20170128 2Article image2017 නව අවුරුදු උදාව 2017 අපේ‍්‍රල් මස 14 දිනයේ පාන්දර 2.04 යෙදීම නියමිතය.  පුණ්‍ය කාලය ස`දහා වෙන්වන්නේ 2017.4.13 දිනයේ සවස 7.40 ත් 14 වෙනිදා උදේ8.23 ත් අතර කාලය වේ. මෙම පුණ්‍ය කාලයේ අපරභාගය තුල  යෙදෙන ශුභ නැකත්  ඇසුරෙන් අහාර පිසීම ,වැඩ ඇල්ලිම ,ගණු දෙනු ,ආහාර අනුභවය සුදසු වනු ඇති. එසේ යෙදෙන නැකත් සංස්කෘතික දේපාර්තෙමින්තුවේ අනුග‍්‍රහය සහිතව සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් වසරක් පසා ඉදිරිපත් කරනු ඇත.



 ඒ අනුව 2017 නව වසේර  ආහාර අනුභවය ස`දහා ශුභ නැකත ලෙස 2017 අපේ‍්‍රල් 14 දිනයේ උදේ 7.05 ඉදිරිපත් කර ඇත.මෙම අවස්ථාව වන විට උදාවන්නේ මේෂ ලග්නයයි.මෙිෂ ලග්නයට අනුව ග‍්‍රහයන් ගේ පිහිටීම පහත දැක්වෙනු ඇත.

20170128 1

මෙහිදි සෞභාග්‍යකාරක මෙන්ම නමවැන්න හිමි වු ගුරු දුෂ්ට ස්ථානයක් වන සය වැන්න තුල යෙදෙනු ඇත.ධනස්ථානය හිමි වු සිකුරු උචිච බලයෙන් යුක්තව වුවත් යෙදෙන්නේ වැයස්ථානය මතයි.අයස්ථානය මත කේතු යෙදෙනු ඇත.අධ්‍යාපනය පිලිබ`දද නිෙවිදනය ති‍්‍රකෝණස්ථානයක් වන පස්වැන්න මත රාහු සතුරුව යෙදී ඇත.මෙම අතර නැකතේ වඩාත්ම සැලකිය යුතු ස`දු වඩාත් අනිටු ස්ථානයක් වන අටවැන්න මත නීච ව යෙදීම වඩාත් ම කනගාටුදායක වනු ඇත. මෙම ලිපියේ ඉදිරියේ දැක්වෙන මුහුුර්ති චින්තාමණියේ සටහනින් ශුභ නැකත් ස`දහා ස`දු බලවත් කරවීමෙි අවශ්‍යතාව මනාව පැහැදිලි කර දී ඇත.පස්වැන්න හිමි රවි ලග්නය මත උචිච වීමද ලග්නහිමි කුජ ධනස්ථානය මත වීමද තරමක් යහපත් යැයි කිව හැකි පිහිටීමි වෙි. නමුත් නැකත ස`දහා ගුරු සිකුරු හා ස`දු වෙතින් හිමි කර ගත හැකි ශුබපල නිසි ලෙස නෙලා නොගත් බවක් දක්නට ඇත. සමස්ත ග‍්‍රහ බලය පිලිබ`ද සැලකීමෙිදි මෙම අවස්ථාව නව අවුරුදදේ යහපතක් බලාපොරොත්තුව කටයුතු අරබන්නෙකු වෙත සුදසු යැයි කිව නොහැකි බව ඔබටම අවබෝධ වනු ඇත.

නමුත් එදිනම ෙමිෂ ලග්නයට ප‍්‍රථමව යෙදෙන මීන ලග්නය හා එහි ග‍්‍රහ පිහිටීමි පිලිබ`දව පහත දැක්වේ.

20170128 2

ඵලදායි රාශියක් වු මීන ලග්නය ස`දහා එයටම හිමි වු මීන නවාංශකය උදා වීි ලග්නය බලවත් කරනු ඇති.මීන ලග්නය මත යෙදුනු සිකුරු උචිච බලයෙන් යුක්තව මාලවී යෝගය උදාකර දී ඇත.මාලවී යෝගය ශුභපල හිමි කරදෙන වටිනා යෝගයකි.එසේම සෞභ්‍යාග කාරක  ලග්නාධිපති හා දසවැන්න හිමි  වු ගුරු ලග්නයට කේන්ද‍්‍ර වෙමින් සත්වැන්න මතඅංශක 23 ක යෙදෙමින්  අංශක 29 පමන වන  ලග්න ස්ථුටයද දකිනු ඇත.ගුරුටම හිමි වු වීසා නැකතද මෙම මොහොත වෙනුවෙන් උදාව ඇත.


රවි බුධ යෝ්ගය ධනස්ථානය මතයි. බුධ යනු සිවිවැන්න හා සත්වැන්න හිමියා වීමද සැලකිල්ලට ගත යුතු කරුනකි.රවි උචිච බලයෙන් යුතුව යෙදී ඇත.අයස්ථානය හිමි වන සෙනසුරු දසවැන්න මත  යෙදෙනු ඇත.
අධ්‍යාපනය ඇතු`එ වඩාත් වැදගත් දේ  පිලිබ`ද නිෙවිදනය වන ත‍්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්න හිමි වන ස`දු උසස් අධ්‍යාපනය පිලිබ`දව හා තවත් වැදගත් කරුනු  නිෙවිදනය වන බලවත් ත‍්‍රිකෝණ ස්ථානයක් වන නමවැන්න මත යෙදීම වඩාත් ශුභදායකය.නමවැන්න හිමි වු කුජ මිතුරු ගුරුට නමවැන්නේ යෙදෙමින් ලග්නයෙන් නමවැන්නත් ස`දුත් දකිනුුු ඇත.කුජ හා ගුරු ඇසුරෙන් දෘෂ්ටි මය ධර්මකර්මාධිපති යෝගයක්ද ගොඩනැගී ඇත.මෙහිදි නැකතින් ශුභපල වඩාත් ඉස්මතු කිරිම ස`දහා ස`දු වෙත හිමි විය යුතු නිසි තැනක ස`දු සීටි.තවදුරටත් විමසීෙමිදි ධර්මස්ථානය වන නමවැන්න මත යෙදෙනු ස`දු ලග්නය මත මාලවී යෝගය උදාකරන ලද සිකුරුටද ත‍්‍රිකෝණ වීම යහපත් වනු ඇත.නවාංශකය ඇතුලූ ෂඩි වර්ගය තුලද ස`දු ගේ පිහිටීම යහපත්ෙවි.ස`දු අවපස වුද තෙවන තිථිය මත වීම යහපති.තෙවැන්න හා සයවැන්න මත නෛසර්ගික පාපී වු කුජ හා රාහු යෙදීමත් සාර්ථක පිහිටීමි වනු ඇත.


මෙම කරුනු පිලිබ`දව විමසුෙමිදි මේෂ ලග්නය උදාවන අවස්ථාවට වඩා මීන ලග්නය තුල නැකත යොදා ගැනීම නව වසර තුල ශුභපල බලාපොරොත්තු වන්නෙකුට වඩාත් යහපත් බවක් පෙනෙනු ඇත.


අපගේ අදහස ආහර පිසීම ස`දහා උදේ 5.05 ට යොදා ගත හැකි බවයි.13 වෙනිදා කොලඹට හිරු උදාව උදේ 6.03 වන බැවින්   රවිගේ රවි පංචම හෝරාව තුල වීමත් ශුභදායක වනු ඇත.මෙම අවස්ථාව වන විටත් උදාවන්නේද ඉහත කී ප‍්‍රශස්ත ග‍්‍රහ බලයෙන් පෝෂිත වන මීන ලග්නයම වනු ඇත.


ආහර අනුභවය ස`දහා උදේ 6.01 යොදා ගැනීම සුදුසුසි.එිදින උදේ 6.01 වන විටත් ඉහත කී මීන ලග්නයේ අංශක 29 ක් උදාව පවතිනු ඇති.නුමත් මෙම අවස්ථාව වන විට උදාව වන්නේ රවිගේ ගුරු පංචම හෝරාව වීම අශුභයැයි  සිතුනද උක්ත මීන ලග්නය ඉතාමත් ශුබදායක වු ග‍්‍රහ බලයෙන් වු පෝෂනය හමුවේ මේ කුඩා අශුභතාවය නොසලකා හැරිය හැකියි. එසේම ඉහත පැහැදිලි කරන ලද මේෂ ලග්න වෙත ඇති වු දුර්වල ග‍්‍රහ බලය හා සසදන විට ඉතාමත්ම අල්ප වු අශුභතාවක් මෙම ගුරු පංචමයෙන් යෙදිය හැකි වුවත් එම අශුභතාවයත් වුවද මීන ලග්නය මත යෙදෙන උසස් ග‍්‍රහබලය මත ඉවත් ව යනු ඇත.මුහුර්ති චින්තාමණියේද උසස් ග‍්‍රහ බලය මත දෝෂ බංග වන බව ස`දහන් ෙවි.


(මහුර්තචින්තාමණියෙ සටහනින් කොටසක්   - සියලූ කර්මයට යොදන ලද යමි ලග්නයක් ඇද්ද ,ඒ ලග්නයට දහවන ලග්නාධිපතිගේ බලද ,චන්ද්‍රයාගේ බලද ,දුටු කල්හි සර්ව ග‍්‍රහ බලම පැමිණේ.එකල්හි විෂමස්ථානවල සිටි ගුරු ,රවි ,ශුක‍්‍ර,ශනි ,බුධ ,කුජ ,රාහු ,කේතු යන ග‍්‍රහයන්ගේද ,තිථි කරණ මුහුර්ත නක්ෂත‍්‍ර ,හෝරාදී දෝෂයන් ස`දු යෙදුන බල සමිපුර්ණය කරණ කොට ඒ දෝෂයන් බංග වෙයි ,කී හෙයින් යමි කලක ස`දුගේ බල යොදා මුහුර්තයන් ගත් කල සියලූ දෝෂ නැති වන හෙයින් සැක නොව ගත යුතු ෙවි.තවද යෙදෙන ලද චන්ද්‍රයාගේ බලය නිසා එම ආධාරයෙන් අනික් ග‍්‍රහයන්ට පංච බලයක් ෙවිලු   - ඉන් නිසා චන්ද්‍ර බල තෙම අබල නොවු කල මලකට උපමා වන්නේ ය.


එමෙන් චන්ද්‍රයා අනික් ග‍්‍රහයන් බලත් ලබන බවද , මල නැති කල `එල නැති වන්නාක් මෙන් චන්ද්‍ර බල නැති කල්හී අනික් ග‍්‍රහ බලත් නැති වන්නේ යි. ගන්නා ලග්නය සතර කේන්ද්‍රයෙහිද  ත‍්‍රිකෝණයෙහිද බලයෙන් ශුභ ග‍්‍රහයන් පැමිණි කල්හි රික්තා විෂ්ටි දෝෂ භංග වන්නේය.


ගන්නා ලග්නය බ‍්‍රහස්පතිගේ දෘෂ්ටිය තබාගත් කල්හි නැකත් වාර ,රාසිද ,ග‍්‍රහයන්ගෙන්ද  වන් දෝෂ පහ වන්නේයි.කිවි ( සිකුරු ) සිටි ලග්නයෙන් වැඩ කල දසදහසක් දෝෂද ,ගුරු සිටි ලග්නයෙන් වැඩ කල සියලූ දෝෂද භංග ෙවි.)
ඉහතදී් අප ඉදිරිපත් කරන ලද ආහාර පිසිම ස`දහා වු නැකතත් ( උදේ 5.05) සහ ආහාර අනුභවය ස`දහා වු  නැකතත් ( උදේ 6.01 ) අතර ඇත්තේ මින්ත්තු 56 ක කාලයකි.මෙම කාලය කිරිබතක් පිසීම ස`දහා මද යැයි කෙනෙකුට සිතිය හැකි වුවත්් පසුගිය වසර කිහිපයේ ම පැවතියේ මිටත් වඩා අඩු වු කාලයන් බවද එම කාලයන් තුලදී කෙසේ හෝ නැකතට කටයුතු කල බවද මතක් කල යුතුයි. (2014 ආහාර පිසිම උදේ 10.17 වන අතර අනුභවය උදේ 11.05 වු අතර කාලය මිනිත්තු 48කි.2015 දී ආහාර පිසීම පස්වරු 2.05 සහ අනුභවය 2.42 විට ආහාර පිසීමට කාලය මිනිත්තු 37 කි.2016 දී පිසීම රාතී 8.06 වු අතර අනුභවය රාත‍්‍රි 8.54 වීමෙන් ආහාර පිසිම ස`දහා මිනිත්තු 48 පමණක් යෙදී තිබුණි.)
එසේම පහත කරුණත් අවබෝධ කර ගත යුතුය.


අප වෙසින් යෝජිත අවුරුදු නැකත් ග‍්‍රහ බලයෙන් පෝෂිත වු අවස්ථාවන් වන අතර ග‍්‍රහ බලය යෙදෙන සුදසු ශුභ ෙවිලාවන් අපට පහසුකලට ෙවිලාවට උදා නොවන බවද දත යුතුයි.එසේම අවුරුදු නැකත් ස`දහා යොදා ගත හැක්කේ පුණ්‍ය කාලයේ අපරභාගය පමණක් වීමද තවදුරටත් කාලයට සීමාවන් ඇති කරනු ඇත. නැකතින් හිමි වන සාර්ථක ප‍්‍රතිපල ඔබට පහසු ෙවිලාවක පහසු පරිදි නැකත් යොදා ගෙන කටයුතු කීරිමෙන් ලද නොහැකියි.ඉතාමත් අගනා ග‍්‍රහ බලයෙන් යුක්තවු එහෙත් ප‍්‍රයෝ්ගිකව අපහසුතාවන් යෙදෙන ෙවිලාවල යෙදුන ශුභ නැකත් එම අපහසුතා නොසලකා  කටයුතු කර නිසි පල නෙලා ගත් ශුභ නැකත් භාවිතා කල ඇත්තෝ ශුභ ග‍්‍රහ බලයේ වටිනාකම දනිති.


කෙසේ හෝ ඉහත විස්තර කරන ලද පරිදි 2017 වසරේ ශුබ නැකත් ස`දහා මේෂ ලග්නයට වඩා මීන ලග්නය වඩාත් සුදසු  බව ඹබට පැහැදිලි වනු ඇත.

 ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදීන් ගේ තවත් ලිපි

Flasiih

20170404

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles