ජේ‍යාතිෂවේදී පිටිගල නන්දන එස්. ප්‍රනාන්දු

2013 නොවැම්බර් 5 වැනිදා අලුයම 5.16ට පමණ සෙනසුරු අංශක 20දී පරමෝච්ච අංශක ගතවේ. මේ අනුව ගුරු හිමි විසා නැකැතේ වීම ඉතා වැදගත් වේ. 2014 නොවැම්බර් 2 වැනිදා ශනි තුලා රාශියෙන් ඉවත්ව යන තුරු මේෂ, වෘෂභ, මිථුන නවාංශක ගතවීම පුරා වසරක් යනතුරු පවතී. මිථුන රාශියේ ගෝචර ගත ගුරු ග්‍රහයා ත්‍රිකෝණ දෘෂ්ටියෙන් තුලා රාශියට පූර්ණ බැල්ම හෙළන අතර ගුරුගේ අංශක ගතවීම සෙනසුරුගේ ආත්මය ගුරු විසින් පවරා ගැනීමකි. තුලා රාශිගත රාහුගේ ක්‍රියා කලාපය පාලනය කළ හැකි එකම ග්‍රහයා වන්නේද ගුරු පමණි.

මෙතෙක් කල් ශ්‍රී  ලංකා කේන්ද්‍ර සටහනේ ධර්මස්ථානය තුළ විපරිත ක්‍රියාකාරිත්වයක් ඉටුකළ ග්‍රහචාරය ඉවත්ව යනු ඇත. ගුරුගේ කාරක බලය භාග්‍යස්ථානය වෙත ආරෝපණය වීම නිසා අප රට දෙස් විදෙස් ජනාදරයට හේතු වේ. ජන සමාජයේ යහපත් පරිවර්තනයක පෙරනිමිති හුවා දක්වයි. ගුරු සෙනසුරා වෙත විශ්ව කේන්ද්‍රයේ කලස්ත්‍රස්ථානය වන හත්වැනි රාශිය වෙත සිය බල පරාක්‍රමය යොමුකිරීම විවාහ ජීවිත බලාපොරොත්තු වන අයට යහපත් සහකාර සහකාරියන් ලැබීමට හේතුවාසනා උදාවේ.යුග ජීවිත තුළ ඇතිවූ ගැටුම්කාරී වටපිටාවන් ඉවත් වේ.

සෙනසුරාගේ පරමෝච්ච අංශක ගතවීම පංචමහා පුරුෂ යෝගයන්ගේ උපරිම ඵලදායී අවස්ථාව වන අතර මකර, කුම්භ ලග්න හිමියන්ගේ කර්මස්ථානය හා ධර්මස්ථානය බලවත් වේ. මකර ලග්න හිමියන්ට රැකියා තනතුරු ලැබීමේ භාග්‍ය හිමි කරයි. කුම්භ ලග්න හිමියන්ට පෙර පින් මතුකරවයි. වාසනාව ගෙන දේ සැප සම්පත් උදාකරයි. මේෂ ලග්න හිමි යුග දිවියට පියනඟන යුවතිපතීන්ට වාසනාව උදා කෙරේ.

mawbima.lk

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles