Article image20171025සෙනසුරු  ග‍්‍රහයා 2017 ඔක්තෝමිබර්  26 දින සවස 2.15 තම සතුරු රාශිය වන වෘශ්චික රාශියෙන්  නික්ම සම රාශියක් වන ධනු රාශියේ අංශක 0 කලා 01 වෙත පැමිණීමට නියමිතව ඇත. ධනු රාශිය තුල සෙනසුරු 2020 ජනවාරි 24 තෙක් ගතකරනු ඇත. සෙනසුරුගේ මෙම රාශි මාරුව  ඔබගේ ලග්නය අනුව ගෙන දෙන ශුභ අශුභ මෙන්ම අශුභ තත්වයෙන් ආරක්ෂාව ස`දහා වු වත් පිලිවෙත් පහත විස්තර කෙරෙනු ඇත.


උපතින් සෙනසුරුගේ ස්ථාන ගතවීමි  මෙන්ම ස`දු ආදීන්ගේ පිහිටීමි, ගතකරන දශාවන් ආදිය අනුව එකම ලග්නයේ වුවත් මෙහි දැක්වෙන ශුභ අශුභ තරමක් වෙනස් විය හැකි බව සැලකිය යුතුයි. උදාහරණ ලෙස මෙම සෙනසුරු අපලකාලවලදී සිකුරු, බුධ හෝ ගුරු ආදීන්ගේ දශා ගතකරන්නන්ට එතරමි තදබල ලෙස අපලකාරී බවක් ඇති නොවනු ඇත.


 මෙහිදි ශුභ අශුභ දක්වා ඇත්තේ ඔබගේ ලග්න පමණක් සැලකිල්ලට ගෙන පොදු පලාපල බව අවබෝධ කර ගත යුතුයි.


1.ෙමිෂ ලග්නය
පැවති තත්වයට වඩා සහනශිලි බවක් යෙදෙනු ඇත.
ෙමිෂ ලග්නය හිමි වන ඔබට සෙනසුරු මාරුව සිදුවන්නේ ලග්නයෙන් නමවැන්න වෙතටයි.තම ස්ථාන වෙනස් වීමක් ඇති විය හැකියි.මෙම තත්වය රැුකියා ස්ථානයේ හෝ තම නිවසේ හෝ තමා නිතර නිදාගන්නා ස්ථානයේ වෙනසක් හෝ ඇති විය හැකියි.දුර ගමන් යෙදිය හැකි අතර එම කටයුතු වලදී ප‍්‍රෙවිශමි විම සුදසුයි.පපුව ආශිත ප‍්‍රදේශයන්හි දුර්වලතා ඇති අය නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කල යුතුයි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.


දේව භක්තිය වැඩිවන කාලයකි.තමාගේ හිතවත් වැඩිහිටි අයට  අශුභදායක තත්වයක් යෙදිය හැකියි.


වියදමි තරමක් වැඩි විය හැකි අතර මුදල් වියදම් කිරිෙමිදී තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න.සතුරු කරදර සිත්ෙවිදනාවන් යෙදිය හැකියි.නීතිමය කටයුතු වලදීත්  සැලකිලිමත්ව කටයුතු කරන්න.


කරන කියන කටයුතු ස`දහා බාධාවන් යෙදිය හැකියි.රැුකියා ව්‍යාපාර මෙන්ම ඥාති මිත‍්‍රාදීන් සම`ග අසුරද සැලකිලිමත්ව සිදුකල යුතුයි.
නමුත් සෙනසුරු වෘශ්චික රාශියේ ගතකල පසුගිය කාලයට වඩා සහනදායි බවක් හිමි වනු ඇත.

 

2.වෘෂභ ලග්නය
සැලකිලිමත්ව හා වගකීමෙන් කටයුතු කරන්න.


සෙනසුරු වෘෂභ හිමියන්ගේ අටවැන්න වෙතට පැමීණීම අෂ්ටම ඒරාෂ්ඨක තත්වයකි.තම තත්වයට හානි සිදුවිය හැකි අතර ඇතැමි අවස්ථාවලදී තමාට පිහිට තමාගෙන්ම පමණක් සිදුවනු ඇත.වෙනත් අයගේ මිලමුදල් හෝ සමිපත් පිලිබ`දව විශ්වාසය නොතබන්න.මිල මුදල් හි`ග තත්වයන් ඇති විය හැකියි.කරන කියන කටයුතු ස`දහා බාධාවන් යෙදිය හැකියි.රැුකීරක්ෂා ආදියෙහිදී නිසි වගකීමි අවශ්‍ය වන අතර රැුකිරක්ෂා කටයුතු වලදී තෘප්තිමත් බව අහිමි විය හැකියි.සිත් තැවුල් ඇති වන අතර තමා ෙමි ගතකරන්නේ අපලකාලයක් යැයි අවබා්ධයෙන් යුක්තව කටයුතු කරන්න.උපේක්ෂා සහගතව කටයුතු කිරිමෙන් සිතට සහනය දැනෙනු ඇත.


ඥාතියෙකුගේ මරණයක් සිදුවිය හැකියි.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.තම පවුලේ අයටත් අසනීප තත්වයන් යෙදිය හැකියි.හදසි අනතුරු ආදියද ඇති විය හැකියි.


සහනයක් හිමි වෙතැයි සිතා නරක ඇසුරට යොමු වීමෙන් හා අනවශ්‍ය සබ`දතාවන් ඇති විමෙන් විවිධ කරදර යෙදිය හැකි නිසා මෙම අපලකාලය තුල දක්වා ඇති වත් පිලිවෙත් ආදියෙහි යෙදෙමින් ධාර්මිකව ගතකිරිම වඩාත්ම සුදසු වනු ඇත.


3.මිථුන ලග්නය
මිශ‍්‍රපලදායි බවක් යෙදෙනු ඇත.


මිථුන ලග්නයේ සත්වැන්න මතට සෙනසුරු  පැමිණිම මිශ‍්‍රපලදායි බවක් හිමි කර දිය හැකියි.


තම විවාහ සහකරු සම`ග අවබෝධයෙන් යුක්තව කටයුතු කලයුතු කාලයක් වනු ඇත.විවාහය තුල ගැටලූ යෙදිය හැකි නිසා සැලකිලිමත්වීම යෝග්‍යයි.මුදල් තත්වයේද දියුණුවක් නොදැනෙන අතර හවුල් කටයුතු මුල්‍යමය ගනූදෙනු අදියෙහිදී සැලකිලිමත්ව කටයුතු කරන්න.හිතවත් කමි ආදියට බාධාවන් යෙදිය හැකි කාලයකි.අන්‍යයන් සම`ග ගොඩනගාගත් ගිවිසුමි එක`ගතා ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න.


තම සෞඛ්‍ය තත්වය පිලිබ`දවද සැලකිල්ල අවශ්‍ය වනු ඇත.ලෙඩ රෝග ,ලිංග ආශිත ප‍්‍රදේශයන්හි  ආබාධ ,වාත ,අජීරණ ,යෙදිය හැකි අතර ශරීර ශක්තියද තරමක් හින වන බවක් දැනිය හැකියි.විවාහ සහකරුගේද සෞඛ්‍ය තත්වය පිලිබ`දව අවධානය අවශ්‍ය වනු ඇත.
වෙහෙසකර ගමන් යෙදිය හැකියි.අනවශ්‍ය වියදමි යෙදෙන කාලයකි.

 

4.කටක ලග්නය
සතුරන්ගෙන් ජය හිමි ෙවි.


කටක ලග්නය වෙත සහනශිලි තත්වයක් යෙදෙන ග‍්‍රහ මාරුවකි.සෙනසුරු කටක ලග්නයේ සයවැන්න වෙතට පැමිණෙනු ඇත.සතුරු කරදර ආදියෙන් සහනය හිමි වනු ඇත.විවාහ ජීවිතයේ සැප හිමි වන කාලයකි.හිතවතුන් සම`ග ගමන් බිමන් යෙදෙනු ඇත.


මුල්‍යමය තත්වයද යහපත් බවක් ඇති කරයි.ආදායමි හිමි වනු ඇත.සෙසු අයගේ උපකාර හිමියි.සේවා ස්ථානයේ ප‍්‍රධානීන්ගේ අවශ්‍යතා හ`දනා කටයුතු කිරිමෙන් තමාටද වාසි හිමි වන කාලයකි.ණය තුරුස් ආදියෙන් නිදහස් විය හැකියි.සාමාජයේ යමි ප‍්‍රසිද්ධියක් ඇති වනු ඇත.


නීරෝගී සුවයද හිමි යි.ලෙඩ රෝග පැවතියේ නමි එයින්ද යමි සහනශිලි තත්වයක් යෙදිය හැකියි.


සමස්ත වශයෙන් ජීවිතයේ යහපත් බවක් හිමි වන ග‍්‍රහ මාරුවකි.


5. සිංහ ලග්නය
බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් සුභ සිද්ධිය යෙදෙනු ඇත.


සෙනසුරුගේ පැමිණිම සිවිවැන්න වෙතටයි.තම සිත දමනය කරමින් කටයුතු කරන්න.පහසුවෙන් ෙබිරුමි කරගත හැකිව ඇති කරුනු කලබලවීමෙන් විශාල කරදර බවට පත්විය හැකි කාලයක් නිසා නුවනැතිව බුද්ධයෙන් කටයුතු කරන්න.සු`එ වරදකට වුව විශාල දඩුවමි හිමි විය හැකි කාලයකි.


දරුවන් හෝ ශිෂ්‍යයන්ගේ කටයුතු යෙදිය හැකියි.දරුවන්ගේ කටයුතු ස`දහා වෙහෙස ඇති වන කාලයකි.


උදරය ආශිතව පීඩාවන් යෙදීමට ඉඩ ඇත.තම සෞඛ්‍ය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.


එදිනෙදා කටයුතු ස`දහා බාධාවන් යෙදිය හැකි අතර ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ස`දහාද කැපවිමි අවශ්‍ය වනු ඇත.


6.කන්‍යා ලග්නය
තම සෞඛ්‍ය පිලිබ`දව සැලකිලිමත් වන්න.


පස්වැන්න මතට සෙනසුරු පැමිණෙනු ඇත.ගෘහ ජීවිතයේ කටයුතු වලදී සැලකිලිමත් බව හා අවබෝධය හා සන්සුන් බව අවශ්‍ය වනු ඇත.ගේ දොර පිලිබ`දව කටයුතු යෙදෙනු ඇත.අ`එත් වැඩියාවන් හෝ වෙනත් වියදමි හෝ වෙහෙස වීමි ඇති වනු ඇත.නොවිසදී ඇති යමි දේපොල  පිලිබ`දව  හෝ වෙනත් ප‍්‍රශ්නයක් ඉස්මතු විය හැකියි.ෙමිවා විසදා ගැනිමට හොද කාලයකි.


අධ්‍යාපනික කටයුතු ස`දහා කැපවීම අවශ්‍ය වන කාලයක් වනු ඇත.


සැලසුමකට අනුව නව කටයුතු ඇරබීමත් අයහපත් නොෙවි.අනාගත දියුනුව ස`දහා මෙම කාලයේ ගන්නා තීරණ වැදගත් වනු ඇත.
තම සෞඛ්‍ය තත්වය කෙරෙහි අවධානය යොමු කරන්න.තම මා පියන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහිදි සැලකිලිමත් බව අවශ්‍ය වන අතර තම මාපියන් හා ඥාතීන් සම`ග කටයුතු කිරිෙමිදී උපේක්ෂා සහගත වීමි සුදුසුයි.


මිශ‍්‍රපලදායි බවක් හිමි වන ග‍්‍රහ මාරුවකි.


7.තුලා ලග්නය
ධනය  හිමි වනු ඇත.


සෙනසුරු පැමිණෙන්නේ තෙවැන්න වෙතයි.ශුභපල හිමි වන ග‍්‍රහමාරුවකි.නමුත් දියුණුව ස`දහා තරමක බාධාවන් ඇති විය හැකියි.සිතේ තරමක් අසහනකාරී තත්වයන් යෙදිය හැකියි.


දේපොල ආදියෙහි දියුණුවක් යෙදිය හැකියි.පැවති තත්වයට වඩා සහනශිලි බවක් දැනෙනු ඇත.ධනලාභ යෙදේ.යමි ආකාරයකින් මුදල් වැය වුවත් ඒවා අනාගත වියදමි වනු ඇත.එනමි කෙරන වියදමි හී ප‍්‍රතිපල හිමි වන්නේ අනාගත කාලයේදී විය හැකියි.ගේ දොර දේපොල ආදිය මිලදී ගැනීමි ස`දහාද ඉඩකඩ යෙදිය හැකියි.උත්සාහයෙන් ප‍්‍රතිපල යෙදෙනු ඇත.


මංගල යෝග යෙදෙන කාලයකි.මහලූ අයගෙන්ද වඩිහිටියන්ගෙන්ද උපකාර හිමි වනු ඇත.අධ්‍යාපනික කටයුතු ස`දහාද අයහපත් නොෙවි.වෙනස් යමක් ඉගෙනගැනිමටත් කටයුතු යෙදිය හැකියි.

 

8. වෘශ්චික ලග්නය
අරපිරිමැස්මෙන් කටයුතු කරන්න.


සෙනසුරුගේ පැමිණිම ධනස්ථානය වෙතයි.මුදල් පිලිබ`ද වු කටයුතු වලදි සලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.මුදල් ආයෝජනය කලයුත්තේ මනාලෙස සොයා බැලීමෙන් පසුවයි.ධන හානි ඇති විය හැකි අතර හිමි වන ආදායමි තමා වෙත ඉතිරි කර ගැනීමටද බාධාවන් ඇති විය හැකියි.හිමි විමට ඇති ආදායමිද හිමි වන්නේ බාධාවන් හා ප‍්‍රමාදයන් ඇති වීමෙන් පසුවයි.පහත් අයගේ ඇසුර හිමි විය හැකි අතර නිකරුණේ ඇවිදමි ඇති විය හැකියි.රැුවිටිලි හා වංචාවන්ට හසුවිය හැකි නිසා කල්පනාකාරී ව කටයුතු කරන්න.
හදසි අනතුරු ආදියෙන්ද ප‍්‍රෙවිශමි ව කටයුතු කරන්න. කතාබහ කිරීමෙදීත් මනා සිහිකල්පනාව අවශ්‍ය වනු ඇත.


ශරීීරයේ යමි දුර්වලතාවන් යෙදිය හැකියි.දත් මුල් දියවීමි ඇති විය හැකි මුඛයේ යමි පීඩාවන් යෙදිය හැකියි.


අධ්‍යාපනික කටයුතු ස`දහා කැපවිම අවශ්‍ය වනු ඇත.


9.ධනු ලග්නය
උපේක්ෂාවෙන් සහනය හිමියි.


සෙනසුරු ධනු ලග්නය වෙතට පැමීණිමට නියමිතයි.ශනි ලග්නය මත යෙදෙන විට ජීවිතයේ ආකාරය වෙනස් වනු ඇත.වගකීමි දැඩිව දැනේ.දිර්ඝ කාලීන කටයුතු ස`දහා යොමු වීම සුදුසුයි.සිත ධර්මය පිලිබදව අවබෝධයවෙත යොමු වන කරුනු ඇති වනු ඇත.සිතේ සහනයට බාධාවන් ඇති වන කාලයකි.


ආදායමි හිමි වීමි ස`දහා ප‍්‍රමාදයන් යෙදිය හැකි අතර අනවශ්‍ය වියදමි ඇති විය හැකියි.විවාහ සහකරුගේ සෞඛ්‍ය තත්වය පිලිබ`දව සැලකිලිමත්ව කටයුතු කරන්න.සිතේ තරමක කාර්ය බහුල බවක් ඇති වනු ඇත.එක් කටයුත්තකින් සහනය හිමි වන විට වෙනත් දෙයකට පැටලෙනු ඇත.


හදිසි අනතුරු,විපත්ති යෙදිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු වල යෙදෙන්න.


අධ්‍යාපනික කටයුතු වලදීදි නිසි සැලකිලිමත් බව අවශ්‍ය වන අතර සිතට දැනෙන උදාසීනත්ව පාලනය කරමන් කටයුතු කරන්න.


10 මකර ලග්නය
අනවශ්‍ය මුදල් වැයවීමි ඇති විය හැකියි.


දොලොස්වැන්න වෙතට සෙනසුරු පැමිණෙනු ඇත.නිකරණේ මුදල් වැය විමි ඇති විය හැකියි.ඔබ සමාජය සම`ග කොතරමි හො`දින් කටයුතු කලද ඔවුන්ගේ සහයෝගය නොලැබී යන අවස්ථාවන් ඇති විය හැකියි.ඇතැමි විට ඈත් වීමක් ඇති විය හැකියි.බොරු චොදනාවන් ඇති විය හැකියි.සිත් තැවුල් ඇති විය හැකි කාලයකි.රැුකීරක්ෂා ආදියෙහි දියුනුවට බාධාවන් යෙදෙන අතර හිමි වීමට ඇති දෙය පවා හිමි වන්නේ බාධාවන් මැදයි.ඇතැමි විට අවසාන අවස්ථාෙවිදීත් වෙනස් වීමි ඇති විය හැකියි.


රජය සමිබන්ධ කටයුතු වලදීත් සැලකිලිමත්ව කටයුතු කරන්න.ජීවිතයේ වටපිටාවේ වෙනස්වීමි ඇති කල හැකියි.බිය ,සැකය ,අධික වියදමි ,සතුරන් නිසා උවදුරු ,නීතිමය කටයුතු ,පවුලේ ගැටලූ ,නොසතුටින් යෙදෙන ගමන් ,අසමගිය සෙනසුරු දොලොස්වැන්න මත යෙදෙන විට ඇති කල හැකියි.


විභාග ආදියෙදීත් නිසි සැලකිලිමත් බව අවශ්‍ය වනු ඇත.


11.කුමිභ ලග්නය
ආදායමි හිමි වන සහනශිලි ග‍්‍රහමාරුවකි.


ඔබගේ ලග්නය හිමියා අයස්ථානය වෙතට පැමිණිම යහපතකි.සෙනසුරුට අයස්ථානය යහපත් වන අතරම ලග්නාධිපති වශයෙන්ද අයස්ථානය මත යෙදීම වඩාත් යහපත් වනු ඇත.


සිතේ පැවති බලාපොරොත්තු ඉටු වනු ඇත.මුදල් හිමි වීමි ,දේපොල හිමි වීමි ,සුදසු අයට මංගල යෝග ,උසස්වීමි ,ප‍්‍රසිද්ධිය ,ගෞරවය හිමි වන කාලයකි.රැුකියා හෝ ව්‍යාපාරික කටයුතු ස`දහා යමි බාධාවන් තිබුනේ නමි එයින්ද සහනශිලි තත්වයක්ම ඇති වන කාලයකි.මහලූ අයගේ උපකාර අවවාද හිමි යි.ජීවිතයට දියුණුව හිමි වන කාලයකි.අ`එතින් මහලූ හෝ පරිනත මිත‍්‍රයන් හෝ හිතවතුවන් හ`දුනාගැනීමක් ඇති විය හැකියි.හදිසි ධන ලාභ හිමි වනු ඇත.


අධ්‍යාපනික කටයුතු ස`දහා යහපත් බවක් ඇති ෙවි.

 

12 මීන ලග්නය
වගකීමෙන් කටයුතු කරන්න.


වගකීමි පැහැර හැරීම ඔබගේ පරිහානියට හේතු වන කාලයකි.කෙටි මාර්ගයන්ට යොමු නොවී සැලසුමකට අනුව කටයුතු කලයුතු කාලයකි.සැලසුමි සහගත බවින් යුතු වීම තුලින් ඔබට හො`ද නම,වෘත්තිය ,ගෞරවය ,ආරක්ෂා කර ගත හැකියි.කෝපය ,ආරවුල් ,මුදල් හානි ,ඔිපාදුප ,අධික වියදමි මෙම කාලයෙදි ඇති විය හැකියි.නව රැුකියා ස`දහා යොමු වන්නේ නමි නිසි සොයාබැලීමකින් පසුව යොමු වීම යෝග්‍ය වනු ඇත.


සිත් ෙවිදනාවන් ,ශරීර ආබාධ ,හෘදයාබාධ ඇති අය නිසි වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න.පාද ආශිතව පීඩාවන් යෙදිය හැකියි.රෝහල් ගතවීමිද ඇති කල හැකියි.


මෙම අශුදායක තත්වය මතත් තම සහනශිලි තත්වයන්ද යෙදෙන මිශ‍්‍රපලදායක ග‍්‍රහමාරුවකි.උපේකෂා සහගතව කටයුතු කිරීමෙන් සහනය දැනෙනු ඇත.


අධ්‍යාපනික කටයුතු ස`දහා යොමුවන්නේ නිසිලෙස කැපවීමෙන් කටයුතු කරන්න.

 

සුදසු වත් පිලිවෙත්
බෞද්ධයන් ස`දහා.
වසර 2020 තෙක් සෙනසුරු අපල ආදියෙන් සහනය පිණිස විෂ්ණු දෙවියන් වෙතට බාර වන්න.


රැුකීරක්ෂා දියුණුව හා සතුරු කුමන්ත‍්‍රණ ආදියෙන් ආරක්ෂාව ස`දහා ගමිභාර දෙවියන් වෙනුවෙන් පලතුරු පුජාවක් පවත්වා ආශිර්වාදය හිමි කර ගන්න.


අපගේ වෙබි අඩවියේ ස`දහාන් ශිව දෙවියන් වන්දනා කරන ස්ත්‍රොතය භක්තිමත්ව කියවන්න.


වැඩිහිටි නිවාසයකට හෝ වැඩිහිටි අයට හැකි අයුරින් උපකාර ,දාන පිරිනමන්න.


සෙනසුරාද දිනවල ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.


පාද ආබාධිත යාචකයෙකුට කැකුලූ සහලේ බතක් දන් දෙන්න.


රැුකියාවක යෙදීමට අපහසු වයස්ගත හෝ අබාධ අයට හැකි ආකාරයෙන් උපකාර කරමින් තමාගේ රැුකියා දියුණුව සැලසේවා යැයි පතන්න.


නිවසේ තෙරුවන් නැමැද කරණිය මෙත්ත සුත‍්‍රය ,ජයපිිරිත , අභිසමිබිදාන පිරිත කියවන්න,


වෙනත් ආගමි භක්තිකයන් ස`දහා.


තම ආගම අනුව පල්ලියකට හෝ  ශාන්තුවරයෙකුට වසර 2020 තෙක් බාරවන්න.


වැඩිහිටි නිවාසයකට හෝ වැඩිහිටි අයට හැකි අයුරින් උපකාර ,දාන පිරිනමන්න.


සෙනසුරාද දිනවල ගිතෙල් මිශ‍්‍ර කිරිබත් ගුලි 9 බැගින් කපුටන්ට දෙන්න.


පාද ආබාධිත යාචකයෙකුට කැකුලූ සහලේ බතක් දන් දෙන්න.


රැුකියාවක යෙදීමට අපහසු වයස්ගත හෝ අබාධ අයට හැකි ආකාරයෙන් උපකාර කරමින් තමාගේ රැුකියා දියුණුව සැලසේවා යැයි පතන්න.


ධාර්මිකව හා ආගමට අනුකූලව කටයුතු කරන්න.


ඔබගේ අපල පීඩාවන් දුරුවී  ඉදිරි අනාගතය වාසනාවන්ත ෙවිවා.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles