Article image20160817විවාහ කටයුතු පිලිබ`දව ප‍්‍රධාන වශයෙන් නිවෙිදනය වන්නේ ජන්ම පත‍්‍රයේ ලග්නය ,දෙවැන්න,සිවිවැන්න,සත්වැන්න ,අටවැන්න හා දොලොස්වැන්න යන ස්ථානයන් මගිනි.මෙම ස්ථානයන් එහි සිටින ග‍්‍රහයන් හා එම අධිපතියෝ ලබන  ග‍්‍රහ දෘෂ්ටි මෙන්ම විවිධ ස්ථානගතවීමි මත ආදාල ජන්ම පත් හිමියාගේ විවාහය ප‍්‍රමාද වීම හෝ පත්වාගෙන යාමෙිදි යමි ගැටලු ආදිය යෙදිය හැකි බව නිවෙිදනය වෙි.


 බොහෝ දෙනෙකුගේ අදහස සත්වැන්න මත රාහු ,කේතු ,කුජ ,සෙනසුරු වැනි ග‍්‍රහයෙකු සීටීම ම`ගින් තම විවාහය වෙත විශාල අර්බුධ හා අශුභකාරී තත්වයන් යෙදිය හැකි බවයි.නිතර මෙි පිලිබ`දව අපවෙතින් විමසන්නන් බහුල වීමත් සෙසු  මෙම ගැටලුවට මුහුන දී ඇත්තතන් වෙත යමි අවබෝධයක් ලබා දීමත් අපගේ අදහසයි.මෙම ලිපිය කියවීමෙන් මෙවැනි ග‍්‍රහයෙකු සත්වැන්න මත යෙදීම ම තම විවාහය ස`දහා බාධාවන් ඇති නොකරන බවත,් ඇතැමි විට  එවැනි ග‍්‍රහයෙකු සත්වැන්න මත යෙදීමම විවාහයේ යහපත පිණිසම සිදුවන බවද ඹබට ලිපිය කියවීමෙීදී අවබෝධ වනු ඇත.


 කුජ වැනි ග‍්‍රහයෙකු සත්වැන්න මත යෙදුනද බලවත් සිටින ගුරු වැනි ග‍්‍රහයෙකුගේ ශුභදායක දෘෂ්ටියට ( දැකීමට * ලක්වීම වැනි කරුනු මත අශුභතාවන් මගහැරෙනු ඇත.ගුරු හා කුජ රාශි දෙකක හෝ එකම රාශියක් යෙදෙමින් අංශක ගණනින් සමීප වීමත් දොස ම`ගහැරීමට හේතු වෙි.වෙනත් ශුභ ග‍්‍රහයෙකුගේ දැකීමට කුජ ලක්වීමද මෙම අශුභතා ම`ගහැරෙන අතර මෙම අශුභකාරී තත්වයන් ම`ගහැරී යන තවත් අවස්ථා රාශියක් පිලිබ`දව ජ්‍යෙතිෂයේ සටහන් වෙි.


තව දුරටත් පැහැදිලි කීරීමට මෙසේ පැවසිය හැකියි 1970  අගොස්තු 24 දින සිංහ රාශිය වෙත පැමිණි කුජ 1970 ඹක්තෝමිබර් 11 දිනය දක්වා එහි සිටියේය.සිංහ රාශිය කුමිභ ලග්නයේ සත්වැන්න වන අතර දිනයකට කුමිභ ලග්නය පැය දෙකක් පමණ යෙදෙන අතර මෙම කාලය පුරාම කුමිභ ලග්නයෙන් උපදින සැමගේම කුජ සත්වැන්න මත සටහන් වනු ඇත. එසේනමි කුජ සත්වන්න මත යෙදුන සෑම විටම විවාහ ගැටලු යෙදේ නමි මෙම කාලය පුරා උපත ලද කුමිභ හිමියන් සැමගේම විවාහය පිඩාකාරී විය යුතුයි.එය එසේ නොවනු බව ඹබටම සොයා බැලිය හැකියි.සෙසු ග‍්‍රහයන් පිලිබ`දවද මෙසේ සිතා අවබෝධ කරගත යුතුයි.සෙනසුරු යමි ස්ථානයක ආසන්න වශයෙන් වසර දෙකහාමාරක් සිටිනු ඇති අතර රාහු හා කේතු ආසන්න වශයෙන් වසරකට අධික කාලයක් එක් තැනත සිටිනු දැකිය හැකිය.


එසෙම් තම ජන්ම පත‍්‍රය තුලින් අ`ගහරු දෝෂය ,කුජ දෝෂය ,භෞම දෝෂය යන නමි වලින් කියවෙන එකම දෝෂය භංග වීමක්  (ඉවත් වීමක් * සිදුනොවන අවස්ථාවක විවාහය ස`දහා එකී ජන්මපත‍්‍රය සම`ග ගැලපෙන ජන්මපත‍්‍රයක් සහිත අයෙකු හා විවාහය සිදුකීිරීම ම`ගින්ද දෝෂය ම`ගහැරී යනු ඇති.(සත්වැන්නේ යෙදෙන වෙනත් පාපි ග‍්‍රහයෙකු ස`දහාද මෙම ක‍්‍රමය අනුගමනය කල හැකියි*. උදාහරණ ලෙස සත්වැනනේ කුජ ඇති ජන්ම පත‍්‍රයක් හා සසදන අනෙක් ජන්මපත‍්‍රහිමියා සත්වැන්න මත කුජ සිටින ජන්ම පත‍්‍රයක් හිමියෙකු වීම හෝ 1,2,7,8,12 තැනක කුජ ඇති ජන්මපත‍්‍රයක් හිමියෙකු ඉදිරිපත් කල හැකිය.එසේ නොවෙතත් අ`ගහරු හෙවත්  කුජ  සත්වැන්න මත යෙදීමෙි අශුභතා වෙනත් ග‍්‍රහයෙකු සත්වැන්න මත යෙදීම අනුවද ම`ගහරිය හැකි අවස්ථා යෙදෙන අතර සත්වැන්න ,අටවැන්න,දොලොස්වැන්න ,ලග්නය ආදී ස්ථානයන් පිලිබ`දව සැලකීමෙන් දෝෂය ඉවත් වෙිදැයි බැලිය හැකියි.ඒ සදහා ජන්ම පත‍්‍ර නිසි පරීක්ෂාවක් කල යුතුය. අ`ගහරු සත්වැන්න මත තමාගේම රාශියක වීම ,කටක රාශියේ වීම ආදියද දෝෂ ඉවත් වීමට හේතු වනු ඇත.


කුජ සත්වැන්න මත යෙදීම විවාහ වන සහකරු ස`දහා අශුභතාවන් ඇති කරනු ඇතැයි එක් වරම කිව නොහැක.කුජ සත්වැන්න මත යෙදීමෙි යහපත් තත්වයන් ලෙස හිමි වන සහකරු හෝ සහකාරිය කාර්යසුර්ය අයෙක් බවට පත්විය හැකියි.වෘෂභ , කටක ,තුලා හිමියන්ගේ කුජ සත්වැන්න මත යෙදීමෙන් රුචක නැමැති මහා පුරුෂ යෝගය උදාවනු ඇත.මෙම තත්වය නිසිලෙස පැවසිය හැක්කේ එම ජන්මපත‍්‍රය පරීක්ෂාවෙන් පසුවය.මෙි අනුව අ`ගහරු සත්වැන්න මත යෙදුන පමණින්ම අශුභයැයි පැවසිය නොහැක. ඇතැමි විට එයම ජීවිතයට යහපතක් වු අවස්ථාද යෙදේ.


සෙනසුරු සත්වැන්න මත යෙදීම ද බොහෝ දෙනෙකු අශුභයැයි සිතන කාරණයකි.සෙනසුරු ගේ සාමන්‍ය ස්භාවය ලෞකික දේ කෙරෙහි ඇල්මක් ඇති නොකර ගැනීම ,සිටින ස්ථානයට අනුව රෝගී තත්වයන් ඇති කීරිම ,අතැමි විට අවුල් සහගත තත්වයන් ඇති කීරිම ආදිය වනු ඇති.ඇතැමි විට විවාහය තරමක ප‍්‍රමාදයක් ඇති කීරිමද සිදුවිය හැකියි.නමුත් සෑම විටම එසේ සිදුනොවෙයි.ඉහත කී ආකාරයේ අශුභදායක තත්වයන් යෙදෙන්නේ සෙනසුරු වෙනත් ග‍්‍රහයන් වෙතින් ඉතාමත් පීඩාවට පත්වී තමාම අශුභස්ථානයකට අධිපතිපති වීම හා වෙනත් ආකායෙන් දු්රවලව ඇත්නමි පමණි.නමුත් වෙනත් ග‍්‍රහ දෘෂ්ටියෙන් සැනසෙමින්  රාශියෙන්ද බලවත් වු සෙනසුරු විවාහය තුලින්ම ජීවිතයට ආලොකයක් ලබා දෙන අවස්ථාවන් මෙන්ම යහපත් වු සහකරුවෙකු හිමි කරදෙනු ඇත.නිසි කලට විවාහයක් වුවද යහපත් ව සිටින සෙනසුරු හිමි කරදෙනු ඇත.විවාහය තුල ගැටලු යෙදෙුනද විවාහය අතැර යන්නෙක් නොවනු ඇත.


සත්වැන්න මත යෙදෙන රාහු පිලිබ`ද විමසීමෙිදිත් ඉහත ග‍්‍රහයන් පිලිබ`දව පැවසු ආකාරයෙන්ම පරීක්ෂා කර බලාම තීරණය කල යුතුයි.මෙහිදි රාහුගේ ස්භාවය යමක් අවුල් කරීම ,මත්පැන් ආදියට වෙත යොමු විම,කලබලකාරී බව ,ඇවිදිලි සහගතව ,වෙිගවත් බව ආදි ඇසුරෙන් පමණක් තීරණය කලහොත් විවාහයේ යමි අවුල් සහගත බවක් මෙන්ම මත් පැනට ලොල් වු සහකරුවෙක් හිමි විය හැකි යැයි තීරණය කල හැකියි.නමුත් ජන්ම පත‍්‍රයේ සිටින්නෙ රාහු පමණක් නොවෙි.සෙසු ග‍්‍රහයන් වෙතින් රාහු ලබන ශුභ අශුභ දෘෂ්ටිය මත තත්වය වෙනස් වන අබෝධකරගත යුතුයි.ස`දු  සම`ග රාහු සත්වැන්න මත යෙදීම ජන්මියාගේ සත්වැන්න ම`ගින් නිවෙිදනය වන හැගීමි වර්ධනය කරන බව  සත්‍ය වුවත් ඉහත කී අයුරින් සෙසු තත්වයන් පිලිබ`දවද සැලකිය යුතුයි.මෙහිදි ස`දු සිටිනනේ පුර පක්ෂයේද අව පක්ෂයේදැයි විමසා තීරණ ගත යුතුයි.


කේතු සත්වැන්න මත යෙදීම විවාහයට හිමි වන සහකරු හෝ සහකාරිය තරමක් අසනීප සහිත කෙනෙකු වීම ,අදහස් සැ`ගවාගෙන කටයුතු කිරිමි ආදිය මත තරමක අවුල් සහගත තත්වයන් දෙදෙනාතුල ඇති වීම ආදිය යෙදිය හැකිි වෙතත් ඉහත කී ආකාරයෙන්ම මෙම  තත්වය පිලිබ`ද සිතිය යුතුයි.එනමි සෙසු ග‍්‍රහයන්ගේ දෘෂ්ටි සහ සත්වැන්නට යෙදුන රාශිය පිලිබ`දවද සැලකිලිමත්විය යුතුයි.


පුවත්පතක හෝ වෙනත් ජනමාධ්‍යයක රාහු ,කේතු ,ශනි ,කුජ ආදීන් සත්වැන්න මත යෙදීම විවාහය කෙරෙහි යමි බාධාවන් ඇති කල හැකි බව ස`දහන් වු සැනින් තමාගේ හෝ වෙනත් අයෙකුගේ ජන්මපත‍්‍රයේද එම කී ග‍්‍රහයෙකු සත්වැන්න මත සිටිපමණින් විවාහය අයහපත් හෝ විවාහය ප‍්‍රමාද වන්නේ යැයි සිතිය යුතු නැති බව පැහැදිලි වනු ඇත.එසේම වෙනත් කෙනෙකුගේ ජන්ම පත‍්‍රයක් පරීක්ෂණයේදී එකී ජන්මපත‍්‍රයේ සත්වැන්න මත කුජ ,ශනි,රාහු,කේතු හෝ වෙනත් ආකාරයේ අයහපත් ග‍්‍රහ යෙදුමක් ඇතැයි කී පමණින් එම ග‍්‍රහ තත්වය යෙදී ඇතිු වෙනත් ජන්මපත‍්‍රයක් දෙස බැලීමෙන් පමණක් ඹහුට හෝ ඇයටද එම අයහපත් බවම යෙදෙයැයි සීතිමද සාධාරණ නොවෙි.


එසේම කෙනෙකුගේ සත්වැන්න අධිපති වු ග‍්‍රහයා ඉතාමත් යහපත්ව හා බලවත්ව සිටීම ,චන්ද‍්‍ර ලග්නයෙන් සත්වැන්න මත අයහපත් බවක් නොවීම, චන්ද‍්‍ර ලග්නයෙන් විවාහය ශුභදායකයැයි ඉස්මතු වී තිබීම ,සත්වැන්න හිමියා ගුරු සම`ග දෘෂ්ටියෙන් හෝ ඒකරාශි වෙමින් හෝ සත්කලත‍්‍ර යෝගය ජන්ම පත‍්‍රය තුල උදාකර තිබීම පුර ස`දුගෙන් 7,8 ආදි ස්ථානයන් ගුරු ,බුධ ,සිකුරු ආදීන් යෙදීම මත යමි අශුතා යෙදුනද යහපත් ලෙස විවාහය පවත්වාගෙන යාමෙි අවස්ථා ජන්මියා වෙත හිමි වනු ඇති බව නිවෙිදනය වනු ඇත.

 

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles