Article-image-2015-04-04මේෂ ලග්නයේ පළමු අංශක 15 ඇතුළත චන්ද්‍රයා තැන්පත් වී ඇත්නම් ඔවුනගේ ලිංගික ශක්තිය ඛෙහෙවින්ම වැඩි දියුණු කෙරේ. මෙම ලග්නගත චන්ද්‍රයා සමග අ`ගහරු හා සිකුරු සංයෝග වීම හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක් වු විට ඔවුන් ලිංගික රමණයේදි වැඩි කාලයක් මිඩංගු කොට සිය සහකරු හෝ සහකාරිය වඩාත් සතුටුමත් භාවයට පත් කිරිමට සමත් වේ. විශේෂ දක්ෂතා දක්වමින් සම්භෝග රුචිය උසස් තත්ත්වයට පත් කරයි.



අධි කාමාධික ග්‍රහයින් චන්ද්‍රයා සමග සංයෝග වීම ලිංගික ජීවිතය කෙරේ යහපත් තත්ත්වයක් ඇති කරනු ලැබුවද සෙනසුරු කේතු වැනි ග්‍රහයින් චන්ද්‍රයා සමග සංයෝග වීම හෝ ඔවුන්ගේ දෘෂ්ටියට ලක්වීම ලිංගික ඉන්ද්‍රියන් තුළ දුර්වලතා ඇති කෙරෙන අතර ලිංගික ජීවිතයේදි උසස් තත්ත්වයක් ඇති නොකරයි.

චන්ද්‍රයා ප්‍රථම අංශක 15 ඇතුළත තැන්පත් වීම යහපත් භාවයක් ඇති කරනු ලැබුවද අන්තිම අංශක 15 තුළ චන්ද්‍රයා තැන්පත් වු විට ලිංගික සේවණයේදි දක‍ෂතා හා වෙනත් සමත්කම් දැක්වීමට අපොහොසත් වේ. කාමාධික ග්‍රහයින් සමග සම්බන්ධ වුවද උසස්ම සම්භෝග රසයක් උද්දීපනය කිරිමට අපොහොසත් වේ. සෙනසුරු කේතු වැනි දුර්වල ග්‍රහයින් සමග සම්බන්ධ වු ලිංගික රමණයේදි යම් උදාසීන තත්ත්වයක් ඇති කරයි.

ශරීර ශක්තිය වැඩි වුවද ලිංගික ශක්තිය හීන කෙරේ. මෙවැනි පුද්ගලයන් තුළ ලිංගික කාර්යයේදි සමත්කම් දක්වන ප්‍රතිශතය පහළ මට්ටමක පවතී.
ලිංගික ජීවිතයේ අක්‍රියකාරි තත්ත්වය නිසා විවාහයෙන් පසුව විවිධ අතවරයන්ට ලක් වු කාන්තාවකගේ ජන්ම පත්‍රය තුළින් මෙම කරුණු විමසා බැලූවහොත් ඉහත ස`දහන් කරුණු තවදුරටත් සනාථ වේ. ඇගේ කේන්ද්‍රයේ ග්‍රහ බලය සටහන් වී තිබුණේ පහත ස`දහන් ආකාරයෙනි.

2015-04-04-kalu-1

මෙම කේන්ද්‍රයේ පවත්නා ග්‍රහ තත්ත්වය අනුව හත් වැන්න අධිපතියා වු සිකුරු නීච තත්ත්වයෙන් පසුවේ. මේ අතර අ`ගහරු, සෙනසුරු නීච බලයෙන් යුක්ත වේ. එම සෙනසුරු හා අ`ගහරුගේ දෘෂ්ටියට හත් වැන්න ලක්වේ. මෙම ග්‍රහ තත්ත්වයන් අනුව විවාහයේ ප්‍රමාදය මෙන්ම අසාර්ථක තත්ත්වයද ඇති කෙරේ.

මෙම කාන්තාව විවාහයට පත් වූයේ වයස අවුරුදු 34 දීය. හත අට අධිපතියන් නීච තත්ත්වයෙන් පසුවන අතර හත් වැන්න සෙනසුරුගේ හා අ`ගහරුගේ දෘෂ්ටියට පාත්‍ර වේ. දුර්වල තත්ත්වයට පත් සිකුරු සමග කේතු හා බුධ සම්බන්ධ වී ඇත. මෙහි බුධ බල තත්ත්වයෙන් පසු වුවද එමගින් ලිංගික ජිවිතය සම්බන්ධයෙන් යහපත් පිටු බලයක් ඇති නොවේ.

පවත්නා ග්‍රහ තත්ත්වය යටතේ ඇය ලිංගික ජීවිතය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක් වු අතර සමහර අවස්ථාවලදි ඇගේ සැමියා තර්ජන ගර්ජන මධ්‍යයේ ඇයට ලිංගික සේවනයේ යෙදීමට සිදු විය. ඇය මෙසේ ලිංගික ජීවිතය කෙරේ දක්වන අකැමැත්ත නිසා පවුලේ විවිධ ආරාවුල් ඇති විය. මෙවැනි තත්ත්වයක් ඇති වුයේ හත් වැන්න හැම අතින්ම දුර්වල තත්ත්වයට පත්වීම හා ලිංගික ජීවිතයට සම්බන්ධ ග්‍රහයින්ගේ දුර්වලත්වය නිසාය.

වයස අවුරුදු පනහ ඉක්මවන විට කාන්තාවන් විශාල සංඛයාවක් ඇසුරු කළ පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහනක් පහත දැක්වේ.

2015-04-04-kalu-2

හත් වැන්න අධිපති සිකුරු දෙවැන්න තුළ ස්වෙක‍ෂත්‍ර තත්ත්වයට පත්ව ඇත. මෙම සිකුරුගේ දෘෂ්ටියට අ`ගහරු හා චන්ද්‍රයා ලක් කෙරේ. චන්ද්‍රයා නීච තත්ත්වයෙන් පසුවේ. එපමණක් කොට නවාංශක කේන්ද්‍රයේ චන්ද්‍රයා නීච වී ඇත.

හතර වැන්න අධිපතියා වශයෙන් චන්ද්‍රයා නීච තත්ත්වයට පත් වු විට ලිංගික ඛෙලහීනතා හෝ ලිංගික ශක්තියේ දුර්වලකම ඇති වුවද කාමාධික ග්‍රහයින් සමග සම්බන්ධ වු විට තත්ත්වය බල නොපවත්වන අතර ලිංගික ශක්තිය කීප ගුණයකින් වර්ධනය කෙරේ.
හත් වැන්න අධිපති සිකුරු ලග්න කේන්ද්‍රයේ බලවත් මෙන්ම නවාංශක කේන්ද්‍රයේද බල තත්ත්වයෙන් පසුවේ. එබැවින් සිකුරුගේ බල තත්ත්වය ඛෙහෙවින්ම වැඩි වේ. සිකුරු බල තත්ත්වයට පත් වු විට ලිංගික ශක්තිය පමණක් නොව වෙනත් සම්පත් මෙන්ම සමාජ තත්ත්වයද උසස් කෙරේ. එම තත්ත්වයන් ද ඔහුගේ ලිංගික සේවනය කෙරේ වැඩි වශයෙන් බලපා ඇත.

චන්ද්‍රයා නීච තත්ත්වයෙන් පසු වුවද සිකුරු හා චන්ද්‍රයා අතර සප්තම දෘෂ්ටියක් ඇති කරයි. මෙම සිකුරු හා චන්ද්‍රයා තැන්පත්ව ඇත්තේ විවාහයට සෘජු සම්බන්ධතා පවත්නා ස්ථාන තුළය. ඒ අතර සිකුරු හත් වැන්න අධිපතියා බැවින් ලිංගික ජීවිතය කෙරේද බලපෑම් ඇති කරයි. මෙහි චන්ද්‍රයා නීච තත්ත්වයෙන් පසුවන හෙයින් තරාතිරම සමාජ තත්ත්වය නොසලකා ලැඛෙන අය සමග ලිංගික සේවනයේ යෙදීමට කැමැත්තක් දක්වයි.

සෙනසුරුගේ දෘෂ්ටියට හත් වැන්න ලක්වන අතර බුධ හා චන්ද්‍රයා අතරද  යම් සම්බන්ධතාවයක් පවතී. සෙනසුරුගේ දෘෂ්ටියට බුධ ලක්වේ. මෙවැනි පුද්ගලයන් ලිංගික ජීවිතයේ විවිධත්වය වැඩි වශයෙන් අපේක‍ෂා කරයි. ඔහු ලිංගික ආශාවන් පිරිමැසීමේදි කායික හා මානසික වශයෙන් උපරිම රසාස්වාදයක් ලබා ගනී. එක් කාන්තාවක ගෙන් පමණක් සතුටට පත් නොවේ.

මෙම කේන්ද්‍රයේ අ`ගහරු සමග කේතු සංයෝග වි ඇත. එහෙත් මෙම දෙදෙනා සමීපතම අංශකවල තැන්පත්ව නොමැති හෙයින් මෙම යෝගය තුළ බලවත් භාවයක් නොපවතී. අ`ගහරු සමග කේතු සම්බන්ධ වු විට ලිංගික ශක්තියේ යම් දුර්වලතා ඇති වුවද මෙහි එවැනි තත්ත්වයක් නොමැත. සිකුරුගේ දෘෂ්ටියට අ`ගහරු ලක්වන විට ලිංගික ශක්තියේ වර්ධනයක් ඇති කරයි. ස`දු සිකුරු දෘෂ්ටිය බලවත් ආකාරයෙන් පවත්නා අතර සිකුරු හා අ`ගහරු අතර දෘෂ්ටි බලයක් පවතී. එහෙයින් ඔහුට තම කාමරාශී භාවය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති කළේය. බොහෝ අවස්ථා වලදි තම ලිංගික තෘප්තිය උදෙසා තෝරා ගත්තේ තම තත්ත්වයට නොගැළපෙන කාන්තාවන්ය. චන්ද්‍රයා නීච තත්ත්වයට පත් වු විට උසස් තත්ත්වයෙන් පසුවන අයට වඩා පහත් මට්ටමේ කාන්තාවන් සමග ඇසුරට ලැදියාවක් දක්වයි.

තුලා රාශිය වු හත් වැන්න තුළ කේතු සතුරු බල තත්ත්වයෙන් යුක්ත වේ. මෙම ස්ථානයේ කේතු සිකුරු සමග සංයෝග වු විට සිකුරුගේ බල තත්ත්වය නිසි ආකාරයෙන් කි්‍රයාත්මක නොවේ. මෙම යෝග භල තත්ත්වය නිසා සමහර අවස්ථාවලදී තම තත්ත්වයට නොගැළපෙන පුද්ගලයන් සමග ලිංගික ජීවිතයට අවතීර්ණ වීමේ ප්‍රවණතාව වැඩි කෙරේ. ලිංගික ජීවිතය කෙරේ පවත්නා ආශාවන් වැඩි වුවද ඒ සම්බන්ධව ඇති දක‍ෂතාවන් අඩු වේ. එවැනි තත්ත්වයක් පැවැතියද අනියම් ලිංගික සම්බන්ධතා ගොඩනගා ගැනීමට කැමැත්තක් දක්වයි. මෙම හත්වැන්න තුළ පවත්නා යෝග කාරක බල තත්ත්වය චන්ද්‍රයාගේ දෘෂ්ටියට ලක් වුවහොත් ලිංගික ජීවිතය කෙරේ සිහින මවා එමගින් සතුටට පත් වේ.

මේෂ ලග්න හිමියන්ගේ හිත පාලනය කිරිමේ වගකීම ඇත්තේ චන්ද්‍රයා වෙතය. මෙසේ හත් වැන්න තුළ සිටින සිකුරු කේතු සංයෝගය චන්ද්‍රයා ලග්නයෙන් බැහැර වෙනත් ස්ථානයක සිට දකී නම් නිතර ලිංගික ආශාවන් හිත තුළ වර්ධනය වේ. එසේ වුවද ඔවුන්ගේ ලිංගික ශක්තිය උසස් තත්ත්වයෙන් නොපවතී. මානසික වශයෙන් ලිංගික සුවයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. රාහු තුලා රාශියට මිත්‍ර ග්‍රහයෙකි. එබැවින් මෙම හත් වැන්න තුළ සිකුරු සමග රාහු සම්බන්ධ වු විට සිකුරුගේ බල තත්ත්වය යහපත් වේ. එබැවින් ලිංගික ශක්තිය තුළ යම් වර්ධනයක් ඇති කෙරේ. එහෙත් මෙම ස්ථානයේ සිකුරු හා රාහු සමග අ`ගහරු හා චන්ද්‍රයා සම්බන්ධ වු විට අතිධාවක කාම යෝගයක් ඇති කරයි. එබැවින් මෙවැනි පුද්ගලයන් එක් අයෙකු ගෙන් සතුටට පත් නොවේ. ලිංගික ජීවිතය කෙරේ හඹා යෑමට සමත් වේ. එසේම ඔවුන් තුළ උපරිම ලිංගික ශක්තියක් පවතී.

හත් වැන්න අධිපතියා වු සිකුරු නීච තත්ත්වයට පත් වීම විවාහ ජිවිතයේ සාර්ථක භාවයට බලවත් හානියකි. මෙසේ හත් වැන්න අධිපතියා නීච තත්ත්වයට පත්වීම නිසා ලිංගික ජීවිතයේ යම් යම් දුර්වලතා ඇති කෙරේ. නීච තත්ත්වයට පත් සිකුරු සමග කේතු, බුධ, සෙනසුරු වැනි ග්‍රහයින් සම්බන්ධ වු විට ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඇති උනන්දුව හා උද්යෝගය හීන වේ. ඒ සම්බන්ධයෙන් නොරිස්සුම් ගති ඇති වේ. තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයා සමග සේවනයට ඇති කැමැත්ත අඩු කෙරේ.

පේ‍්‍රමදාස කළුතන්ත‍්‍රී

Premadasa Kaluthanthri Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles