කේන්දරය යනු ඔබ උපන් අවස්ථාව වන විට උපන් ස්ථානයට අනුව උදාවු ලග්නයත් , එකී ෙවිලාෙවිදි රවි , ස`දු , කුජ , බුධ , ගුරු ,සිකුරු ,සෙනසුරු ආදී ග‍්‍රහයන් සිටි රාශි අංශක ආදියත් රාහු හා කේතු ගේ ස්ථානගතවිමත් සටහන් කර ඇති සටහන යැයි සරලව ප‍්‍රකාශ කල හැකියි.
ඔබ සතු මෙම සටහන ( කේන්දරය) කොටස් දොලහකට පහත දැක්වෙන ආකාරයට බෙදා ඇති බව ඔබ දැක ඇත.
කේන්දරයක පලාපල විමසුමෙදි ඔබගේ ජිවිතයට හිමි වු සියලූම දේ නිරුපණය කරනු ලබන්නේ භාව දොලොස ඇසුරෙනි. මෙම ස්ථානයන්හි සිටින ග‍්‍රහයන් , එකී ස්ථාන හිමි ග‍්‍රහයන් , මෙම ස්තානයන් වෙත දෘෂ්ටි හිමිකරදෙන ග‍්‍රහයන් ආදි වශයෙන් ද කලින් කල මෙම ස්ථාන හරහා ගමන් කරන ග‍්‍රහයන් ඇසුරෙන්ද ජීවිතයේ තොතුරු පිලිබ`දව විමසනු ඇත. මෙකි භාවයන් මගින් නිෙවිදනය වන කරුනු ඉතා කෙටි කොට පහත දක්වා ඇත.
අංක එක ස`දහන් භාවයෙන් ( ලග්න භාවය * ගතිගුණ , චරිතය , බාහිර මෙන්ම අභ්‍යන්තර පෙනුම ,හැඩරුව ආදි කරුනු සමස්ත වශයෙන් දැක්වෙනු ඇත. හිස , මොලය ,නළල ආදි ප‍්‍රදේශයන්ද මෙම භාවය මගින් නිෙවිදනය වේ.සාමානයයෙන් ප‍්‍රථම භාවය වෙත ශුභ ග‍්‍රහයන්ගේ දෘෂ්ටි හිමි විමි , ලග්නාධිපති ලග්නය මත යෙදිම හෝ ලග්නය දැකිම වැනි කරුනු ලග්නය බලවත් වන අතර එයින් ම එම ජන්මපත හිමියාද යමි ප‍්‍රමාණයකින් ජීවිතයේ ශුභපල හිමියෙක් යැයි පැවසිය හැකියි.
අංක දෙක භාවයෙන් ( දෙවැන්න *ධනය , තැන්පතු, මුල්‍යමය හානි , කතාෙවි ප‍්‍රිය මානාප බව , විවාහ ජීවිතය , පවුලේ සමගිය ,මුහුණ , ඇස , කන් , උගුර ආදිය පිලිබ`ද සාමාන වහයෙන් නිවෙිදනය කරනු ඇත.
අංක තුන භාවයෙන් ( තෙවැන්න * ස්මරණ ශක්තිය, සහජ කුසලතාවන් , සංනිෙවිදනය, බාල සහෝදර ,දාර්ශණික ස්භාවයන් , වික‍්‍රමයන් ආදිය පිලිබ`දව නිෙවිදනය වනු ඇත. ශාරීරික වශයෙන් ස්නායු පද්ධතිය දැක්විය හැකියි.
අංක හතර භාවය ( සිවිවැන්න * මගින් නිශ්චල චංචල දේපොල ,මා පියන්ගේ උරුමය , ගෘහ ජිවිතය , රථ වාහන මෙන්ම භූමි ලාභ ,ජීවිතයේ අග භාගය , කටයුතුවල අවසානය , ආදි කරුනු පිලිබ`දව විමසිය හැකියි.මව , මව මුල් කරගත් කටයුතු දක්වා ඇත.
අංක පහ (පස්වැන්න* ඉගෙනීම , දු දරුවන් ,අන්තර් ඥාණය ,ආදර සමිබන්ධතාවන් ,කලා කුසලතාවන් ,ලාභ බලාපොරොත්තු වන ආයෝජන ,ලොතරැුයි හෝ එවැනි දිණුමි,පාසල් ජීවිතය ,ඉගෙනිමෙන් ලබන ප‍්‍රතිපල ආදිය මෙහි ස`දහන් ෙවි. උදරය ආශිත ඉන්ද්‍රිය පද්ධතියන් ද මෙම භාවයෙන් කියෙවි.
අංක හය ( සයවැන්න* ජන්ම පත‍්‍රයේ සටහන් වන දුෂ්ට ස්ථානයන් ගෙන් එකක් ෙවි. මෙහිදි ජන්මියා ට හිමි වන ලෙඩ රෝග ,සුරතල් සතුන් ,සේවකයන් ,ආහාර පාන ,සතුරු කරදර , සතුන් පිලිබ`දව මෙහි සටහන් වනු ඇත.
අංක හත ( සත් වැන්න * ස්වාමි පුරුෂයා හෝ බිරිද , විවාහය ,ප‍්‍රසිද්ධ සතුරන් , හවුල් කටයුතු ,හවුලේ කරන ගණුදෙනු ,නීතිමය කටයුතු ,ගිවිසුමි , දික්කසාද විමි ආදි කරුනු පිලිබ`දව සත් වැන්න මගින් විමසිය හැකියි.
අංක අට ( අටවැන්න.* මෙයද ජන්ම පත‍්‍රයේ යෙදෙන දුෂ්ඨ ස්ථානයක් වශයෙන් ස`දහන් වනු ඇත. ආයුෂ ,අන්තිම කැමතිපත් මගින් හිමි වන වාසි , භාර්යාවගෙන් හිමි වන දායාද හෝ ඇයගේ රැුිකරක්ෂාවෙන් උපයන ආදායමි,මරණයට හේතු ,ණය ගෙවිමි ,සිත් කරදර ,අලාභ හානි ආදි පිලිබද විමසිම මෙහිදි සිදුවනු ඇත.
අංක නමය ( නමවැන්න *පෙර භවයන්හි කරන ලද පුණ්‍ය කටයුතු , ෙමි ආත්මයෙදි හිමි වන වාසනාව ,උසස් අධ්‍යාපනය , ධාර්මික බව , ආගමික ස්ථාන ,මා පිය ගුරුවරුන්ට ගෞරවය , පුණ්‍ය කටයුතු ,වන්දනා ගමන් , දුරබැහැර ගමන් බිමන් ,විදේශ ගමන් ,විවාහ සහකරුගේ සහෝදර සහෝදරියන් , විදේශයන්හි වාසය ,විවාහයෙන් පසුව හිමි වන ඥාතීන් ආදි වශයෙන් මෙම භාවය තුලදි විස්තර කෙරනු ඇත.
අංක 10 ( දසවැන්න* රැුකී රක්ෂා ව්‍යාපාර ආදිය ,තනතුරු ,ප‍්‍රධානීන් , නිලතල ,ලෞකික වශයෙන් හිමි වන උසස් විමි, රාජ්‍ය සේවය , රැුකියා හිමි විමි, රජය , ආදි වශයෙන් මෙහි සටහන් වන කරුනු ලූහුඩින් දැක්විය හැකියි.
අංක 11 ( එකොලොස්වැන්න * අනාගත බලාපොරොත්තු , ආදායමි , මිත‍්‍රයන් ,විවාහ සහකරුගේ දරුපල , උපකාර ,සමාජ ඇසුර ,බලාපොරොත්තු ඉටු විමි ආදි වශයෙන්ද එකොලොස්වැන්න මගින් නිෙවිදනය වනු ඇත.
අංක 12 දොලොස්වැන්න. වැය විමි ,රහස් දුක් කරදර , රහස් සමිබන්ධතාවන් හෝ සතුරන් , මහජන සුව සහන කටයුතු , ආරෝග්‍ය ශාලා , වංචා ප‍්‍රයෝග ,රාජ්‍ය දඩුවමි , සයන සුවය , පරිත්‍යගයන් , ආයෝජනයන් මෙ මගින් ප‍්‍රකාශ වන අතරම ජන්ම පතෙහි ඇති අනිටු ස්ථානයක් වශයෙන්ද හදුන්වනු ඇත.
ජන්මපත් පරීක්ෂණයේදි අවශ්‍ය තොරතුරක් පිලිබ`ද දැන ගැනිමට මෙම ස්ථාන හා ඒවා සමිබන්ධ වු කරුනු භාවිතය කරනු ඇත. උදාහරණ ලෙස යමි කෙනෙකුට උසස් අධ්‍යාපනයක් හිමි විම සමිබන්ධයෙන් විමසන්නේ නමි තෙවැන්න , සිවිවැන්න , පස්වැන්න මෙන්ම නමවැන්න පිලිබ`දවද විමසිය යුතුයි. මෙහිදි මෙම ස්ථාන වල සිටින ග‍්‍රහයන් , ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම මෙම ස්ථාන අධිපතීන්ගේ බල දුබලතාවන් පිලිබ`දවද විමසා එම තත්වයන් යටතේ උසස් අධ්‍යාපනය ස`දහා වාඩාත් යෝග්‍ය වන කේෂත‍්‍රයන් මෙන්ම එම කටයුතු ස`දහා ඇති වන ග‍්‍රහ දෝෂද ඒ ස`දහා සුදසු වත් පිලිවෙත් ද දත හැකියි. විවාහය පිලිබ`දව නමි සත්වැන්න මුලික වනු ඇත.
මෙු අනුව ලිපියේ මුල් කොටසේ දිම ස`දහන් කර ඇති ආකාරයට උපතේදි ග‍්‍රහයන් ස්ථාන ගතවිමි මත ඉදිරි ජිවිතය පිලිබ`දව තොරතුරු ජන්මපත මගින් අනාවර්ණය කල හැකි බව ඔබට වැටහෙනු ඇත. මෙහිදි උපන් වේලාෙවි නිවැරදි බව මෙම තොරතුරු ආදියෙහි නිරවද්‍යතාවයට වඩාත් හේතු වන බවද පෙනෙනු ඇත.
Prabhath Karunanayaka Services
- General Horoscope Readings - සාමාන්‍ය කේන්ද්‍ර කියවීම - Rs.1500/-
- Career Astrology - රැකියාව සම්බන්ධව - Rs.1500/-
- Health/Medical Astrology - සෞඛ්‍යය - Rs.1500/-
- Marriage Delays - විවාහ ප්‍රමාදය - Rs.1500/-
- Marriage Life - විවාහ ජිවිතය -Rs.1500/-
- New Born and Child Astrology - ළමා කේන්ද්‍රය - Rs.1500/-
- Year Astrology Report (2015 horoscope) - වර්ෂික වාර්තාව - Rs.1500/-
- Horoscope Match Making (Porondam) - පොරොන්දම් ගැලපීම - Rs.1500/-
- Auspicious Time - නැකැත් හා ශූභ මුහුර්ථ -Rs.1500/-