20200401article imageදෙවදානවගන්ධ චා යක්ෂරාක්ෂසකිනනරාඃ
පීඩා්‍යනෙත ග‍්‍රහපිඩාභිං කිං පුනභුවිමානවාඃ

දෙවියෝද අසුරයෝද ගන්ධවයෝද යක්ෂයෝද රාක්ෂයෝද කින්නරයෝද ග‍්‍රහ පිඩාවෙන් පෙලෙනු ඇත. එසේ කල භූ තලයේ වෙසෙන්නා වු මනුෂ්‍යයෝ පිඩාවට පත් නොවේද?..... පිඩාවට පත් වෙති.

කර්මයක් නිසා වන දෙයක් ශාන්ති කර්මයක් හෝ පුජාවක් මගින් වැලකිය හැකිදැයි ඇතමෙක් අසති. නමුත් පුරාණ ග‍්‍රන්ථවල සටහන් කෙරෙන මෙම ග‍්‍රහ ශාන්ති දාන මනාදිය මගින් අපලකාරි තත්වයන් ඉවත් කර ලෞකික සැප සමිපත් උදාකර දෙනු ඇත. ආයුෂ වඩවා සමුුර්ධිය ල`ගාකර දෙනු ඇත.
කෙනෙකු උපන් ෙවිලාව දිනය ස්ථානය ආදිය මුල් කොට ගෙන උදාවන්නාවු රාශිය මුල් කොට ගෙන සකස් කරගන්නා ග‍්‍රහ පිහිටිමි සහිත සටහන කේන්දරය හෝ ජන්මපත‍්‍රය යැයි ඉතාමත්ම සරලව ප‍්‍රකාශ කල හැකියි.

මෙහිදි උපන් අවස්ථාව අනුව ඇතැමි ග‍්‍රහයෝ ජන්ම පත තුලදි බලවත්ව සිටිති. ඇතැමිවු දුර්වල වෙති. ඇතැමි ග‍්‍රහයෝ මිශ‍්‍රපල හිමි කර දෙන බවට සටහන් වෙති. මෙම අයුරින් විවිධාකරයෙන් ග‍්‍රහයන් ජන්ම පත තුල තබන සටහන අනුව ජන්මියාගේ ජීවිතය තුලදි යෙදෙන ශුභ අශුබතාවන් පිලිබ`දව ජන්මපත‍්‍රය කියවා පැහැදලි කරගත හැකිය. මෙහිදි ග‍්‍රහයන්ගේ අශුබ තත්වයන් පිලිබ`දව විමසිම සියුමිව කල යුතු කටයුත්තකි. ග‍්‍රහයෙක් නීච හෝ සතුරු වු පමණින්ම එම ග‍්‍රහයා ජන්මියා වෙත දැඩි අශුබතාවන් ඇති නොකරයි. උදාහරණ ලෙස ගුරු ග‍්‍රහයා මකර රාශියට පැමිණිමත් සම`ග නිච තත්වයට පත් වෙයි. ගුරු වසරක් පමණ එක් රාශියක සිටින බැවින් එම වසර පුරාම උපදින සියල්න්ටම ගුරුගේ නිච තත්වය නිසා ගුරුගෙන් ශුබ පල අහිමි වන්නේ නැති බව අවබෝධ කරගත යුතුයි. එකි ජන්මලාභින් වෙත හිමි වන ලග්නය අනුව මෙම තත්වය වෙනස් වනු ඇත.ලග්නය අනුව ගුරු සිටින ස්ථානය මෙන්ම ගුරුවෙත හිමි වන ශුභ ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම ගුරු සිටින නවාංශය මෙන්ම සෙසු තත්වයන් පිලිබ`දව විමසා ගුරුගෙන් හිමි වන්නේ අශුභදැයි විමසිය යුතුයි.

මෙසේ ග‍්‍රහයෙකුගෙන් හිමිව ඇත්තේ ශුභද අශුබද යන්න තම ජන්ම පත අනුවම විමසිය යුතුයි. ඇතැමි විට සයවැන්න අටවැන්න දොලොස්වැන්න වැනි අශුබ ස්ථානයකට ග‍්‍රහයෙක් ස්තානගතවිම අශුබයැයි එක් වරම කිව නොහැක. එකි ග‍්‍රහයා විපරිත රාජ යෝගයට සහබාගි වෙමින්ම එකි ස්ථානයක සිටි නමි යෝගයේ ප‍්‍රබලතාවය අනුව විශේෂ සුභපල හිමි කර දෙනු ඇත.

කෙසේ හෝ තම ජන්ම පත‍්‍රයේ ශුභ අශුබ ග‍්‍රහයන් පිලිබ`දව සුක්ෂම සොයා බැලිය යුතු බවට ඔබට පැහැදිලි වන අතර මෙම කරුන පිලිබ`ද වෙනත් ලිපියක් මගින් පසුව දිර්ඝව පැහැදිලි කරනු ඇත.

ගෝචර වශයෙන්ද දශා අනුදශාවන් වශයෙන්ද ඉහත සටහන් කල ආකාරයෙන් ජන්ම පත‍්‍රය තුලද ග‍්‍රහයන් අශුභ බවට පැමිණි කල එම ග‍්‍රහයන් වෙනුවෙන් දාන පිදිම වඩාත් සුදසු වනු ඇත. පහත සටහන් වන්නේ එකි ග‍්‍රහයන් සමිබන්ධයන් පිදිය යුතු දාන පිලිබ`දවයි.

1. රවි ගේ අපල සදහා.
ශිව දෙවියන් කෙරෙහි භක්තිමත්ව පුද පුජා පවත්වා පිහිට ප‍්‍රාර්තනා කල යුතුයි.

පද්මරාග මැණික් සහිත මුදුවක් වෙදගිල්ලේ පැලදිම යහපති.

උක්පැනි සහිත කිරිපිඩු පුජාවක් බෝධින් වහන්සේට පැවැත්විම සුදසුයි.

තිරි`ගු පිටි සහිත අහාර රතු පැහැති වස්ත‍්‍ර දන් දිම සුදසුයි.

සුර්ය මණ්ඩල යන්ත‍්‍රය (තඹ හෝ රන් සුරයක * පලදින්න.

කොකුමි , වැල්මි ,පද්මක ,එන්සාල් , මනොශිල , සැවැන්න , පලොල් දේවදාර යන ඔසු සංයුත්ත වු ජලයෙන් ස්නානනය යහපති.

ඉඹුල් වෘක්ෂයක් වෙත සුදුසු සත්කාර කර ඉරිදා උදේ 6.00 ත් 7.00 අතර කාලය තුලදි අබ තෙල් පහණක් නැගෙනහිර දිශාව බලා දල්වන්න. පහත දැක්වෙන ස්තෝත‍්‍රය තෙවරක් ගායනා කර සුර්ය දෙවියන්ගේ ආශිර්වාදය හිමි ෙවිවා යැයි ප‍්‍රාර්තනා කරන්න.

ජපා කුසුම සංකාශං - කාශ්‍යපෙයං මහාද්‍යුතිං
තමෝරිං සර්ව පාපස්නං - ප‍්‍රණතොස්ම දිවාකරමි.

2.සදුගේ අපල සදහා.
බෝධිපුජාවන් පවත්වන්න.

පිරිසිදුව සකස් කරන ලද කිරිපිඩු පුජාවක් බෝධින් වහන්සේට පුජා කරන්න.

රාත‍්‍රියේ පිපෙන මල් වර්ග සමන් පිචිච සුදු නෙලූමි පුජා කරන්න.

සුදු කැකුලු සහලෙන් සකස් කරන ලද කිරිබත් , කිරි වර්ග , දිවුලූ යුෂ , සුදු පැහැති ආහාර , සුදු රෙදි ආදිය දන් දෙන්න.

සිල් මාතාවන්ට , ගර්භිණි මවුන්ට , කිරිදෙන මවුන්ට , දිලිදු ස්ත‍්‍රින්ට දන් දෙන්න.

මුතු හෝ වන්ද්‍ර කාන්ති පාෂාණ සහිත රිදි මුදුවක් සුලැගිල්ලේ පලදින්න.

රතන යන්ත‍්‍රය , චන්ද්‍ර මංඩල යන්ත‍්‍රය පලදින්න.

ලොත් සුබු`එ , විල`ද කොටිටන් ,බැවිල, පුව`ගු , කාල`දුරු ,අබ , දේවදාර , කසා කටුපිල යන ඔසු තමිබා ගත් ජලයෙන් ස්කාකය යහපති.

ස`දු දිනයේ උදේ 6.00 ත් 7.00 අතර ගිතෙල් පහනක් දල්වා පහත ස්තොත‍්‍රය තෙවරක් කියවා ස`දු දෙවිදුගේ පිහිට පතන්න.

දධි සංඛ තුසාරං ක්ෂිාරෝදොර්තව සංහවමි
නමාමි ශශිනං සෝමං සං භෝර්මුකුට භූෂණමි.

3. කුජගේ අපල සදහා.
කතරගම දෙවියන් වෙත පුද පුජා පවත්වා ආශිර්වාදය හිමි කර ගන්න.

රතු නෙලූමි , රතු අරලිය වැනි රතු පැහැති මල් වර්ග චෛත්‍යයට , බෝදියට හා විහාරයට පුජාකරන්න.

රතු පැහැති පලතුරු රතු සහලින් කැනු කිරිබත් පුජා කරන්න.

රතු පැහැති වස්ත‍්‍ර දන් දෙන්න. ලේ දන්දෙන්න.

කොරල් හෝ රතු මැණිකක් රත‍්‍රන් හෝ රීදි මුදුවක ලා වෙදගිල්ලේ පලදින්න.

කොලොන් වෘක්ෂයට ආවතේව කරන්න.

සදුන් බෙලි කොහොඹ පුව`ගු බැබිල ජටා මාංශ රත්මල් ඉරිෙවිරිය නාමල් කෙසුරු සංයුත්ත ඔසු ජලයෙන් ස්නානය යහපති.

අ`ගහරුවාදා දින උදේ 6.00 ත් 7.0 අතර තැබිලි තෙල් පහණක් දල්වා පහත ස`දහන් ස්තෝත‍්‍රය තෙවරක් කියවමින් කුජ ගේ ග‍්‍රහ අපල දුරුෙවිවා යැයි පවත්වන්න.

ධර්ණි ගර්භ සන්භූතං විද්යුත් කාන්ති සමිප‍්‍රභමි.
කුමාරං ශක්ති භස්තං ච මංගලං ප‍්‍රණමාම්‍යහමි.

4.බුධ ගේ අපල සදහා.
බෝධි පුජාවන් පවත්වා විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදනා කර ආශිර්වාදය ලබා ගන්න.

එළගි තෙල් , අබ තෙල් , කොහොඔ තෙල් යන තෙල් වර්ග තුනේනම පහන් 17 ක් පුජා කරන්න.

පචිච මැණිකක රන් මුදුවක ලා සුලැගිල්ලේ පලදින්න.

ආර්ථික අපහසුතා ඇති දරුවන්ට , මන්ද බුද්ධික දරුවන්ට , කන්‍යා ස්ත‍්‍රින්ට හැකි ආකාරයෙන් උපකාර කරන්න.

පැණි රස ආහාර මුං ආදිය දරුවන්ට දන් දෙන්න.

අධයාපනික උපකරණ දරුවන්ට ලබා දෙන්න.

කොල පැහැ වස්ත‍්‍ර දන් දෙන්න.

කොහොඹ ගසකට ආවතේව කරන්න.

ගෝරෝචන , මීපැනි ,කුකුරුමුවන් , සහිත වු පංච ගව්‍යය ,නා කෙසරු පුෂකර මුල විලද මුක්තාඑල යන ද්‍රව්‍ය සංයුක්ත ජලය ස්නානය කරන්න.
පහත දැක්වෙන ස්තෝත‍්‍රය බුධගේ අපල දුරුෙවිවා යනුවෙන් ප‍්‍ර‍්‍රාර්තනය සහිතව තෙවරක් කිව විය යුත්තේ උතුරු දිශාවට යොමු ගිතෙල් මිශ‍්‍ර පහනක් දල්වමිනි. බදාදා දිනයේ උදේ 600 ත් 700 අතර කාලය යොදා ගන්න.

පියංගු කාලිකිශ්‍යාමං රූපේණා ප‍්‍රතිමං බුධමි.
සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං තා බුධං ප‍්‍රණාමාම්‍යභමි.

 

5. ගුරුගේ අපල ස`දහා.
ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් පුද පුජා පවත්වා ආශිර්වාදය ලබා ගන්න.

සියලූම කහපාට මල් පුජා කිරිම සුදසුයි.

සිවුරු පුජා කර පුජ්‍ය පක්ෂයේ ආශිර්වාදය ලබාගන්න.

පුෂ්පරාග මැණිකක් රන් මුදුවක ලා වෙද`ගිල්ලේ පලදින්න.

බෝධි පුජා පවත්වන්න. බෝ මලූ විහාර මලූ අමදින්න.

භික්ෂු භික්ෂුනින් වෙතද දාන මාන පුජා කරන්න.

එල අබ , වැල් මී , ඉරිෙවිරිය ,දැසමන් , බෝලිද්ද ,මල් සහිත ජලයෙන් ස්නානය සුදසුයි.

බ‍්‍රහස්පතින්දා දින උදේ 600 - 700 අතර කාලයේ තුනු රුවන් නැමැදිමෙන් පසුව ඊසාන දිශාව පහත ස්තෝත‍්‍රය තෙවරක් කියවා ගුරු ගේ අපල දුරු ෙවිවා යැයි පත්න්න.

දේවානං ච ඍෂිනාං ච ගුරුං කාංචන සන්නිභමි.
බුද්ධි භූතං ත‍්‍රිලෝකස්‍ය තං නාමාමි බ‍්‍රහස්පතිමි.

6. සිකුරුගේ අපල ස`දහා.
විෂ්ණු දෙවියන් හා පත්තිනි මැනියන් වෙතට පුද පුජා පවත්වා ආශිර්වාදය ලබා ගන්න.

සිකුරාදා දින වල බෝධි පුජාවන් පවත්වන්න.

සුව`ද මල් වර්ග පුජා කරන්න. සමන් පිචිච සේපාලිකා ආදිය.

භික්ෂුන් වහන්සේලාට අටපිරිකර පුජා කරන්න.

ස්ත‍්‍රින්ට සුව`ද වර්ග සුදු පාට හෝ රොස පාට වස්ත‍්‍ර සුව`ද වර්ග ආහාර දන් දිම සුදසුයි.

දියමන්ති හෝ සුදු මැණික් සහිත රන් හෝ රිදි මුදුවක් සුලැගිල්ලේ පලදින්න.

හෙල පියුමි ,මනොශිල ,ඉරිෙවිරිය , එන්සාල් , පුෂ්කර මුල , කොකුමි සංයුත්ත ජලයෙන් ස්නානය කරන්න.
කර`ද වෘක්ෂයට ආවතේව කරන්න.

සිකුරාදා දින උදේ 600 - 700 අතර ගිතෙල් මිශ‍්‍ර පහනක් දල්වා පහත ස්තෝත‍්‍රය තෙවරක් කියවා සිකුරුගේ අපල දුරුවිවා යැයි පත්න්න.

හිම කුරුන්ද මෘණාලාභං දෛත්‍යනං පරමං ගුරුමි
සර්ව ශාස්ත‍්‍ර පුවක්කාරං භාර්භවං ප‍්‍රණමාම්‍යහමි.

7. සෙනසුරු ගේ අපල ස`දහා.
විෂ්ණු දෙවියන්ට පුද පුජා පවත්වා ආශිර්වාදය ලාබා ගන්න.

ශිව මංත‍්‍රය ශිව දෙවියන් තෙරෙහි භක්තිමත්ව කියවන්න.

රතන සුත‍්‍රය , අහිසමි හිදාන යන්ත‍්‍රය , නීල මංඩල යන්ත‍්‍රය , ශනි මෘතුංජය ,විෂ්නු ආගෝර යන්ත‍්‍ර වැනි යන්ත‍්‍රයක් පලදින්න.

අහිසමිහිදාන සුත‍්‍රය තෙරුවන් නැමදිමෙන් පසුව කියවන්න.

නුග ගසකට ආතේව කරන්න.

එල`ගිතෙග් සහිත කිරිබත් කපුටන්ට දෙන්න.

වැඩි හිටියන්ට වැඩිහිටි නිවාස ආදියට හැකි ආකාරයෙන් උපකාර කරන්න.

කාක නිලක් සහිත මුදුවක් රනින් හෝ රිදියෙන් සාදා මැදගිල්ලේ පලදින්න.

බැවිල , විෂ්ණු කාන්ති , ක`එ තල , විල`ද ලොත් සුබුලූ , කලාදුරු , සතකුප්ප සංයුත්ත ජලයෙන් ස්නානය කරන්න.

ආගමික ස්ථානයෙකදි තල තෙල් පහණක් බටහිර බලා දල්වා පහත ස්තොත‍්‍රය තෙවරක් කියවා සෙනසුරු අපල දුරුෙවිවා යැයි පතන්න.

නීලන්ජන සමාභාසං රවි පුත‍්‍රං යමාග්ග‍්‍රජං
ජයාමාර්තණ්ඩ සං භූතං තං නමාමි ශනෛ්ශ්වරමි.

8. රාහුගේ අපල දුරු විම ස`දහා.
ශිව දෙවියන් හා ගමිබාර දෙවියන් වෙත පුද පුජා පවත්වා ආශිර්වාදය හිමි කරගන්න.

ගෝෙමිද සහිත මුදුවක් නාග පෙනයක් සම`ග රනින් හෝ රිදියෙන් සකසා සුලැගිල්ලේ පලදින්න.

වැටකේ මුල් පුජා කරන්න.

වැටකේ වෘත්ෂයකට ආවතේව කරන්න. නිවසේ නිරත දිග දිශාෙවි පැලක් පැල කිරිමද සුදසුයි.

බෝධි පුුජා වන් පවත්වන්න.

කලාදුරු ,බෙලිපත්, රත් ස`දුන් ,ලොත් සුබුලූ , කස්තුරි , ගජමද , ඊතණ සහිත ජලයෙන් ස්නානය කරන්න.

පහත දැක්වෙන් ස්තොත‍්‍රය තලතෙල් පහණක් දක්වා තෙවරක් කියවා රාහු අපල දුරුෙවිවා යයි පතන්න. නිවසේ නිරිත දිග වැටකේ පැලයක් සිටුවා ඒ ඉදිරියේ කියවිම වඩාත් සුදසුයි.

අර්ධකායං මහා ව්ර්යං චන්දාදිත්‍ය විමර්දහමි.
සංගිකාගර්භ සන්භූතං තං රාහුං ප‍්‍රාණාමාම්‍යහමි.

9.කේතු අපල ස`දහා.
බෝධි පුජා පවත්වන්න.

වි්ෂ්නු දෙවියන් ප‍්‍රමුඛ සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කරන්න.

උදේ කාලයේ තල ,උදු මිශ‍්‍ර කිරිපිඩු කෙසෙල් සම`ග බෝධියකට පුජා කරන්න.

අගිල් මිශ‍්‍ර සුවද දුමි අල්ලන්න.

වෛරොඩි මැිනිකක් සහිත මුදුවක් වෙ`ද ගිල්ලේ පලදින්න.

අහිසමිශිදාන පිරිත කියවන්න. ශ‍්‍රවණය කරන්න.

රත් හ`දුන් ,කලාදුරු ,කස්තුරි , ගජමද , ඉරිෙවිරිය ,අජ මුත‍්‍ර , දෙලූමි , රස කි`ද සහිත ජලය ස්නානය කරන්න.

තෙරුවන් නැමැද තලතෙල් මිශ‍්‍ර පහනක් දල්වා මෙම ස්තෝත‍්‍රය තෙවරත් කියවා අපල දුරුෙවිවා යැයි පතන්න.

පලාශ පුෂ්ටි සන්කාශං තාරකා ග‍්‍රහ මස්තකමි.
රෞද්‍රං රෞද්‍රත්මකං ඝෝරං තා කේතුං ප‍්‍රණාමාම්‍යහමි.

 

සියලූම අපල පිඩාවන් දුරුවේවා.
මීගොඩ ප‍්‍රහාත් කරුණානායක.

 

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles