180529 Article imageවිවිධ හැකියාවන් සහිත අය අප අතැර වෙයි.මෙම විවිධ හැකියා රටක දියුණවුට අවශ්‍ය වනු ඇත.ඇතැමිමු යමි විෂය කේෂත‍්‍ර තුල අධ්‍යාපනය ලබා පත පොතින් දැනීම වර්ධනය කර ඇතත් සහජයෙන් එකී විෂය කේෂත‍්‍රය කෙරෙහි දක්ෂතාවන් නොමැති ව ඉන් නිසි ප‍්‍රයෝජනය හිමි කර ගැනීමට අපොහොසත් වනු ඇත.


මේ අයුරින්ම කලා කේෂත‍්‍ර කෙරෙහි දක්ෂතා ඇති අය වෙති.ඇතැමුන් වෙත හැකියාව ඇති වුවද එකී හැකියාවන් තුලින් ඉදිරියට යාමට විවිධ බාධාවන් යෙදීම හෝ අවස්ථා නොමැති කමින් දක්ෂතාවයෙන් නිසි පල නොලබති.දක්ෂතාද හිමි ව ඒ ස`දහා අවස්ථාව ද හිමි එහෙත් එම`ගින් ප‍්‍රසිද්ධිය නොලද්දෝද ආර්ථික වශයෙන් දියුනුවක් හිමි කර නොගත්තෝද වෙති.

නමුත් නිරායාසයෙන් ම මාර්ගයන් විවිරව කලා කේෂත‍්‍රයේ ඉදිරියට පැමිණ ප‍්‍රසිද්ධිය මෙන්ම ආර්ථික වශයෙන් දියුණූව ද ජනාදරයද ලත් අයද වෙති.මෙම විවිධ තත්වන් පිලිබදව තම තමන්ගේ ජන්ම පත‍්‍රයේ නිෙවිදනය වන අතර පහත කෙටි විස්තරය ඒ පිලිබදව වනු ඇත.

බුධ හා සිකුරු කලා කටයුතු පිලිබදව ඇති හැකියාවන් පිලිබදව ජන්ම පත‍්‍රය තුල නිෙවිදනය කරනු ලබයි.

බුධ හා සිකුරුගේ යෝග වීම හෙවත් එකම රාශි ගත වීම පිලිබදව මානසාගරීයේ සටහන්ව ඇත්තේ මෙසේය.

බුධ භාර්ගිවයො යොර්ගේ නයඥො බහු ශිල්පවිත්
ධනී සුවාක්‍යො වෙදඥෙ ගීතඥෙ බාස්‍ය ලාලස:

බුධ හා සිකුරු යෝගය නීතිය හා ශිල්ප දත් ධනවත් මනාබස් කියන ෙවිදයදත් ගීත දත් සිනා ප‍්‍රිය තැනැත්තෙකු කරයි.
සාරාවලියේ මෙම යෝගය පිලිබ`දව සටහන මෙසේ වෙයි.

 බොහෝ ධනවත් නීතිය බොහෝ ශිල්ප හා ෙවිදය දත් පි‍්‍රය වචන කියන ගීත කලාව දත් සිනාවට කැමති එ සේ ම සුව`ද  හා මාලා ආදියට රුචි ඇති තැනැත්තෙක් බුධ සිකුරු යෝගයෙන් උපදී.

මෙහිදි ජන්ම පත‍්‍රය තුලදී මෙම යෝගය වෙත යෙදෙන සෙසු ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම යෝගය යෙදුන ස්ථානය හා රාශි ආදි සෙසු කරනු පිලිබ`දවද සලකා බලා යෝගයේ බල දුබලතාවය පිලිබ`දව තිරණය කලයුතුයි.

ඇතැමි විට වෙනත් වෘත්තියක් මගින් සමාජ ගතව කලාවට සමිබන්ධ කටයුතු කරන්නෝද වෙති.මෙහිදි කලා හැකියාවන් යෙදෙනද සෙසු ග‍්‍රහ බලය බලවත් වී ජන්මියා වෙනත් කේෂත‍්‍රයක් වෙත යොමු කීරිමක් සිදුකරනු ඇත.

ජන්මපත‍්‍ර තුල යෙදෙන වීණා යෝගයද ජන්මියා වෙත කලා හැකියාවන් යෙදෙන බවට නිෙවිදනයකි.මෙම යෝගය ඇති ජන්ම පත‍්‍ර වල සියලූම ග‍්‍රහයන් තනි තනිව රාශි වල යෙදිය  යුතුයි.මෙහිදි ග‍්‍රහයන් රාහු හෝ කේතු සම`ග ග‍්‍රහයන් යෙදීම යෝගයට අදාල නොවනු ඇත.

ෙමිෂ ,වෘෂභ ,මිතුන ,කන්‍යා ,තුලා ,වෘශ්චික වැනි රාශිවල යෙදුන බුධ හා සිකුරු සංයෝගය බොහොදුරට ජන්ම ියා තුල කලාත්මක හැකියාවන් ඇති බවට නිෙවිදනයන් ෙවි.එසේම රවි හා ස`දු මෙන්ම දසවැන්න හිමියා හා ලග්නයට අධිපතීත්වය දරණ ග‍්‍රහයන් ද කන්‍ය ,තුලා ,වෘෂභ ,මිතුන වැනි රාශි වල යෙදීමද මෙ සමාන නිෙවිදනයක් වනු ඇත.එසේම මෙම ග‍්‍රහයන් බුධ හා සිකුරුට හිමි වැඩි වර්ග වල යෙදීමද ජන්ම තුල කලාත්මක හැ`ගීමි ඇති කිරීමට හේතු වනු ඇත.මෙවැනි අය විනෝදාස්වාදය වෙත රුචි වෙති.මෙහිදි බුධ සිකුරු රාශි මාරු කර ගැනීමද බුධ සිකුරු ඒක රාශි නොවී දෘෂ්ටියෙන් සමිබන්ද වීම ද සිකුරු හා බුධ රාශියෙන් හෝ ස්ථානයෙන් යමි බලවත් තත්වයකට පැමීණිමද සැලකිය හැකිය හැකියි.පහ නමය වැනි ස්ථානවල යෙදීම ජන්මියා කලාත්මක අදහස් ඇති අයෙක් බවට නිෙවිදනයකි.

නමුත් මෙම බුධ හා සිකුරු සංයෝගය වෙතට ශනිගේ දෘෂ්ටිය හිමි වීම කලාත්මක අදහස් ඇති වීමට යමි බාධාවන් හෝ සෙනසුරුගේ තත්වය අනුව මෙම හැකියාවන් යමි සමාජීය අවශ්‍යතාවන් ස`දහා යොමු කර ගන්නා අයෙක් වන අතර ඉන් ආර්ථික වශයෙන් දියුණුවක් නොලබන්නෙක්ද වීමට ඇති අවස්ථාව නිෙවිදනය කරනු ලබයි.මෙහිදි සෙනසුරු ජන්ම පත‍්‍ර ගත තත්වය පිලිබ`දව සැලකිල්ලට ගත යුතුයි.

ගුරුගේ දෘෂ්ටිය බුධ හා සිකුරු වෙත යොමු වීම යහපතකි.මෙහිදී ජන්මියා තුලින් සමාජයට ප‍්‍රයෝජනවත් සමාජ හිතකාමී නිර්මාණ බිහි වනු ඇත.ඇතැමි විට කලාකාමි අදහස් ඇති නිර්මාණශිලි හැකියාවන් ඇති අය තම හැකියාවන් නොමගට යොමු ඇති අවස්ථාවන් දැක ගන්නට හැකි වෙයි.තම නිර්මාණශීලි හැකියාව යොදවා ගෙන සමාජයේ යමි යමි කොටස් නොසුදුසු කටයුතු ස`දහා යොමු කීරීම ,විෂම අදහස් සමාජ ගත කිරිම ,පහත් රසය සහිත නිර්මාණ ඇති ඇති කිරිම , හෝ වෙනත් නුසුදසු කටයුතු ස`දහා යෙදවීමි ආදිය දැක ගත හැකියි.මෙම තත්වය යෙදෙනුයේ ඉහත ස`දහන් කරන බුධ සිකුරු වෙත වෙනත් පාපී ග‍්‍රහයන්ගේ දෘෂ්ටි හො වෙනත් බලපෑමි ඇති වීම නිසාය.නමුත් බලවත් වු ගුරුගේ දෘෂ්ටිය ජන්මියා තුලදී උසස් නිර්මාණයන් බිහිකිරිමට අවශ්‍ය මානසික තත්වය ඇති කරනු ඇත.තම හැකියාවන් සමාජයට වැඩදායි කටයුතු ස`දහා යොමු වීමක් ඇති කරනු ඇත.එසේම ආර්ථික හෝ වෙනත් පටු ලාභ වාසි අරබයා පහත් තත්වයකට නොවැටී සිටීමට අවශ්‍ය මානසික තත්වයක් ජන්මියා වෙත ඇති කරනු ඇත.මෙම ග‍්‍රහ තත්වයන් පහ නමය ආදී ස්ථානයන් සමිබන්ධයෙන් යෙදීම බොහෝ දුරට ජන්මියා කලාව සමිබන්ධ වු කටයුතු වලින් දියුණුවට පත්වන්නෙකු බවට නිවෙිදනයන් ඇති කරනු ඇත.තවදුරටත් එම ජන්ම පත‍්‍රයේ තෙවැන්න බලවත් වීම මෙන්ම කර්ම ස්ථානය වන දසවැන්න බලවත් වීම ඇසුරෙන් ජන්මියා සතු කාර්ය සුරත්වය පිලිබ`දව විමසිය හැකි.

එසේම ඉහතදීත් ස`දහන් කරන ලද පරිදි කලාකරුවාගේ ප‍්‍රසිද්ධිය පිණිස ඇති වන ග‍්‍රහ නිෙවිදනයන් පිලිබ`දව විමසීෙමීදි ජන්ම පත‍්‍රයේ සත්වැන්නත් , දෙවැන්නත් අනුව ඔහුට සමාජය තුලදී හිමි වන තත්වයත් , ගෞරවනීය බවත් ,ප‍්‍රසිද්ධියත් පිලිබ`දව අනාවරණය කරගත හැකි වනු ඇත.එසේම බලවත් වු රවි ආදීන්ගේ සමිබන්ධතා මත ප‍්‍රසිද්ධිය මෙන්ම රජයේ අනුග‍්‍රහය හිමි වීම ආදිය පිලිබ`දවද පැවසිය හැකියි.

එසේම ජන්ම පත‍්‍රයේ එකොලොස් වැන්න තුල රැුදෙන බලය අනුව ලබන ආදායමත් හිමිවන උපකාරත් ස`දහන් ෙවි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles