Article image201608072015 ජුලි මස 15 වන දින රවිට හිමි වු සිය මිතුරු සිංහ රාශියට පැමිණි ගුරු 2016 අගෝස්තු මස 12 වන දිනයේ බුධට හිමි වු කන්‍යා රාශිය වෙත පැමිණ නීච බවට පත්වනු ඇත.මෙම ගුරු මාරුව සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අගොස්තු 11 වන දින රාත‍්‍රී 9.24 ට පමණය.කන්‍යා රාශි ගතවු ගුරු වසර 2017 සැප්තැමිබර් 12 වනතුරුම එහි ස්ථාන ගත වීමට නියමිතය.
රාශියෙන් රාශියට ගමන් ගන්නා ගුරුගෙන් ශුභපල හිමි වන්නේ ලග්නයෙන් හෝ ස`දු වෙතින් දෙවන්න ,පස්වැන්න, සත්වැන්න, නමවැන්න හා එකොලොස්වැන්න යන ස්ථානයන් වෙත ගුරු පැමිනෙන විටය.පහත දැක්වෙන පලාපල උපන් ස`දු වෙතින් විමසීම ද යෝග්‍ය වෙි.

 


1.මෙිෂ
මෙිෂ ලග්නයට ගුරු පැමිනෙන්නේ  සයවැන්න මතටය.මිශ‍්‍රපලදායක තත්වයක් උදාවනු ඇති තම කැපවීමි මත රැුකියා ආදියෙහි කටයුතු වලින් යමි ප‍්‍රයෝජන යෙදීමෙි අවස්ථාවන් සැලසේ.තම සෞඛ්‍ය තත්වය පිලිබ`දව ඹබගේ අවධානය යොමු යෝග්‍යයි.තම ආහාර පිලිබ`දව සැලකිලිමත්ව, සුදසු ආකාරයෙන් සරල ආහාර භාවිතා කීරම සුදුසුයි.එසේම සතුරු කරදර,සිත් තැවුල් ආදාය ද යෙදිය හැකි අතර මුදල් ආයොජනයේදීත් තම රැුකීරක්ෂා කටයුතු වලදීත් සැලකිලිමත්වීම සුදසුයි.ගුරු හෝ සෙනසුරු දශා ගෙවන්නෝ වඩාත් සැලකිලිමත් විය යුතුය.


2.වෘෂභ 
වෘෂභ හිමි වන ඹබට යෙදෙන ගුරු මාරුව පස්වැන්න මතටයි. ශුභපලදායක තත්වයක් උදාකර දීමට නියමිතය.දරුවන්ගේ දියුණුව සැලසෙන කාලයකි.එසේම දරුපල බලාපොරොත්තු වන අයටත් ප‍්‍රතිපලදායක බවක් යෙදෙනු ඇත.ආදායමි තත්වයේද යමි සාර්ථක බවක් යෙදෙනු ඇත.වන්දනා ගමන් වැනි දුරගමන් යෙදිය හැකිය.අනපේක්ෂිත මුදල් ලාභද යෙදිය හැකි අතර තම අධ්‍යපන කටයුතු ස`දහාද ප‍්‍රතිපලදායක බවක් ගෙන දිය හැකියි.


3.මිතුන
මිතුන හිමියන් වෙතට  තෙවැන්නේ සිට සිවිවන්නට ගුරු මාරුවනු ඇත.පැවති තත්වයට වඩා යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.ගේදොර ,වතුපිටි ආදියෙහි යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකිය.වාහන දේපොල මිලදී ගනීමි ආදායද යෙදිය හැකිය.තම ආත්ම විශ්වසය දැඩි වනු ඇත.අධ්‍යාපනික කටයුතු ස`දහාත් යහපත් තත්වයක් යෙදෙනු ඇත.මෙි අතරතුර මුදල්ු හානි සිත් වෙිදනා ආදියටත් හේතු වන කටයුතු යෙදිය හැකිය.


4.කටක
කටක ලග්නයට අයත් වු ඹබට ධනස්ථානය මත සිටින ගුරු තෙවැන්න මතට පැමිණිම මිශ‍්‍රපලදායක තත්වයක් ඇති කර දිය හැකිය.කරන කියන කටයුතු ආදායෙහි දියුණුව පිණිස වෙහෙස විය යුතු කාලයකි.සතුරු හෝ රෝග පීඩා පිලිබ`දව යමි බියක් සිතට ඇති විය හැකි කාලයකි.නිශ්පල දායක ගමන් යෙදීමට ඉඩ ඇත.ආගමික භක්තිය සිතට ඇති වන කාලයකි.අධ්‍යාපන කටයුතු ස`දහා ශුභදායක බවක් යෙදිය හැකි අතර උසස් අයගේද ,ගුරුවරුන්ගේද ,පුජ්‍ය පක්ෂයේද ඇසුරු හිමි විය හැකි කාලයකි.


5.සිංහ
සිංහ හිමිව උපත ලද ඹබ වෙතට සිදුවන ගුරුමාරුව ශුභපලදායක බවක් හිමි කර දිය හැකි.මෙතක් ලග්නගතව සිටි ගුරු ධනස්ධානය වෙතට පැමිණෙනු ඇත.සිතේ පැවති අවිනිශ්චිත බව ඉවත්ව යන අතර තරමක සහනකාරී බවක් සිතට දැනෙනු ඇත.ව්‍යාපාරික වශයෙන්ද යමි දියුණුවක් හිමි විය හැකි කාලයකි.අධ්‍යාපනික කටයුතු ස`දහාත් යහපති.දරුවන්ගේ කටයුතු ආදියෙදීද යමි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.තම තැන්පත් ධනයේ යමි වර්ධනයක් යෙදිය හැකියි.කතාබහ සාරවත් වන අතර සෙසු අය ඹබගේ වචනයට ගෞරව කරනු ඇත.


6.කන්‍යා
කන්‍යා  හිමි වන ඹබ වෙතට ගුරු මාරුව සිදුවන්නේ වැයස්ථානයේ සිට ලග්නයටයි.පැවති තත්වයට වඩා යහපත් බවක් යෙදෙතත් සිතට තරමක අවිනිශ්චිත බවක් යෙදිය හැකි අතර කරන කියන කටයුතු වල දියුණුව වෙත බාධා යෙදීය හැකිය.ගේ දොර ,දේපොල කටයුතු මෙන්ම විවාහසහකරු සම`ග කටයුතු යෙදෙනු ඇත.රැුකියා උසස් වීම් ආදාය සිදුවන්නේ බාධාවීමි සම`ගයි.සිත ධර්මය වෙත යොමු වන කාලයක් වන අතර ධර්මය පිලිබ`දව අවබෝධය පිණිසත් යොදා ගත හැකි කාලයකි.ලෞකික ජීවිතය පිලිබ`දව අවබෝධයක් ඇති වනු ඇති.මෙම කාලයේ කැප වීමෙන් සිදුකෙරෙන කටයුතු ආදායෙහි නිසි පල නෙලාගත හැක්කේ ගුරු දෙවැන්නට පැමිණෙන කාලයේදීයි.


7.තුලා
තුලා ලග්නයට ඹබට අයත් නමි මෙතක් කල් අයස්ථානය මත යෙදෙන ගුරු වැයස්ථානය වෙතට පැමිණෙනු ඇත.මෙම කාලය තුල යෙදෙන වියදමි තරමක පාලනයක් හා අවබෝධයක් සහිතව සිදුකල යුතුයි.ඇතැමි වියදමි මෙන්ම කැපවීමි ආදායේ ප‍්‍රතිපල හිමි වන්නේ අනාගතයේදීයී.අ`එත් යමක් ඉගෙන ගැනීමටත් ඉඩ ලද හැකියි.තම ලිපිලේඛණ ආදිය සුරක්ෂිත කරගත යුතු කාලයකි.අසල්වාසින් සහෝදරයන් සම`ග කටයුතු තරමක් සැලකිලිමත්ව ඉටු කරන්න.විදේශ සමිබන්ධ වු කටයුතු ස`දහා යහපත් බවක් යෙදේ.කරගෙන ආ කටයුතු ස`දහා යමි බාධාවන් යෙදීමට ඉඩ ඇත.

 

8.වෘශ්චික
වෘශ්චික ලග්නයෙන් උපත ලද ඹබ වෙතට සිදුවන ගුරුමාරුව දසවැන්නේ සිට අයස්ථානය මතටයි.ශුභපලදායක තත්වයක් ඹබ වෙත යෙදීමට නියමිතයි.රැුකියා ව්‍යාපාර ආදායෙහි පැවැති බාධාකාරී තත්වයන් ඉවත් ව යනු ඇත.නමුත් දැනට ඹබ වෙත යෙදෙන සෙනසුරු ල්ග්න ඒරාෂ්ඨක තත්වය මත මෙම ශුභල ස`දහා ඇතැමි අවස්ථාවන් හිදි බාධාවන් මතු කල හැකියි.අධ්‍යාපනික කටයුතු ආදායෙහිදි දියුණුවක් යෙදෙනු ඇත.උසස්, උගත් යහපත් අයගේ ඇසුරෙන් පෝෂනයක් හිමි වනු ඇත.දරුවන්ගේ දියුණුවද සැලසෙන අතර බලාපොරොත්තු වන අයුරින් කටයුතු යෙදෙනු ඇත.


9.ධනු
ධනු හිමි ව උපත ලද ඹබ වෙතට ලග්නාධිපති ගුරු පැමිණෙන්නේ දසවැන්න මතටයි.මිශ‍්‍රපල බලාපොරොත්තු විය යුතුය.තම රැුකියා ව්‍යාපාර ආදියෙහි කටයුතු වෙත මනා සැලකිල්ලක් යෙදීම සුදසුය.නොසැලකිල්ලට ඉඩ නොතබන්න.කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අයට යමි පාඩු යෙදීමට ඉඩ ඇත.සාර්ථකත්වය ස`දහා කැපවීමෙන් කටයුතු කරන්න.තම සෞඛ්‍ය තත්වය කෙරෙහිදි සැලකිලිමත් ව කටයුතු කල යුතු කාලයකි.


10.මකර
මකර ලග්නයේ උදාව සම`ග උපත හිමි වු ඹබ වෙතට ගුරු පැමිනෙන්නේ ධර්මස්ථානය මතටයි.පැවැති තත්වයට වඩා යහපත් බවක් යෙදෙන පලදායක ග‍්‍රහ මාරුවකි.උසස් අධ්‍යාපනයේ නියතු ඹබට පලදායක් බවක් යෙදේ.පුජ්‍ය පක්ෂයේ මෙන්ම උසස් අයගේ අධාර හිමි වන ධර්මය වෙත යොමු වන කාලයකි.කටයුතු ස`දහා යෙදුන යමි බාධාවන් ඉවත් වනු ඇත.විදේශ ගමන් ,දුරපලාත්වල ගමන් ,වන්දනා ගමන් ,අධ්‍යාපනික ගමන් යෙදෙනු ඇත.නව අධයාපනික කටයුතු ඇරබීමටත් විභාග ස`දහා ඉදිරිපත් වීමටත් භාවනා ආදා කටයුතු වල යෙදීමටත් කාලය යහපත්.සෞඛ්‍ය තත්වයේද යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.පිටපලාත් සම`ග කෙරෙන ගනුදෙනු ආදියෙන් ප‍්‍රතිපල යෙදෙනු ඇත.


11.කුමිභ
කුමිභ ලග්නය ඹබගේ ලග්නය වී ඇත්නමි  ගුරුගේ පැමිණිම අටවැන්න වෙතටයි.පැවති තත්වයට වඩා කරදර සහිතයි.ව්‍යාපාරික වශයෙන් මෙන්ම සෙසු අයගෙත් ආදායමි හිමි වීමි ස`දහා යමි බාධාවන් යෙදිය හැකියි.කතාබහ කීරිමෙීදි තරමක් සැලකිලිමත්වන්න.ඥාතියෙකුගේ හෝ මිත‍්‍රයෙකුගේ හෝ වෙනවීමක් යෙදිය හැකියි.තැන්පත් ධනය වැය කීරීමෙීදිත් ඹබගේ නිසි අවධානය අවශ්‍ය වනු ඇත.පවුලේ කටයුතු වෙත ඹබගේ අවධානය අවශ්‍ය වනු ඇත.ගුරු ධර්මස්ථානය වෙතට යොමු වන 2017 සැප්තැමිබර් තෙක් කාලය ප‍්‍රවෙිශමි සහගතව හා ධර්මය වෙතට යොමුව කටයුතු කීරිම වඩාත් යෝග්‍ය වනු ඇත.

 

12.මීන
මීන රාශිය අධිපති වු ඹබගේ ලග්නාධිපති ගුරු සත්වැන්නට යෙදීම ඹබට යහපත් බවක් උදාවන බවට නිවෙිදනයකි.සෞඛ්‍ය තත්වයේ යහපත් බවක් යෙදෙනු ඇත.සුදසු වෙද හෙද කමි රෝගීන්ට හිමි වනු ඇත.සතුරු කරදර යෙදුනේ නමි ඉන්ද සහන යෙදේ.රැුකියා හා ව්‍යාපාර ආදියෙහි යමි දියුණුවක් යෙදිය හැකියි.සුදුසු වයසේ අයට මංගල යෝජනා යෙදෙන කාලයකි.ආහාර පාන මෙන්ම ජීවිතයේ වෙනත් ලෞකික සැප හිමි වන කාලයකි.හවුල් කටයුතු පොදු කටයුතු ආදියටත් යහපත්.විවාහ සබ`දතා දැඩිවනු ඇති.අධ්‍යාපනයත් යහපත් වන කාලයකි.රැුකියා අපේක්ෂකයන්ට හිමි වීමි මෙන්ම උසස් වීම බලාපොරොත්තු වන නිසි සුදසුකමි ලත් අයට හිමි තැන් හිමි වනු ඇත.


ඹබගේ උපන් නැකත අනුව ගුරු මාරුවෙි ශුභ අශුභ සාරාංශව පහත දැක්වෙි.ඉහත සුභපල යැයි සටහන් ව ඇති ලග්නයක උපතද හිමිව මෙම පහත සටහනේද ශුභදායක යැයි සටහන්ව ඇති නැකතද හිමි නමි වඩාත් ශුභදායක වනු ඇත.ලග්නයට ශුභපලදායකව උපන් නමුත් නැකතට මිශ‍්‍රපලනමි ශුභපල ස`දහා තරමක ප‍්‍රමාදයන් ඇතැමි අව්සථාවලදී යෙදිය හැකියි.සෙසු තත්වයන් පිලිබ`දවද මෙසේ සිතා තීරණය කල හැකියි.

ඹබගේ උපන් නැකත අනුව ගුරු මාරුවෙි ශුභ අශුභ

  උපන් නැකත

ශුභ" අශුභ

1' අස්විද"බෙරණ"කැති 1 පාදය මිශ‍්‍රපලදායකයි
2' කැති 2"3"4 පාද"රෙහෙණ"මුවසිරස 1"2 පාද ශූබපලදායකයි
3' මුවසිරස 3"4 පාද"අද"පුනාවස 1"2"3 පාද මධ්‍යස්තයි
4' පුුනාවස 4 පාදය"පුෂ"අස්ලිස මිශ‍්‍රපලදායකයි
5' මා"පුවපල්"උත‍්‍රපල් 1 ශූබපලදායකයි
6' උත‍්‍රපල් 2"3"4 පාද "හත "සිත 1"2 පාද මධ්‍යස්තයි
7' සිත 3"4 පාද "සා "වීසා 1"2"3 පාද මිශ‍්‍රපලදායකයි
8' වීසා 4"අනුර "දෙට මිශ‍්‍රපලදායකයි
9' මුල"පුවසල"උත‍්‍රසල 1 මධ්‍යස්තයි
10 උත‍්‍රසල 2"3"4 පාද "සුවණ"දෙනට 1"2 පාද ශූබපලදායකයි
11 දෙනට 3"4 පාද" සියාවස"පුවපුටුප 1"2"3 පාද මිශ‍්‍රපලදායකයි
12 පුවපුටුප 4"උත‍්‍රපුටුප "රේවතී ශූබපලදායකයි

 

 

ගුරු මාරුවෙි අශුතා අවමයටත් , ශුභපල ඉස්මතු වීමටත් පහත වත් පිලිවෙත් යහපත්.


ගිතෙල් මිශ‍්‍ර කිරිබත් බෝධියට පුජා කීරිම


බ‍්‍රහස්පතින්දා දිනවල පිරිසිදු සිතින් හා  භක්තිමත්ව උතුරු දීහාව හෝ ඊශානයට යොමු බෝධිපුජා පවත්වීම සුදසුයි.


භික්ෂු ,භික්ෂුණියනට  කඩල පුජා කීරිම හා ගැබිනි මවින්ට කඩල දන්දීම සුදසුයි.


පන්සල් හා බෝධිමලු නැමදීම මෙන්ම නමැදිමී පිරිසිදු කිරිමි සදහා අවශ්‍ය ඉදල් ,කොසු ලබාදීම.


භික්ෂු භික්ෂුණියන්ට සිවුරු ,අට පිරිකර, කුඩ ආදිය පුජා කිරිම මෙන්ම දානමාන ආදියත් වෙනත් සුදුසු දේත් දන් දීම ඇප උපස්ථාන කීරිම යහපති.


තම ගුරුවැන්ට සැලකීම  හා ඹවුන්ගේ ආශිර්වාදය හිමි කර ගැනීම සුදසුයි.


කහ පැහැති එලවඑ පලතුරු ආදිය සුදසු අයට දන්දීමත්  කහපහැති මල් පුජාවත් යහපති.


බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6.00 ත් උදේ 7.00 අතර තෙරුවන් නැමැදීමෙන් පසුව එලගිතෙල් පහනක් දල්වා ඊශාන දිශාවට හෝ උතුරට යොමුව පහත දැක්වෙන ස්තෝත‍්‍රය තෙවරක් කියවමින් බ‍්‍රහස්පතී අපල දුරවී සෙතක් ශාන්තියක් උදාවෙිවා යනුයෙන් ප‍්‍රාර්ථනය කරන්න.


දෙවානාංච සෘෂිනාංච - ගුරුං කාංචන සන්නිභමි
බුද්ධි භූතං ත‍්‍රිලොකස්‍ය - තං නමාමි බ‍්‍රහස්පතිමි

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles