Article image20170611පහත දක්වෙන්නේ ෙමිෂ ලග්නය හිමියන්ගේ  ලග්නය ඇසුරෙන් වන සමාන්‍ය තොරතුරු වන අතර තම තමන්ගේ ජන්ම පත‍්‍රයේ ඇති වෙනත් ග‍්‍රහ යෝග හා බලවත් වු ග‍්‍රහයන් නිසා මෙම තොරතුරු තරමක් වෙනස් විය හැකි බව ද දත යුතුයි.



මේෂ ලග්නයෙන් උපන්නෝ ගමන් කිරිෙමිදී තරමක් නැමී ගමන් කරන ස්භාවයක් දර්ශණය ෙවි.දික්වු බෙල්ලක් හිමියි.මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්ත වු යහපත් අ`ග පස`ග හිමියන් වෙති.

සිතේ පහල වන අරමුණ ඉටු කරගැනීමට ඉදිරියට ගමන් කරන්නෝ වෙති.ඇති වන බාධාවන් යමි ආකාරයකින් හෝ ජයගැනීමට උත්සාහක යෙදෙනු ඇත.ෙමිෂ ලග්නයේ අධිපති වන කුජ සටන් කාමී ග‍්‍රහයෙක් වු බැවින් ෙමිෂ ලග්න හිමියන් කෙරේද මෙම ස්භාවය තරමක් ඉස්මතු වනු ඇත.තමාට අවශ්‍ය දෙය අවශ්‍ය ෙවිලාවට කෙසේ හෝ ලබා ගැනීෙමි උත්සාහයක යෙදේ.තරමක ආත්මාර්තකාමී ස්භාවයක් ජන්මියා කෙරේ දර්ශණය වනු ඇත.

අනතුරු සහිත දෙයට මුහුණ දීමට රුචියක් ඇත.ව්‍යාපාර සැලසුමි කිරිමට සුදුසු නොවෙතත් ඒවා පාලනය කරගෙන යාමෙි දක්ෂතා යෙදෙනු ඇත.කඩිසර ගතියක් යෙදේ.ස්ත‍්‍රියක් නමි තම ස්වාමි පුර්ෂයාටත් පුරුෂයෙක් නමි තම බිරිදටත් හැර සෙසු අයට හිස නැමිමට කැමති නැත.සහකරුට හො සහකාරියට භක්තිමත් වෙයි.බඩගිනි ඉසිලිය නොහැක.නිතර කෑම ගනියි.තරමක අහංකාර බවක් සිත තුල යෙදෙනු ඇත.

ආතතියක් දැරිය හැකියි. ඉක්මනින් තිරණ ගෙන කෙරන විධායක් හෝ කාර්මික අංශ හෝ වගකීමි හා දක්ෂතා අවශ්‍ය  රැුකියාවන් ස`දහා සුදසු ෙවි.

වාද විවාද ස`දහා එතරමි සුදසු නැත.ජය ගන්නට නුපුලූවන් වු විට යමි ප‍්‍රශන්යක් මතු කර උපක‍්‍රමයෙන් ජය හිමි කර ගැකිමට සිතයි.නමුත් වහා වැටහෙන නුවණක් යෙදෙනු ඇත.සුු`එ දෙයට කැමති නැත.හදිසියේ කරුනු වෙනස් කරන මුත් ස්ථිරව යමක් කල යුතුයැයි සිතූ විට එය අවදානය තෙක් පවත්වාගෙන යා හැකියි.

දුර්වලතාවන් හැටියට නොවිසිලිමත් බව හා සාමධානයට අකමැති බව පෙනේ.

මේෂ ලග්න හිමියන් ආදරයෙදී  අවංක ස්භාවයක් දර්ශණය ෙවි.ඔවු්න් සතු සරල හා සිත්ගන්නා සු`එ බව නිසා පෙමිවතා හෝ පෙමිවතියගේ බැදීම ඇති කරනු ඇත.ලගන්නා පෙනුම ,ආදරය කීරිමට බිය නැති බව ,කල්පවතින සෙනෙහස ඔවුන් සතු මුලික ලක්ෂණ ෙවි.ප‍්‍රබල ස්භාවය තරමක් ලිහිල් කිරිමෙන් හා ඉවසිලිමත් වීම තුලින් ප‍්‍රීතිමත්ව ජීවිතය ගෙන යා හැකියි.

මේෂ ලග්න හිමි කාන්තාවෝ ස්වාධිනව කටයුතු කරති.ආගන්තුක සත්කාරයට රුචි වු වත් මහා ඉහලින් තම ගෘහස්ත පරිසරය ගරන කතා බහ කරති.තම සැමියන් තමා අනුන් ඉදිරියෙහි ප‍්‍රශංසා කිරිමත් හොද්න් බලා ගැනීමත් බලාපොරොත්තු වෙති.සාමාන්‍යයෙන් මෙම බිරියන් තම සැමියා තමන් යටතට ගත්තත් ඹවුනට ගෞරවයෙන් සැලකුව හොත් පුරුෂයාට ආදරය කරති.කලහකාරීය එසේම පේ‍්‍රමවන්තය පාලනය කල හැක්කේ උපායෙන් හා ඉවසිලිමත් වීමෙනි.ෙමිෂ ලග්න හිමි බිරියන් තරමක් කිපෙන සු`එ අය වෙති.

සිංහ ,තුලා ,ධනු ලග්නයෙන් උපන් අය මෙිෂ ලග්න හිමියන් හා වඩාත් ගැලපෙනු ඇත.

ජය අංක 9 ,1  ෙවි .4 හා 8 යහපත් වන අතර 2,3,5 සමාන්‍යයයි.

ශුභ වර්ණ රතු ,කහ ,රන්වන්

වාසනාවන්ත මැණික් රතු කොරල් මැණිකක් තඔ හෝ රීදි මුදදක සාදා අ`ගහරුවාදා දිනයක උදේ වරුවේ පුදපුජා පැවැත්වීමෙන් පසුව පැළදවීම යෝග්‍යයි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles