20200418Article imageඔබගේ විවාහය සිදුවන කාලය පිලිබ`දව ජන්ම පත‍්‍රය තුලන් විමසිය හැකියි. බොහෝ විට රූපය , උගත් කම , යහපත් පවුල් පසුබිමි , යාන වාහන , උසස් රැුකියා මෙන්ම සැලකිය යුතු ආර්ථික තත්වයක් තිබුනද යමියමි හේතු මත විවාහය සිදු නොවුන අය සිටිති. ඇතමෙක්ට විවාහයක් ස`දහා උවමනාවක් නොමැති වුවත් ඇතමෙක් විවාහයක් සිදුකර ගැනිම ස`දහා බලවත් උත්සාහයක යෙදනුත් විවාහය ප‍්‍රමාද වන බවද ඔබ දැක ඇත.


විවාහය සිදුවන කාලය පිලිබ`දව ජන්ම පත‍්‍රය තුලින් විමසිය හැකි ආකාරය පිලිබ`දවක්් ඒ හා බැ`දුණු සෙසු කාරණා සමිබන්ධවත් මෙම ලිපියෙන් සාකචිචා කරනු ඇත.

විවාහය සිදුවන කාලයන් පිලිබ`ද කරුනු කිහිපයක් පමණක් පහත විස්තර කෙරනු ඇත.

1.හත අධිපතියාගේ මහදශා හෝ අතුරු දශාවන් වලදි විවාහය සිදුවිය හැකියි. මෙහිදි තමාගේ ලග්නයෙන් සත්වැන්නට යෙදෙන රාශිය හිමියාගේ මහ දශා හෝ අතුරු දශාවන් පිලි`බදව කියෙවි. උදාහරණ ලෙස ඔබ ෙමිෂ ලග්න හිමියෙක් නමි ෙමිෂ රාශියෙන් සත්වැන්න වන තුලා රාශියේ අධිපති වු සිකුරුගේ දශා හෝ අනු දශාවන් යෙදෙන කාලයන් පිලිබ`දව සෙවිය යුතුයි. වෙනත් ලග්න හිමියන් තමන්ගේ ලග්නයෙන් සත්වැන්නට යෙදෙන රාශි හිමියා පිලිබ`දව දත යුතුයි.

2. ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා ජන්මපත‍්‍රයේ තෙවැන්න , සත්වැන්න , එකොලොස්වැන්න ආදි ස්ථානයන් මත ගෝචරයෙන් ගමන් කරන කාල වලදි මංගල යෝග යෙදෙනු ඇත.

3.රාහු ග‍්‍රහයාට හිමි වු දශාවන් හෝ අතුරු දශාවන් තුලදි විවාහය විවාහය සිදුවිෙමි අවස්ථාවන් ඇත.

4.සත්වැන්න හිමි වු ග‍්‍රහයා සත්වැන්න මත ගමන් කරන කාලයේදි විවාහය සිදුවිෙමි අවස්ථාවන් යෙදෙනු ඇත.

5. සත්වැන්න හිමි ග‍්‍රයා ලග්නය මතද ලග්නාධිපති සත්වැන්න මතද ගෝචරයෙන් ගමන් කරන කාලයද මංගල යෝග යෙදෙන කාලයකි.

6.සත්වැන්න හිමි වු ග‍්‍රහයා සිටින නවාංශකයට ත‍්‍රිකෝණව බ‍්‍රහස්පති ගමන් කරන කාලයේදිද මංගල යෝග උදාවනු ඇත.

7. කේන්ද්‍රයේ දහනමවැනි දේකාණය හිමියාගේ දශා කාලයද විවාහය ස`දහා මංගල යෝග යෙදෙන කාලයකි, මෙම ග‍්‍රහයාගේ දශා හෝ අතුරු දශාවන් පිලිබ`දවත් විමසිම යහපති.

මෙයට අමතරව තවත් කරුනු බෙහොමයක් ඇසුරෙන්ද විවාහය ස`දහා මංගල යෝග යෙදෙන කාලයන් වශයෙන් හ`දුනාගත හැකියි .

නමුත් මෙසේ මංගල යෝග යෙදෙන කාලයක් වු පමණින්ම විවාහය සිදු නොවන බව අවබෝධයෙන් තේරුමි ගත යුතුයි. උදාහරණයක් ලෙස ෙමිෂ ලග්න හිමියෙකුගේ සත්වැන්න හිමි වන්නේ සිකුරුටයි.සිකුරු ගෝචරයන් සත් වැන්න මතට වසරකට එක් වරක් හෝ පැමිණෙනු ඇත. මෙි අනුව ෙමිෂ ලග්නය හිමි වු එක් වසරක් වු දරුවාටද ,පස් වසරක් වු දරුවාටද , විවාහය වු අයටද , වයස් ගත වු අයටද ෙමි ආදි වශයෙන් ඔනෑම වයස් කාණ්ඩයක් ඔිනෑම තත්වයක සිටින ෙමිෂ ලග්න හිමියන් වෙතට සිකුරු සත්වැන්න මත යෙදෙන කාලයේ මංගල යෝග උදා විය හැකි බව පෙනේ. නමුත් එක් වයස් දරුවාට සත්වැන්න හිමියා සත්වැන්න මත යෙදෙන පමණින් විවාහයක් සිදු නොවන බව ඔබ දන්නා කරුනකි. එසේම වසරට එක් වරක් සිකුරු සිකුරු සත්වැන්න මත යෙදෙන හැම වාරයකදිම ෙමිෂ ලග්න හිමියන් සැමට විවාහ සිදුවන්නෙත් නැත. මෙම මංගල යෝගයෙන් ප‍්‍රයෝජනයක් වන්නේ අවිවාහක මෙන්ම විවාහයක් පිලිබ`දව බලාපොරොත්තු වන නිසි වයසට පැමිණි අයට බව ඔබට වැටහෙනු ඇත. එසේම සත්වැන්න හිමි සත්වැන්නේ ගමන් කිරිමම පමණක්මි පිලිබ`දව සිතා එම කාලය තුලදි විවාහයක් සිදු විය හැකි බව පැවසිම සමිපුර්ණ සත්‍යයක් නොවන බවද වැටහෙනු ඇත.ඉහත සෙසු කරුනු සමිබන්ධයෙන්ද ෙමි අයුරින්ම අවබෝධයෙන් සිතිය යුතුයි.

විවාහය ස`දහා මංගල යෝග යෙදෙන කාලයක් යෙදෙනු පමණින්ම විවාහයක් සිදුවිමට අවස්ථාවක් නැත. ෙමි ස`දහා ජන්ම පත‍්‍රයේ තවත් කරුනු පිලබ`දවත් විමසිය යුතු බව ඔබට වැටහෙනු ඇත. එසේම ඉහත ස`දහන් කරනු ලද මංගල යෝග යෙදෙන කරුනු කිහියක් එකට යෙදෙන කාලයන්ද විවාහය සිදුවිය හැකි කාලයන් වශයෙන් සැලකිම කල හැකියි.තරමක් සාධාරණ වනු ඇත.

මංගල යෝග යෙදෙනත් එම ජන්ම පත‍්‍රය හිමියාට විවාහය ප‍්‍රමාද විය හැකි යැයි ජන්ම පතෙහි සටහන් ෙවි නමි නිසි වයසේදි ඉහත අයුරින් මංගල යෝග යෙදුනත් විවාහය සිදු නොවනු ඇත. උදාහරණ ලෙස රාශි කේන්ද්‍රය මෙන්ම වන්ද්‍ර කේනද්‍රය නවාංශකය අනුව විවාහය පමාවිමක් යෙදි ඇත්නමි මංගල යෝග යෙදෙනුද විවාහය පමා වනු ඇත.

ෙමි අනුව ජන්ම පත තුල විවාහය ප‍්‍රමාද විමි දකින්ට නොමැති නමි ජන්මපත් හිමියා නිසා වයසට පැමිණ ඇත්නමි ඉහත් කි අයුරින් මංගල යෝග යෙදෙන කාලයන් කිිපයක් එකට යෙදි ඇත්නමි විවාහය සිදුවිෙමි අවස්ථාවන් යෙදෙනු ඇත.

සත්වැන්න හිමි ග‍්‍රහයා මෙන්ම සිකුරු නිච විම විවාහය සිදුවිමය ප‍්‍රමාදයක් ගෙන දිය හැකි කරුනක් ෙවි. එසේම චන්ද්‍රයා සිටින රාශිය අධිපතියා සෙනුසරුට පමනක් සමිබන්ධ විමද විවාහය ප‍්‍රමාදය ස`දහා හේතු විය හැකියි.ෙමි අයුරින් විවාහයක් ප‍්‍රමාද විය හැකි කරුනු රාශියක් ජන්ම පිලිබ`දව සටහන් කල හැකියි. නමුත් ඔබගේ ජන්ම පතෙහි විවාහය ප‍්‍රමාද විය හැකියැයි ස`දහන් වන එක් කරුනක් සටහන් වු පමණින් විවාහය ප‍්‍රමාද නොවනු ඇත. වෙනත් කරුනු මගින් එම අශුභතාවන් ඉවත් යන බව අවබෝධ කරගත යුතුයි. නැතහොත් සුදසු වත් පිලිවෙත් ආදියෙන් බෙහෝ දුරට විවාහය ප‍්‍රමාදය අවම කරගත හැකියි. එසේම විවාහයේ ප‍්‍රමාදය තම අධ්‍යාපනික හෝ වෘත්තිය මය දියුණුව ස`දහාද උපකාර වන අවස්ථා ජන්ම පත් වල සටහන් වනු ඇත.
ඇතමෙක් යමි පොතක , පුවත්පතක හෝ ජනමාධ්‍යයක ස`දහන් වු එක් කරුනක් පමණක් සිතට ගෙන එම කරුන තම ජන්මපතෙහි සටහන් ව ඇති බැවින් විවාහය ප‍්‍රමාද ෙවියැයි සිතා සිටිති. මෙහිදි එක් කරුනක් පමණක් සටහන් වු පමණින් විවාහය ස`දහා අශුභතාවක් ප‍්‍රමාදයක් හෝ විවාහය සිදු නොවිමක් ඇති නොවන බව අවබෝධ කර ගත යුතුයි.

සිකුරු හෝ ස`දු සෙනසුරු වෙතින් අශුභ දෘෂ්ටි හෝ සංයෝග ඇති නොවි නමි විවාහයක් සිදුවන බවට එක් නිෙවිදනයකි. කුජ ග‍්‍රහයා සිකුරු වෙතින් දැකිමද විවාහයක් සිදුවිය හැකි බවට නිෙවිදනයකි. සත්වැන්න හිමි හා පස්වැන්න හිමියන්ගේ විවාහය ඉක්මන් කරනු ඇත. ෙමි අයුරින් විවාහය ඉක්මන් විෙමි හා සිදුවිෙමි අවස්ථාවන් රාශියක්ද ජන්ම පත වල සටහන් වනු ඇත.

මංගල යෝග යෙදෙනත් එම කාලවලදි සෙනසුරු අපල යෙදිමද ඇතැමි විට විවාහ අවස්ථාවන් ප‍්‍රමාද කරනු ඇත.

සත්වැන්න මත අශුභ ග‍්‍රහයන් යෙදිම විවාහය පමා කරතැයි කෙනෙක් සිතා සිටියද එම අශුබ ග‍්‍රහයන්ගේ බල දුබලතා මෙන් හිමි වන ශුභ දෘෂ්ටි ආදිය අනුව අශුබතා හෝ ප‍්‍රමාදයන් ඇති නොවනු ඇත.

ඔබගේ විවාහය දැනට ප‍්‍රමාද වි නමි ඒ ස`දහා සුදසු වත් පිලිවෙත් ආදියෙහි යෙදිමෙන් අශුභ අවම කර ගත හැකි බවද දත යුතුයි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles