එම ලග්න හිමියන් වෙතට මහා පුරුෂ යෝගයක් වන ශශ යෝගය උදා කර දෙනු ඇත.එසේම ෙමිෂ ලග්න හිමියෙකුගේ සත්වැන්න හෝ දසවැන්න මතද වෘෂභ ලග්න හිමියෙකුගේ දසවැන්න මතද කටක ලග්න ජන්මපත‍්‍රයක සිවිවැන්න හා සත්වැන්න මතද සිංහ ලග්න හිමයාගේ සත් වැන්න මතද තුලා ලග්න හිමියාගේ ලග්නය හා සිවිවැන්නේද වෘශ්චික හිමියාගේ සිවිවැන්න මතද මකර හිමියාගේ දසවැන්න හා ලග්නය මතද සෙනසුරු උපතින් ස්ථාන ගතව ඇත්කමි එිකි ජන්ම පත‍්‍රය හිමියා වෙත සෙනසුරු ශශ යෝගය උදාකර දෙනු ඇත. මෙම යෝගයේ ප‍්‍රතිපල ලෙස ජන්මියා නායකයෙකු වනු ඇත.ඔහු හෝ ඇය වටා පිරිසක් එක් ෙවි.ප‍්‍රතාපවත් බවක් යෙදෙනු ඇත.නීරෝගිබව හිමිෙවි.මෙම තත්වයන් ජන්ම පත‍්‍රයේ සෙසු ග‍්‍රහ තත්වයන් අනුව යමි අයුරින් වෙනස් වුවත් ජීවිතයට දියුණුවක් හිමි වන යෝගයකි.එසේම මෙම යෝගය දරන්නා වෙතට සෙනසුරු දශාව හිමි වු කල බොහෝවිට ජීවිතයේ යමි දියුණුවක් හිමි වනු ඇත.ඒරාෂ්ඨක ආදි අපල තත්වයන් යෙදි ඇති විට වුවත් වෙනත් ජන්ම පත‍්‍ර හිමියෙකුට මෙන් අපලයේ දැඩි බවක් නොයෙදනු ඇත.


සෙනසුරු වෘෂභ ලග්න හිමියාගේ නමවැන්න හා දසවැන්න හිමි වන ග‍්‍රහයා බැවින් සෙනසුරු බලවත්ව වෘෂභ ලග්න ජන්ම පත‍්‍රයක යෙදීමද සෙනසුරු දශාව තුලදි වෘෂභ ලග්න හිමියා වෙතට දියුණුවක් ලබා දෙනු ඇත.


සෙනසුරු ජන්මියා ජීවිතයේ ලෞකික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුණුව වෙත යොමු කරනු ඇත.සෙනසුරු ඒරාෂ්ඨකය තුලදී බොහෝ දෙනෙකුගේ ලෞකික දියුනුවට බාධාවන් ඇති විම නිසා කනස්සල්ලට පත් වුවත් මෙම අපලකාරී තත්වය තුලින්ම ජීවිතයේ පවතින අසාරවත් බව ජන්මියා වෙතට අවබෝද කර දිම සිදු වනු ඇත.නමුත් මෙම තත්වය බොහෝ ජන්මින් අවබෝධ කර නොගනිති.සෙනසුරු අපලකාලය නිසා අපගේ ලොකික දියුනුවට බාදාවන් ඇති වු බව පවසමින් දුක්වෙති. නමුත් සිය දශා වන් හෝ ඒරාෂ්ඨක තුලදී ජන්මින් වෙතට හිමි කර දෙන ජීවිත අවබෝධය ලබා ගැනිම ස`දහා ජන්ම පත‍්‍රය තුල සෙසු ග‍්‍රහයන්ගේ පිහිටීමි පිලිබ`දවද විමසිය යුතුය.එනමි ජන්ම පත‍්‍රය තුල ධර්මය පිලිබ`දව අවබෝධයක් හිමි කර ගැනිෙමි ශක්තියක් ඇද්දයි විමසිය යුතු ය.නමවැන්න අසුරෙන්ද මෙම තත්වය විමසිය යුතුයි.ෙමි අයුරින් ධ්රමය පිලිබ`දව නිසි අවබෝධයක් හිමි කර ගැනිෙමි ශක්තියක් ඇති ජන්ම පත‍්‍ර හිමියා සෙනසුරු අපල කාලය තුලදී ජීවිතයේ ජයග‍්‍රහණයක් හිමි කර ගනු ඇති බව පැවසිය යුතුයි.එම ජය ලෞකිකි වශයෙන් ලබන ජයක් නොවන ස්ථිරසාර ලොකොත්තර වු ජයග‍්‍රහණයකි.කුමන කටයුත්තක කුමන සමාජ තත්වයක සිටියත් ජන්ම පත‍්‍රය තුලදී ධර්මය පිලිබ`දව අවබෝධ විය හැකි තත්වයක් යෙදි ඇත්නමි සෙනසුරු සිය ඒරාෂ්ඨක කාලවලදී ජන්මියා වෙතට ලොකෝත්තර දියුණුවක් හිමි කර දෙනු ඇත.ලෞකික දියුණුවට බාධා ඇති විම නිසා සෙනසුරු අපලකාලය අශුභ යැයි සිතුවද සත්‍ය වශයෙන්ම සියුමි ලෙස විමසීෙමිදි සෙනසුරු අපලකාලය යනු ජන්මියා වෙතට ජීවිත අවබෝධය හිමි කර දි ධර්ම අවබෝධය හිමි කර දෙන යහපත් කාලයක් බව වැටහෙනු ඇත.මෙම සෙනසුරු අපලකාලය තුලදී ජීවිත අවබෝධය ලබා සෙනසුරු අපලය සපලයක් කර ගත් අයද වෙති.


බලවත්ව යෙදෙනු පුර ස`දු සම`ග යහපත් අයුරින් සෙනසුරු යෝග වීම හෝ දෘෂ්ටියක් හිමි කර දිම තුලින් යුක්තිසහගත සෘජු මනුස්‍යයෙකු බිහි කරනු ඇත.කරන කියන කටයුතු විශ්වාස සහිතව කාර්යසුරව ඉටු කරනු ඇත.සකසුරුවමි ඇත්තෝ වෙති.වයස යන්න්ට යන්ට දියුණුවක් හිමි වනු ඇත.ධර්මය පිලිබ`දව අවබෝධයක් හිමි කර ගැනිෙමි වසනාව හිමි වනු ඇත.සාධාරණ ධනයක් දේපොලක් හිමි කරගන්නා මනුෂ්‍යයෙක් වෙයි.කොතරමි අපහසුතා ඇති වුවත් අයුක්ති සහගත අසාධාරණ ආදියමි මාර්ගයන් කෙරේ යොමුවිමක් ඇති නොවනු ඇති.


ෙමි අයුරින් ගුරු හා සෙනසුරු එකම රාශියක විමද යහපත් යෝගයකි.යෝගයේ ප‍්‍රතිපල නිසි පරිදි හිමිවීම ස`දහා වෙනත් අශුබ දෘෂ්ටි ආදියෙන් තොරව සෙනසුරු හා ගුරු සිටිය යුතු ෙවි.නමුත් මෙම යෝගයේ බලදුබලතාවය අනුව යහපත් ප‍්‍රතිපල ජන්මියා කෙරේ ඇති වනු ඇත.තරුණ වයසේ සිටම ලෞකික වශයෙන් දියුණුව වෙත යනු ඇත.උසස් අධ්‍යාපනික තත්වයක් පිලිබ`දව ජන්ම පත‍්‍රයේ නිෙවිදනයක් ෙවි නමි උසස් රැුකීරක්ෂා තත්වයක් නිරායාසයෙන් හිමි වනු ඇත.නිරායාසයෙන්ම උසස් වීමි හිමි වනු ඇත.නීතිය පිලිබ`දව හැදැරිමටද යෝග්‍ය පිහිටීමකි.ස්තීරසාර ව්‍යාපාර ආදිය ඇති ෙවි.තම දරුවන් වෙනුවෙන් යමක් ඉතිර කර තබන්නෙකි.ඇතැමි විට තමාගේ ශක්තියෙන් හිමි වන දේපොල වලට වඩා මා පියන් හෝ වෙනත් අයගේ දේපොලක හිමි කමි හිමි වන පිහිටීමකි.


ෙමි අයුරින්ම තම මිතුරු බුධ හා යෝග වු සෙනසුරු ජන්ම පත‍්‍රයක යෙදිමද යහපති.එම ජන්ම පත‍්‍රය හිමියා ගණිතයට දක්ෂතා යෙදේ.කටයුතු ක‍්‍රමාණුකූල ෙවි.සිහිබුද්ධියෙන් හා ඉවසීමෙන් කටයුතු කරති.දියුණු තත්වයකට පත්ෙවි.උසස් තනතුරු ස`දහා සුදසු ෙවි.මෙම ප‍්‍රතිපල අඩු වැඩි වශයෙන් යෝගය වෙත යෙදෙන ග‍්‍රහ බලය අනුව වෙනස් වන බව දත යුතුයි.


සත්වැන්න මත සෙනසුරු යෙදිම විවාහය ස`දහා අශුභදායක තත්වයක් නොවනු ඇත.සෙනසුරු පිරිසිදුව බලවත්ව සත්වැන්න මත යෙදිම මත යහපත් සහකාරික හෝ සහකරුවෙකු හිමි කර ගැනිෙමි අවස්ථාව යෙදෙනු ඇත.කොතරමි අවහිර බාධාවන් යෙදුනත් විවාහ ජීවිතය බිද නොවැටෙන ස්ථිරසාර විවාහයක් හිමියෙක් බවට පත් වන බවට නිෙවිදනයක් බලවත් වු සෙනසුරු සත් වැන්න මත යෙදෙමින් නිෙවිදනය කරනු ලබයි.නමුත් සෙනසුරු අශුභදායක අයුරින් දුර්වලව සත්වැන්න මත යෙදී ඇත් නමි විවාහය තුල යමි ගැටලූ යෙදිෙමි අවස්ථාව යෙදෙනු ඇත.මෙම තත්වය තම ජන්ම පත‍්‍රය අසුරින්ම විමසිම සුදසු වන අතර සෙනසුරු සත් වැන්න මත යෙදී තිබු පමණින්ම තම විවාහය අසාර්තක යැයි නොසිතිය යුතුය.


සමස්තයක් වශයෙන් සැලකීෙමි දි යමි අයෙක් උපත ලබන අවස්ථාව වන විට සෙනසුරු බලවත්ව අශුභ ග‍්‍රහ බලපෑමෙන් තොරව ජන්ම පත‍්‍රයක යෙදිම ජන්මියා සත්‍යවාදියෙකු යහපත් අයෙකු මෙන්ම සමාජයට යමි ප‍්‍රමාණයක හෝ සේවයක් කරන්නෙකු වන බවට නිෙවිදනයකි.


සෙනසුරු සෑම අවස්ථාවකදීම අශුභදායක අයුරින් කි‍්‍රයා නොකරන බව පැහැදිලි කිරිමටත් අවබෝධ කරදීමටත් තවත් උදාහරණ රාශියක් ඉදිරිපත් කල හැකි වුවත් මෙම කෙටි සටහන තුලින් සෙනසුරු පිලිබ`දව යමි ප‍්‍රමාණයක අවබෝධයක් හිමි වනු ඇත.සෙනසුරු ශුභදායක අයුරින් ජන්ම පත‍්‍රගත වීම ජන්මියා වෙතට යහපතක් හිමි වන බවට නිෙවිදනයක් බවත් අවබෝධ කර ගත යුතුව ඇත.ඔබගේ ජන්ම පත‍්‍රයේ සෙනසුරු යෙදි ඇති තත්වය පිලිබ`ද නිසි දැනුවත් වීමෙන් තොරව සෙනසුරු දශාව හෝ ඒරාෂ්ඨක තත්වයන් හෝ වෙනත් තත්වයන් පිලිබ`දව බිය විය යුතු නැත.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles