Article image20180401එදිනෙදා ජීවිතයේ කටයුතු ස`දහා සුදසු සුභ නැකතකින් කටයුතු ඇරබීම සාමාන්‍යයෙන් බොහෝ දෙනා කරනු ලබනන්ක්ි.නමුත් නැකත පිලිබ`දව නිසි අවබෝධයක් නොමැති වීම ආදි කරුණු නිසා නැකත් බැලූවත් ශුභ නැකතින් ශුභපල උදාකර ගැනීෙමි අවස්ථාව ඇතැමි විට ගිලිහී යන අවස්ථාවන ඇති වනු ඇත.


ශුභ නැකතක් යනු යමි කාර්යයක් වෙනුවෙන් සුදසු ආකාරයේ ග‍්‍රහයන් ස්ථාන ගතවීමක් ඇති වන අවස්ථාව ෙවි.මෙම අවස්ථාව මනුෂ්‍යයාට සකස් කල නොහැකි වන අතර ජ්‍යෙතීර් ෙවිදියා කරනු ලබන්නේ ඔබගේ කටයුත්ත ස`දහා සුදසු ග‍්‍රහ ස්ථාන ගත වීමක් හා සෙසු තත්වයන් යහපත් වන අවස්ථාවක් සොයා දීමයි.තව දුරටත් මෙසේ පැහැදිලි කල හැකියි.ෙවිල`දාම ස`දහා නැකත් සෑදීමෙදී එම ෙවිලාවට උදාවන ලග්නය ධනස්ථානය ,කර්ම ස්ථානය මෙන්ම අයස්ථානය බලවත්ව තිබිය යුතුයි.මෙයට අමතරව දිනයේ ශුභතාවය ,හෝරාෙවි ශුභතාවය මෙන්ම උදාව ඇති නැකත ද කටයුත්ත ස`දහා මෙම අදාල පුදගලයාට ද ගැලපේදැයි විමසිය යුතුයි.


තමන්ගේ අවශ්‍යතාවය ස`දහා නැකතක් පිලිබ`දව විමසීමට පැමිණෙන්නන් ඇතැමි විට කරන ලද වරදක් නම් යමි දිනයක් ඉදිරිපත් කරමින් එම දිනවලදී තමන්ට ගැලපෙන නැකතක් සාදා දෙන ලෙස ඉල්ලීමයි.මෙහිදි සිදුවන්නේ ඉහතදී ද පැවසු ආකාරයට ශුභ ග‍්‍රහ තත්වයක් ඇති අවස්ථාවක් සෙවීමට වඩා ඔහු හෝ ඇය ඉදරිපත් කරන දින කාලවකවාණු තුලදී යෙදී ඇති ගැලපෙන අවස්ථාවක් තෝරා දීමකි.මෙහිදී නැකතේ ශුභපල අවම වනු ඇත.


උදාහරණ ලෙස කෙනෙක් පැමිණ 2018 පෙබරවාරි 1ත් 5ත් අතර නිවසකට ගෙවදීම ස`දහා නැකතක් අවශ්‍ය බව පැවසු අවස්ථාවක පෙබරවාරි 1 ත් 5ත් අතර් ගෙවදීම ස`දහා යොදාගත හැකි ශුභ දිනයන් වන්නේ 1 ගුරුදිනය ,2 සිකුරාදා ,5 ස`දුදා  ෙවි.මෙම දින 3 තුලදී ගෙවදීම ස`දහා සුදසු නැකත් අතරින් හත නැකත 5 වන ස`දුදාත්  යෙදෙනු ඇත.එම නිසා ගෙවදීම ස`දහා වඩාත් සුදසු ස`දු දින වනු ඇත. නිවසකට ගෙවීදීම ස`දහා සුදසු වන්නේ වෘෂභ ,මිතුන , සිංහ ,කන්‍යා ,වෘශ්චික ,ධනු ,කුමිභ ,මීන යන ලග්නයන් උදාවන අවස්ථාවන් ෙවි.මෙම දිනවලදී වෘෂභ ලග්නය උදාවන්නේ දහවල් 12 පසුවී වන අතර මිතුන සිංහ කන්‍ය වෘශ්චින ධනු ආදි නැකත් එයින් පසුව උදාව වන ඇත.උදය කාලයේදී උදාවන්නේ කුමිභ හා මීන ලග්නයන් ෙවි.5 වන ස`දු දින වන විට කුමිභ ලග්නයට අදාලව ග‍්‍රහ ස්ථානගතවීමි විමසීෙමිදී  රවි,බුධ ,සිකුරු ආදීන් 12 වැන්නට යෙදෙනු ඇත. ස`දු අටවැන්න මත යෙදේ.මෙම තත්වයන් එතරමි ශුභපලදායක් නොවනු ඇත.යෝගකාරක වු සිකුරු 12 වැන්න මත යෙදීමත් ස`දු අටවැන්න මත වීමත් එතරමි සුදසු නොවනු ඇත.මීන ලග්න උදාවන කාලය තුල රාහු කාලය යෙදී තීබීම නිසා එම කාලය යොදාගත නොහැක.


නමුත් 7 වන බදදා පමණ වන විට ගෙවදීම ස`දහා මෙයට වඩා ශුබපලදායි ග‍්‍රහ තත්වයක් උදාවනු ඇත.7 වන බදාදා වන විට ස`දු හා ගුරු එකම රාශියේ වෙමින් නමවැන්න මත යෙදේ.එම නමවැන්නත් සිවිවැන්නත් හිමි වු සිකුරු ලග්නය මත යෙදෙනු ඇත.එසේම 21 වන බදාදා වන විට කුමිභ ලග්නය ඇසුරෙන් වඩාත්ම ශුභදායි ග‍්‍රහ බලයක් උදාව පවතිනු ඇත.පෙබරවාරි 21 වන විට පුර පස 6 වන තිථිය උදාව ඇත. උදා වන නැකත වන්නේ රේවතී නැකතයි. රවි බුධ සිකුරු ආදීන් ලග්නය මතද ලග්නය හිිමි වු සෙනසුරු අයස්ථානය මතද ධනස්ථානය මෙන්ම අයස්ථානය හිමි වු ගුරු නමවැන්න මත වෙමින් ස`දුගෙන් සත්වැන්න මත වී ගජකේෂරී යෝගය උදාකර තිබිම යහපත් ෙවි.නමැවැන්න හා සිවුවැන්න හිමි වු යෝග කාරක වු සිකුරු මිතුරු රවි හා බුධ සම`ග ලග්නය මත යෙදෙනු ඇත.දසවැන්න හිමි වු කුජ දසවැන්න මතම ස්වකෙෂතුව යෙදිම යහපති. තවත් මෙම අවස්ථාෙවීදී යහපත් තත්වයන් කිහිපයක්ම උදාව වනු ඇත.


මෙහිදී ගෙවදීම ස`දහා නැකත අවශ්‍ය පුද්ගලයා ස`දහා වඩාත් සුදසු කටයුත්ත වන්නේ 21 දිනය තෙක් සිට චඩාත් ශුභපලදායි අවස්ථාව තෝරාගෙන ශුභ නැකතින් සිදුවන ශුභපල භුක්ති වීදීමයි.එසේ නොමැතිව යමි අවශ්‍ය තාවයක් මත පෙබරවාරි මුල දින කිහිපය තුලදී කුමක් හෝ අශුඵ නොවන අවස්ථාවක් ඇද්දැයි සොයා බලා නිවසට ගෙවදීම නොවන බව පැහැදිලි වනු ඇත.


මෙම තත්වයම මංගල කටයුතු වලදී සිදුවනු දැක ඇත්තෙමි. ජ්‍යෙතීර් වෙදියා විසින්  දෙදෙනාගේ ජන්ම පත‍්‍ර අනුව සොයා බලා දෙන දිනය දා මංගල උත්සවය පැවත්වීමට අදහස් කරන උත්සව ශාලාව ඉඩ නොතීබීම ,මනාලිය ඇන්දීම කරන ශිල්පියා කාර්ය බහුල වීම හෝ වෙනත් කටයුතු මත යොදා ගැනීමට නොහැකි බව පවසා ඉහත කී උත්සව ශාලාව හෝ ශිල්පීන් ලබා දෙන දින වකවාණු තුලදී නැකත් සාදා දෙන ලෙස ඉල්ලීමි කරනු ලබයි.මෙහිදි සිදුවන්නේ ඉහත කී ගෙවදීම සමිබන්ධයෙන් විස්තර කරන ලද උදාහරණයට අනුවම සිදුවු කරුණටම සමාන වන දෙයකි.එනමි වඩාත්ම ශුඵලදායක වු අවස්ථාව ම`ග හරිමින් එතරමි ශුභදායක නොවු අවස්ථාවක තමාගේ ජීවිතයේ වැදගත් වු කටයුත්තක් සිදු කර ගැනීමයි.


විවාහ මංගල උත්සවයක් විචිත‍්‍රව පැවත්වීම පැවත්වීමද කල යුත්තකි.පසු කලෙක එිහි ඡුයා රූප නරබමින්ද අවස්ථාව සිහිපත් කරමින්ද සංතෝෂයක් විදිනු හැකිය.එසේම මංගල දිනයේ අවස්ථාව වෙනුවෙන් සතුට බෙදා හදා ගැනීමට පැමිණෙන තම ඥාතී මිත‍්‍රාදීන් වෙතට තමාට හැකි ඉහලම අයුරින් සැලකීමද ඉතාමත් හොද ගුණාංගයකි.එසේම සියල්ලනට පහසුවෙන් ල`ගාවිය හැකි ස්ථානයක මංගල උත්සවය පැවැත්වීමද තම තමන්ගේ සමාජ තත්වයටද පැමිණෙන අමුත්තන්ගේ සමජ තත්වයට ගැලපෙන පරිදි ස්ථානයක් තෝරා ගැනීමද කලයුත්තකි.එසේම මනාලියගේ රූප ඉස්මතු වන අයුරින් මංගල ස`එ පැලදවීම ද ප‍්‍රවීණ ශිල්පියෙකු හෝ ශිල්පිණියක අතින් කල යුතු කටයුත්තකි.කලාත්මක අයුරින් හා උත්සවයේ වැදගත් අවස්ථාවන් මෙන්ම පැමිණ සිටින්නන්ද වෙනත් අවස්ථාද සුදුසු පරිදි ඡුයාරූපයට ගතහැකි ශිල්පියෙකුගේ සේවය ලබා ගැනීමද කලයුතු කාර්යයකි.මෙම සියලූ කරුනු සිදු කීරීමද වැදගත් වන ඇති මුත් මංගල අවස්ථාව ස`දහා සුදුසු වු හා ශුභදායක ෙවිලාවක කටයුතු කිරිමෙන් ඉදිරි ජීවිතයේ කටයුතු ස`දහා බාධා කරදර ඉවත් ව ජීවතය තුලදී හිමි විය යුතු යැයි ජන්ම පත‍්‍රයේ ස`දහන් වු ලෞකික සැපසමිපත් බාධාවෙන් හා ප‍්‍රමාදයෙන් තොරව හිමි කර ගැනීෙමි අවස්ථාව හිමි වනු ඇත.


ඉහත සටහන ම`ගින් ශුභ නැකතක් යනු කුමක්ද හා එිහි ප‍්‍රතිපල හිමි වන්නේ කුමන ආකාරයෙන්දදැයි ඔබට යමි අදහසක් හිමි වනු ඇත.උත්සව ශාලාව  හා මංගල උත්සවය ස`දහා අවශ්‍ය සේවාවන් සපයන ශිල්පීන්ගේ සහය ද හිමි කරගෙන ශුභ ෙවිලාවක කටයුතු කීරීෙමි අපහසුතාවන් බොහෝවිට ඇති වන්නේ මංගල උත්සවය ගත යුතු කාලය කාලෙවිලා රහිතව සුදානමි කිරීමට යාමෙනි.එම නිසා මංගල දිනය ස`දහා සුදසු පරිදි කාලය ඇති වන අයුරින් කාලවකවාණු තෝරා ගෙන මංගල උත්සව ශාලාවත් සෙසු ශිල්පින්ගෙ සහයත් සහිතව උසස් මටිටිමින් මංගල උත්සවය සකසා ගනිමින් ශුභ නැකතින්ද හිමි වන ශුභපල භුක්ති විදීෙමි අවස්ථාවද උදා කරගත හැකියි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services



Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles