20170818Article imageරාහු මාරුව 2017 අගොස්තු 18 වැනිදා.
ලග්නය අනුව යෙදෙන ශුභ අශුභ හා වත් පිලිවෙත් මෙන්න.

රාහු ග‍්‍රහයා සිංහ රාශියේ සිට කටක රාශිය වෙතද කේතු කුමිභ රාශියේ මකර රාශිය වෙතද 2017 අගොස්තු 18 දිනයේ පැමිණිමට නියමිතයි.රාහු හා කේතු අශුභ ග‍්‍රහයන් ලෙස හැදින්වුවද ඔබගේ ජන්ම පත‍්‍රයේ ස්ථාන ගතව ඇති ස්ථානය අනුව ශුභ පල පිලිබ`දවද නිෙවිදනය කරනු ඇත.2019 මාර්තු 7 තෙක් රාහු හා කේතු පිලිවෙලින් කටක හා මකර රාශි තුල යෙදෙනු ඇත.



මෙම ලිපියේ දක්වා ඇත්තේ පොදුවේ ඔබගේ ලග්නය පමණක් පදනමි කරගෙන උක්ත ග‍්‍රහ මාරුව පිලිබ`දව සටහනකි.උපන් අවස්ථාෙවිදි රාහු කේතු ගේ ස්ථානගතවීම අනුවද උදාව ඇති දශා අනුදශා අනුවද මෙම ප‍්‍රතිපල යමි ප‍්‍රමාණයක් වෙනස් විය හැකි බවද සලකන්න.

එසේම රාහු  - කේතු අපල ස`දහා සුදසු වු වත් පිලිවෙත්ද අවසානයට දැක්ෙවි.

1.ෙමිෂ ලග්නය
2018 මැයි දක්වා සහනකාරී තත්වයක් හිමියි.

ෙමිෂ ලග්න ජන්ම පත‍්‍රයක රාහු මාරුව සිවිවැන්න මතටත් කේතු දසවැන්න මතටත් යෙදෙනු ඇත.සිතට තරමක කරදරකාරී බවක් දැනෙනු ඇත.තම  නිශ්චල දේපොල මෙන්ම යාන වාහන ආදියේ කටයුතු වලදී සැලකිලිමත්වීම යෝග්‍ය වනු ඇත.නව දේපොල මිලදී ගැනීෙමීදීත් සැලකිලිමත්බව අවශ්‍ය වනු ඇත.වගා කටයුතු ස`දහාත් යමි අවහිරතාවන් ඇති විය හැකියි.එදිනෙදා කරගෙන් යන කටයුතු ස`දහා විටින් විට බාධාවන් යෙදිය හැකියි.ස්ථාන මාරුවීමි හෝ විදේශ ගමන් යෙදිය හැකියි.

පවුලේ අය සම`ගත් කටයුතු කිරිෙමීදි සැලකිලිමත් බව හා සන්සුන් බව අවශ්‍ය වනු ඇත.අනතුරු මෙන්ම තම සෞඛ්‍ය තත්වය කෙරෙහි සැලකිල්ල අවශ්‍යයි.

රැුකි රක්ෂා කටයුතු ස`දහා මිශ‍්‍රපලදායි තත්වයක් යෙදිය හැකියි. 2018 මැයි මාසය දක්වා යෙදෙන කාලය තුලදී රැුකීරක්ෂා ආදියෙන් යමි සහනශීලි බවක් බලාපොරොත්තු විය හැකියි.ආදායමි තත්වයද යහපත් වනු ඇත.නීතිය පිලිබ`දව කටයුතු වලද අවහිරතා ඇති විය හැකියි.

නමුත් කරදර බාධාවන් යෙදුනද උසස් හා උගත් අයගේ අවවාද ද උපකාර හිමි විය හැකියි.තීරණ ගැනීමෙදිත් මුදල් වැය කිරිමි ආදියෙදීත් නිසි සැලකිල්ල අවශ්‍ය වනු ඇත.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


2.වෘෂභ ලග්නය
සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙන කාලයකි.අදාවමි තත්වය යහපත් ෙවි.

වෘෂභ හිමියන් වෙතට රාහු තෙවැන්නටත් කේතු නමවැන්නටත් පැමිණිම තුලින් යහපත් බවක් යෙදෙන බවට නිෙවිදනය ෙවි.පවතින තත්වයට වඩා සහනයක් යෙදේ.ආදායමි තත්වයද දියුණු වනු ඇත.යමි බාදාවන් යෙදුනද ව්‍යාපාරික වශයෙන්ද ලාබ යෙදෙන කාලයකි.ධාර්මිකව ලාභ යෙදෙනු ඇත.උත්සාහයෙන් බොහෝ දුරට ප‍්‍රතිපල යෙදෙනු ඇත.

අ`ඒත මිත‍්‍රාදීන් හමු වන කාලයකි.සමාජයේ යමි පිලිගැනීමක් යෙදිය හැකියි.සුදුසු වයස් කාණ්ඩයන්ට මංගල යෝග යෙදෙනු ඇත.අ`එත් අදහස් සිතට ඇතිෙවි.දුරගමන් යෙදෙනු ඇත.සහජ හැකියාවන් ඉස්මතු ෙවි.

තම දේපොල ආදියේ පැවති යමි කරදරකාරී තත්වයන් වෙතින් යමි ප‍්‍රමාණයකින් හෝ සහනශිලි බවක් දැනෙනු ඇත.
නමුත් යමි නින්දාවක්ද ඇති විය හැකි අතර මෙය සි’තට වද දීමක් වනු ඇත.එම නිසා කටයුතු කිරිෙමීදී නිසි සැලකිලිමත් බවක් යෙදවීම සුදසුයි.

උසස් අයගේද ,පුජ්‍ය පක්ෂයේද , ගුරුවරුන්ගේද අනුකම්පාව හිමි වනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහාද යහපත් බව ඇති කෙරේ.

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 

3.මිතුන ලග්නය
සැලකිලිමත් බව හා වත්පිලිවෙත් ආදියෙහි යෙදීමෙන් අපල අවම වනු ඇත.

මිතුන ලග්නය හිමි ඔබේ  ධනස්ථානය වන දෙවන්න වෙත රාහුද ් කේතු අටවැන්න මතටත් යෙදෙනු ඇත.ධනය වැය කීරිෙමිදී සැලකිලිමත් වන්න.අනුමානයට කරන ආයොජනයන් ස`දහා යොමු නොවන්න අවිශ්වාස සහගත ණයට දීමි ආදියෙන් ඈත් වන්න.කතාබහ කීරිමි වලදීත් සැලකිලිමත් බව අවශ්‍ය ෙවි.අනවශ්‍ය කතාබහ දුරදිග යාමෙන් ආරවුල් යෙදිය හැකියි.හිමි වන ධනය ආරක්ෂා කර ගැනීමට නිසි මුල්‍ය කලමණාකරයනක් යෙදවීම සුදසුයි.

පවුලේ කටයුතු වලදීද සැලකිලිමත් බවක් යෙදිය යුතුයි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිලිමත්ව කටයුතු කරන්න.තම විවාහ සහකරුගේද සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කල යුතු කාලයක් වන අතර ගර්භිණි කාන්තාවන්ද ආරක්ෂා සහිතව කටයුතු කීරිම සුදසු වනු ඇත.අනතුරු ආදියෙන් ප‍්‍රෙවිශම් වන්න.

අධ්‍යාපනික කටයුතුද දිරිමත්ව හා සන්සුන්ව ඉටු කල යුතුයි.

රාහු අපල ස`දහා පහත දැක්වෙන වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යෝග්‍ය වනු ඇත.

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 

4.කටක ලග්නය
මිශ‍්‍රපලදායි තත්වයක් හිමියි.ආදායමි තත්වය යහපත් ෙවි.

කටක හිමියන් වෙතට රාහු ලග්නය මතටත් කේතු සත්වැන්න මතටත් පැමීණිම තුලින් සිතට කාර්ය බහුල බවක් යෙදෙනු ඇත.ගමන් බිමන් යෙදෙනු ඇත.එක් කටයුත්තක් නිම කරන විට තවත් දෙයක පැටලෙනු ඇත.පැවති තත්වයට වඩා යහපත් තත්වයක් යෙදෙනු ඇත.වියදමි තත්වය තරමක් අඩුවනු ඇත.

අධ්‍යාපනික කටයුතු ස`දහා අයහපත් නොෙවි.උපන් අවස්ථාවෙදී රාහු ගේ පිහිටීම අනුව දියුණුවක් යෙදිය හැකියි.නමුත් කලබලයෙන් තොරව කටයුතු වල යදිය යුතුයි.

සිතේ පැවැති අවිනිශ්චිත බව තරමක් අඩුවී යමි ස්ථිර මාර්ගයක් වෙත යොමු වනු ඇත.යමි ප‍්‍රසිද්ධියක් ඇති ෙවි.උනනුද්වෙන් ආශාවෙන් කටයුතු කීරිමට හැකියාවන් යෙදේ.තමාග් දක්ෂතා පිලිබ`දව හ`දුනාගැනීමක් ඇති ෙවි.කරගෙන ආ කටයුතු දියුණුව හෝ අත්හැරදමා තීබු කටයුත්තක් ඇරබීම සිදුවිය හැකියි.

තම සිතුවිලි පාලනයෙන් කටයුතු කරන්න.වංක කටයුතු අනියමි කමිසැප ආදියෙන් ඇතවීම යෝග්‍යයි.

තමාගේද විවාහ සහකැගේද සෞඛ්‍ය තත්වය පිලිබ`දවත් අවධානය සුදසුයි.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


5.සිංහ
මිශ‍්‍රපල හිමි වනුු ඇත.

සිංහ ලග්න හිමියන් වෙතට රාහු දොලොස්වැන්න වෙතද කේතු සයවැන්න මතද යෙදීම අනුව මිශ‍්‍රපල පිලිබ`දව බලාපොරොත්තු තමා ගත හැකියි.එදිනෙදා කරන කටයුතු පිලිබ`දව සැලසුමි සහගතව කටයුතු කිරිම තුලින් අවාසි අවම කර සහනය හිමි කරගත හැකියි.දුර බහැර ගමන් යෙදිය හැකියි.හිතුවක්කාර අදහස් සිතේ යෙදෙනු ඇත.

නිවාස හෝ දේපොල වෙනුවෙන් වෙහෙසීම අ`එත් වැඩියාවන් ස`දහා මුදල් යෙදීම යහපති.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.උසින් හෝ වාහන ආදියෙන් වැටීමි සිදුවීම අනතුරු ආදියට ලකව්ම සිදුවිය හැකි නිසා නිසි කල්පනාවෙන් එදිනෙදා කටයුතු වල යෙදීම සුදසුයි.එසේම විපතේදී අධාර කරන්න් නිසා ද කරදර යෙදිය හැකියි.සතුරු කරදර තරමක් යෙදිය හැකියි.සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.

අධ්‍යාපනය ස`දහා අයහපත් නොවුවද දැඩි කැපවීමි අවශ්‍ය වනු ඇත.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


6.කන්‍යා ලග්නය
ශුභපල බලාපොරොත්තු විය හැකි කාලයකි. සුදසු වයසේ අයට මංගල යෝග යෙදෙනු ඇත.

කන්‍යා ලග්නයෙන් උපන් ඹබගේ අයස්ථානය වෙතට රාහු පැමිනෙන අතර කේතු පස්වැන්න මතට යෙදෙයි.කලින් පැවැති තත්වයට වඩා යහපත් බවක් යෙදෙයි.ළාභ ප‍්‍රයෝජන හිමි වන කාලයකි.ආදායමි මාර්ග සැලසේ.හදසි ධන ලාභ ද උපන් අවස්ථාෙවි පවතින ග‍්‍රහ තත්වයන් අනුව හිමි විය හැකියි.රැුකියා කටයුතු ආදියෙහි දියුණුවද යෙදෙනු ඇත.කරන කියන කටයුතු වල ප‍්‍රතිපල යෙදෙනු ඇත.ඉඩකඩමි යානවාහන පිලිබ`ද කටයුතු දියුණු වනු ඇත.

සුදුසු වයසේ අයට මංගල යෝග යෙදේ.ස්ත‍්‍රි පුරුෂ අ`එත් මිත‍්‍රාදීන් හිමි විය හැකියි.ගේ දොර කටයුතුවලදී සහනශිලි බවක් සිතට දැනෙනු ඇත.පී‍්‍රති උත්සව පවැත්වීම හෝ සහබාගිවීෙමි අවස්ථාව යෙදෙනු ඇත.පවුලට සාමාජිකයන් එකතු විය හැකි කාලයකි.නිතර මිත‍්‍රයන් හෝ ඥාතීන් හමු විය හැකි අවස්ථාවන් යෙදිය හැකියි.තම බලය වැඩිවන කාලයකි.

ගර්භිණි මවුවරුන් තරමක් ප‍්‍රෙවිශමෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් කාලයකි.ඇතැමි විට අ`එත් දෙයක් ඉගෙනීමටද අවස්ථාව යෙදෙනු ඇත.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


7.තුලා ලග්නය
මිශ‍්‍රපලදායක තත්වයක් යෙදෙනු ඇත.
තුලා ලග්නය ස`දහා රාහු පැමිණෙන්නේ දසවැන්න වෙතටයි.කේතු සිවුවැන්න මතට යෙදෙනු ඇත.මිශ‍්‍රපලදායි බවක් යෙදෙන ග‍්‍රහ මාරුවකි.රැුකිරක්ෂා කටයුතු වලදී කාර්යසුරත්වයක් ඇති වෙතත් සෙසු අය සම`ග කටයුතු වලදී තරමක් සැලකිලිමත් බව හා උපේක්ෂා සහගත බව අවශ්‍ය වනු ඇත.රැුකී රක්ෂා හෝ ව්‍යාපාර ආදියෙහි කටයුතු වලදී ගැටලූ කාරී තත්වයන් ස`දහා මුහුණ දිමට සිදුවිය හැකියි.උසස් අය සම`ග කටයුතු ප‍්‍රෙවිශමෙන් සිදුකරන්න.

ලද දෙයින් සතුටුව කටයුතු කරන්න.ඇසුර ස`දහා හමු වන අය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.අයහපත් අය ඇසුරට ලං විය හැකි කාලයකි.වතුපිටි වගා කටයුතු ආදියෙහි යමි දියුණුවක් යෙදෙතත් සතුරු කරදර ඇති විය හැකියි.තම ගේදොර ආදියෙහි යමි අ`එත් වැඩියාවන් සිදුකිරිමට සිදුවිය හැකියි.

තම ගෞවයටද හානි පැමිණිය හැකි අතර ධන හානි යෙදිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.අධ්‍යාපනික කටයුතු  වලදීද නිසි සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


8.වෘශ්චික ලග්නය
මිශ‍්‍ර ප‍්‍රතිපල යෙදෙනු ඇත.
වෘශ්චික ලග්නය වු ඔබට ධර්මස්ථානය වෙතට රාහු පැමිනීම මිශ‍්‍රපලදායි තත්වයක් ගෙන දෙනු ඇත.නිසා අවබෝධයක් නොමැතිව කටයුතු කිරිමෙන් පාඩු සිදුවිය හැකියි.අනපේක්ෂිත ලාභ යෙදිය හැකි අතර දුරබැහැර හෝ විදේශ ගමන් යෙදෙනු ඇත.ජීවිතයේ යමි වෙනස් වීමකට ඉඩ යෙදෙන කාලයකි.හිමි ව තිබු ගෞරවය අඩුවන කාලයකි.මුදල් වියදමි කිරිෙමිද තරමක් ප‍්‍රෙවිශමි වන්න.සිතේ සහනකාරී බවට තරමක් බාධාවන් යෙදිය හැකියි.නමුත් පැවති තත්වයට වඩා සහනශිලි බවක් යෙදෙනු ඇත.රැුකීරක්ෂා කටයුතු ආදියෙහිදී යමි සහනකාරී තත්වයක් සෙමින් ඇති වනු ඇත.

වැඩිහිටියෙකුට ,ගුරුවරයෙකුට යමි පීඩාකාරි තත්වක් යෙදිය හැකියි.දුරගමන් වලදී තරමක් ප‍්‍රෙවිශමෙන් කටයුතු කරන්න.ස්ථාන වෙනස්වීමිද ඇති විය හැකියි.

තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව ප‍්‍රෙවිශමි වන්න.පපුව ආශිතව පීඩාවන් යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනිත කටයුතු ස`දහා කැපවීම අවශ්‍ය වනු ඇත.නමුත් උපන් ග‍්‍රහ බලය අනුව අධ්‍යාපනික වශයෙන් දියුණුවට ඉඩ යෙදෙනු ඇත.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


9.ධනු ලග්නය
බාධාවීමි මැද වාසි අත්ෙවි.

රාහු අටවැන්නටත් කේතු ධනස්ථානය මතටත් පැමීණිම ධනු ලග්න හිමියන්  ස`දහා තරමක අවහිරතාවන් යෙදිය හැකියි.ධනය වැය විය හැකි අවස්ථාවන් යෙදෙනු ඇත.මුදල් ආයෝජනයෙදී සැලකිලිමත්ව කටයුතු කල යුතුයි.නිසි අවධානය නොමැති වීමෙන් පාඩු සිදුවිය හැකියි.අනතුරු ආදියෙන්ද ප‍්‍රෙවිශමි වීම යෝග්‍යයි.රැුකියා කටයුතු පිලිබ`දව තරමක අතෘප්තිකර බවක් යෙදෙනු ඇත.නමුත් යමි යමි කාලවලදී මුදල් වාසි අත්විය හැකියි.උපතින් අනපේක්ෂිත ධනයක් ස`දහා අවස්ථාව තිබුණේ නමි එවැනි වාසි තත්වයන් උදාවිය හැකියි.

විවාහය තුලදී අනෝන්‍ය අවබෝධය අවශ්‍ය වන කාලයකි.මෙම කාලයේ වැය වන මුදල් අතැමි විට පසුකලීනව ලාභ ලැබිය හැකි මාර්ගයන් බවට පත්විය හැකියි.දේපොල ආදිය මිලදී ගැනිමට මෙම කාලය අයහපත් නොෙවි.
අධ්‍යාපනික කටයුතු ස`දහා කාලය සුදසුයි.නමුත් බාධාවන් හා උදාසීන තත්වයන් ඇති විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.

දත් ආශිත පීඩාවන් සිරුරේ යට ප‍්‍රදේශවල යමි පීඩාවන් අනතුරු ආදිය ඇති විය හැකියි.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


10.මකර ලග්නය
පොදු කටයුතු ස`දහා යොමුවන්න.

ඔබගේ ලග්නය මත කේතු පැමිනෙන අතර රාහු සත්වැන්න මත යෙදෙනු ඇත.සිතුවිලි නිසාම කටයුතු වලට බාධාවීමි යෙදිය හැකියි.පැවති තත්වයට වඩා යහපත් බවක් යෙදෙනු ඇත.සෞඛ්‍ය තත්වයේද යහපත් බවක් යෙදෙනු ඇත.තරමක වියදමි සහිත බවක් යෙදෙනු ඇත.වියදමට පෙර හොදින් සොයා බලා කටයුතු කිරිම යෝග්‍ය වනු ඇත.වංචා ආදියට හසුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.

විවාහය සහකරු පිලිබ`දව අවධානය අවශ්‍ය වනු ඇත.සුදසු වයසේ අයට මංගල යෝජනාවන්ද ඇති විය හැකියි.පොදු කටයුතු හවුලේ කටයුතු ස`දහා කාලය අයහපත් නොෙවි.මහජන සුව සහන කටයුතු ස`දහා යෙදීමෙන් යමි ප‍්‍රසිද්ධියක් හෝ හොද හිත වර්ධනය විය හැකියි.

අධ්‍යාපනික කටයුතු ස`දහා කාලය අයහපත් නොෙවි.නමුත් කැපවීමෙන් හා උදාසීනත්වය බැහැර කර කටයුතු කරන්න.හිස ආශිතව පීඩාකාරි තත්වයන් ඇති විය හැකියි.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 


11.කුමිභ ලග්නය

ආදායමි මාර්ග දියුණුෙවි. අධ්‍යාපනයටත් යහපත්.

රාහු සයවැන්න මතටත් කේතු දොලොස්වැන්න මතටත් පැමීණිම යහපති.කරදරකාරී තත්වයෙන් සහනය හිමියි.සොර සතුරු කරදරයෙන් ආරක්ෂිතයි.රැුකි රක්ෂා හා ව්‍යාපාර ආදියෙන් දියුණුව හිමියි.ආදායමි තත්වය යහපත් වනු ඇත.රැුකී රක්ෂා ආදියෙහි උසස් වීමි බලාපොරොත්තු වන අයට එම තත්වයන් හිමි වනු ඇත.අසනීප ආදියෙන්ද සුව සහනය හිමි වනු ඇත.

පහත් සේවකයන්ගෙන් කටයුතු ඉටු වනු ඇත.විවාහය ද යහපත්ෙවි.පැවති බාධාවන් අවම වනු ඇත.

උදරය ආශිතව පීඩාවන් ,තුවාල ආදිය ඇති විය හැකි නිසා ප‍්‍රෙවිශමි වන්න.

අධ්‍යාපනික කටයුතු ස`දහාද යහපත් වු කාලයකි.

 

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>



12 මීන ලග්නය
යහපත් තත්වයක් පිලිබ`දව බලාපොරොත්තු තබා ගත හැකියි.

පස්වැන්න මතට රාහුද අයස්ථානය මතට කේතුද යෙදෙන මෙම ග‍්‍රහ මාරුව සමස්ත වශයෙන්  යහපත් බවක් උදාකරන බවට නිෙවිදනයකි.ආදායමි තත්වය පැවති තත්වයට වඩා යහපත් වනු ඇත.රැුකීරක්ෂා කටයුතු වලදී තරමක් අතෘප්තිකර බවක් ඇති විය හැකියි.වගකීමෙන් හා කැපවීමෙන් රැුකීරක්ෂා කටයුතු වල යෙදීම සුදසු වනු ඇත.මුදල් වියදමෙදී රැුවටිලි ආදියට හසුවිය හැකි නිසා ප‍්‍රෙවිශමෙන් කටයුතු කරන්න.

දරුවන්ගේ ශිෂ්‍යයන්ගේ කටයුතු පිලිබ`දව සොයා බැලීමක් අවශ්‍ය වනු ඇත.ඇතමි විට ඔවුන් නිසා සහන ශීලි තත්වන් මෙන්ම පීඩාකාරී බවක්ද සිතට දැනෙනු ඇත.ගේදොර කටයුතු ,දේපොල ආදිය පිලිබදවත් සොයා බැලීම සුදුසුයි.ගර්භිණි මවුවරුවන් ප‍්‍රෙවිශමෙන් කටයුතු කරන්න.ගෘහ ජීවිතයද සහනශීලි බවක් හිමිකර දෙනු ඇත.පේ‍්‍රම සබදතා ආදියෙදී ප‍්‍රෙවිශමි වන්න.
අධ්‍යාපනික කටයුතු ස`දහා මිශ‍්‍රපලදායි බවක් යෙදෙනු ඇත.

රාහු වෙනුවෙන් යෙදෙන වත් පිලිවෙත් >>

 

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles