Article image20160305ජන්මපත‍්‍රයක් තුල යමි ආකාරයක විශේෂ වු ග‍්‍රහ පිහිටීමක් යෝගයක් වශයෙන් ඉතාමත් සරලව හ`දුන්වා දිය හැකියි.  මෙම විශේෂ පිහිටිම ඇසුරෙන් අදාල ජන්ම පත හිමිකරු වෙත හිමි විය හැකි ශුභ හෝ අශුභ ජ්‍යොතිෂයේ ස`දහන් ෙවි.


මෙවැනි යෝග පිලිබ`දව පුවත්පත් වල ඇති සටහන් මෙන්ම වෙනත් ජනමාධ්‍ය හෝ විවිධ ආකාරයේ මුලාශ්‍ය ඔස්සේ දැනුවත්ව තම තමන්ගේ ජන්ම පත‍්‍ර තුල එවැනි යෝග ඇද්දැයි සොයා බලා එකී යෝගයන් හි ශුභපල හිමි නොවුයේ මන්දැයි හෝ වෙනකෙකු වෙතට යෝගයේ පල හිමිවුයේ මන්ද හෝ දෙදෙනාට වෙනස්පල හිමි වුයේ මන්ද යැයි කුහුලින් පසුවනු ඇති.
බොහෝවිට ශුභපල හිමි විය හැකියැයි ස`දහන්ව ඇති යෝගයන් පිලිබ`දව විමසිමි කෙරෙතත් අශුභපල හිමිවෙතැයි ස`දහන් වන යෝගයන් පිලිබ`දව විමසන්නෝ අල්ප වෙති.එසේම ජන්ම පත‍්‍ර පරීක්ෂාව ස`දහා යොමුවන අවස්ථාවකදී ශුභපල හිමි වන යෝගයක් ජන්මපත‍්‍රයේ ඇතැයි පැවසු විට මුව`ග ප‍්‍රභාමත් කරන හසරැුලි අශුභ යෝගයක් පිලිබ`දව පැවසීෙමිදී හැකිලි යයි. ශුභපල ගෙනෙන යෝගය ඇතැයි දැනගත් ්දා සිට කවදා යෝගයේ ප‍්‍රතිපල තමා වෙත පැමිණේදැයි එතැන් සිට විමසිල්ලෙනි.කෙසේ හෝ කුමන අයුරින් විමසුමි ඉදිරිපත් කලද ,කමන සිතුවිල්ලේ සිටීද සැමදෙනාගේම දැනුවත් විම පිණිස මෙම ලිපියෙන් උක්ත කරුණු සමිබන්ධව සරල විස්තරයක් සටහන් කෙරෙනු ඇති.


ෙමි පිලිබ`දව මීට කලකට පෙරද පුවත් පතක අප විසින් වෙනත් ලිපියක් මගින් සටහන් කලද දිනෙන් දින නැගෙන විවිධ විමසිමි මෙම නව ලිපිය කරා යොමු කරවන ලද බවද ස`දහන් කල යුතුය.


යමි යෝගයක් ජන්ම පත‍්‍රයක යෙදෙනුද එකි යෝගයේ සුපිරිසිදු බව හා බලවත් බව අනුව ප‍්‍රතිපල හිමි වීම යමි ආකාරයකින් සංශෝධනය විය හැකියි.පැහැදිලි කිරිම මෙසේ කල හැකියි.රවි හා බුධ යන ග‍්‍රහයන් දෙදෙනා යෝග වීම ජන්ම පත‍්‍ර තුල යෙදෙන සුලභ යෝගයකි.බුධ රවි ඇසුරේම යෙදෙන ග‍්‍රහ‍්‍රයෙක් නිසා රවි හා බුධ නිතරම එකම රාශියක සිටීම දක්නට ඇත.මෙම සුලභ වු රවි බුධ යෝගය උදාහරණ ලෙස ගනිමින් සෙසු තත්වයන් පැහැදිලි කෙරෙනු ඇත.


මෙම රවි හා බුධ යෝගයේ ප‍්‍රතිපල මානසාගරියෙහි සටහන්ව ඇත්තේ මෙසේයි.
විද්වානාර්යෝ රාජමාන්‍යඃ සෙවාශිලඃ ප‍්‍රියංවදං
යශස්වී ච ස්ථිර ද්‍රව්‍යෙ බුධ සුර්ය සමාගමෙ


රවි බුධ යෝගය හිමියා විද්‍යා ඉගෙන ගන්නා රජයෙන් ගරු බුහුමන් ලබන සේවාකාර්යයෙහි සමර්ථ පි‍්‍රයබස් කියන කීර්තිමත් ස්ථිර ධනය ඇති තැනැත්තෙක් වෙයි.


සාරාවලියේදී සටහන් වන්නේ ද සමාන ප‍්‍රතිපලයකි.


මෙම යෝගය උදාවුයේ රවි හා බුධ සිංහ රාශියේ සිටින විටදී නමි යෝගය බලවත් වෙයි.එනමි සිංහ රාශිය යනු රවිට අයත්ව රාශිය වන අතර එකී රාශිය බුධටද මිත‍්‍ර රාශියකි.ෙමිෂය තුල යෙදිෙමිදි රවි උචිච වනු ඇත.තුලාෙවිදි රවි නිච බවට පත්වන අතර බුධට මිත‍්‍ර රාශියකි.කුමිභ රාශිය තුලදී රවි සතුරු වන අතර බුධට එය සම රාශියක් බවට පත්වනු ඇති.ෙමි අයුරින් විවිධ රාශි මත තැන්පත් වු විට ග‍්‍රහයන් ට හිමි වන ස්භාවයේද යමි යමි වෙනස්තාවන් හිමි වන නිසා යෝගයේ යමි දුබල හා ප‍්‍රබලතා යෙදෙන බව ඹබට පැහැදිලි වනු ඇත.


මීල`ගට එකී යෝගය යෙදන ස්ථානය අනුවද ප‍්‍රතිපල වෙනස් වීමක් ඇති විය හැකියි.එනමි මෙම උදාහරණයට ගත් රවි හා බුධ යෝගය ජන්ම පත‍්‍රයේ සයවැන්න ,අටවැන්න,දොලොස්වැන්න වැනි ස්ථානයක යෙදීම උක්ත ප‍්‍රතිපල හිමිවීම ස`දහා ප‍්‍රතිරෝධිතාවයක් ඇති විය හැකියි.එසේම කේන්ද්‍ර ස්ථාන වන ලග්නය ,සිවිවැන්න,සත්වැන්න,දසවැන්න ආදි ස්ථානයක හෝ ත‍්‍රිකෝණ ස්ථාන වන පහ හෝ නමය වැනි ස්ථානයක මෙම යෝගය යෙදීම යෝගයේ යහපත් බව ස`දහා හේතු වනු ඇත.
මේ අයුරින්ම තවදුරටත් විමසීෙමිදි මෙම රවි බුධ යෝගය ධනු ලග්න හිමියන්ට විශේෂිත වු ශුභපල උදාකර දිමට සමත්වන යෝගයකි.නමුත් එකි ධනු ලග්න හිමියන් වෙත යෝගය ප‍්‍රතිපල හිමි වන්නේ යෙදෙන ස්ථානය අන්ව වෙනස් වන අයුරින් බවත් එ ස`දහා හේතුවන කරුනුත් පහත පැහැදිලි වනු ඇති.


ධනු ලග්න හිමියන්ගේ ජන්ම පත‍්‍රයක නමවැන්න අධිපති වන්නේ රවියි.දසවැන්න අධිපතීත්වය බුධ යෙදෙනු ඇති.මෙම රවි හා බුධ එක්වීම නමවැන්න ( ධර්මස්ථානය* අධිපති හා දසවැන්න (කර්මස්ථානය* අධිපති එක්වීම ධනු ලග්න හිමියාට තම ජන්ම පත‍්‍රය තුල ධර්මකර්මාධිපති යෝගය නැමැති ඉතාමත්ම යහපත් වු යෝගයක් උදාකරදීමකී.මෙම වැනි අවස්තාවකදී ජන්ම පත‍්‍ර හිමියාට රවි බුධ යෝගයට අදාල වු ශුභපල මෙන්ම ධර්මකර්මාධිපති යෝගයට හිමි වන ශුභපල වන උසස් හා සෞභ්‍යමත් ජීවිතයක උරුමය ඹහු හෝ ඈ වෙතට හිමි වනු ඇති.ඉහත දී ස`දහන් කරන ලද කරුණු හා සැසැදීමෙදී ධනු ලග්න හිමියාට වුවද යෝගය යෙදෙන රාශිය හා ස්ථානය අනුව ශුභපල වෙනස් වන බව ඹබට පැහැදිලි වනු ඇති.ධනු ලග්න හිමියෙකුගේ මෙම යෝගය දසවැන්න මත හෝ නම වැන්න මත යෙදීම ජන්මියා වෙතට ඉතාමත් උසස් අන්දමින් මෙම යෝග දෙකෙහිම ප‍්‍රතිපල හිමි වන බව පැහැදිලි වනු ඇති.


එසේම මෙම රවි බුධ යෝගය වෘෂභ ලග්න හිමියෙකු වෙත යෙදෙන්නේ නමි එි ඹහුගේ හෝ අයගේ සිවිවැන්න හා පස්වැන්න අධිපතීන්ගේ එක්වීමකි.මෙම අවස්ථාවද රවි බුධ යෝගයේ ශුභපල මෙන්ම පස්වැන්න හා සිවිවැන්න හිමියන් එක්වීෙමි ප‍්‍රතිපල වශයෙන්ද ජන්මියා වෙතට යහපත යෙදෙනු ඇත.යෙදුන ස්ථානය අන්ව තවදුරටත් යහපති.


කුමිභ ලග්න හිමියෙකුගේ රවි බුධ යෝගය යනු සත්වැන්න අටවැන්න හිමියෝ එක් කරන යෝගයකි.එය එතරමි යහපත් බව නොපෙන්වයි.මිතුන හිමියෙකුට රවි බුධ යෝගය යනු තෙවැන්න හා සිවිවැන්න හිමියන් එක් කරන යෝගයක් වන අතරම මිතුනයේ ලග්නාධිපතිද බුධ වන බැවින් එයට වීම නව බලයක් එක්කෙරෙනු ඇති.


මේ අයුරින් ඒ ඒ ලග්න වෙතද යෝගයක ප‍්‍රතිපල වෙනස් විය හැකි බවද පැහැදිලි වනු ඇත.


එසේම  යෝගයක් ජන්ම පත‍්‍රයක යෙදෙන විට යෝගය වෙත යෙදෙන වෙනත් ග‍්‍රහයන්ගේ දෘෂ්ටියද යෝගයේ ප‍්‍රතිපල යමි සංශෝධනයක් කර දීමට ඉදිරිපත් වෙති.මෙහිදී යෝගය වෙත දෘෂ්ටිය හිමි කර දෙන ග‍්‍රහයා ශුභ ග‍්‍රහයෙක්ද අශුභ ග‍්‍රහයෙක්ද යන්නත් ,ඹහුට අදාල අවස්ථාව වන විට ජන්මපත‍්‍රය තුල හිමි ව ඇති ස්ථාන අදිපතීත්වය පිලිබ`දවත් සියුමි විමසීම යෝගයේ ප‍්‍රතිපල තක්සේරුෙවි නිරවද්‍ය භාවය වෙත තියුණු කීරිමට හේතු වනු ඇති.


රවි බුධ යෝගය උදාහරණ ලෙස ගෙන පවසන ලද යෝග යෙදෙන රාශීය ,ස්ථානය ,ලග්නය ,යෝගයට සමිබන්ධ වන ග‍්‍රහයන් උදාකරදෙන වෙනත් යෝග ,ස්ථාන අධිපතීත්වය ,ග‍්‍රහ දෘෂ්ටි ආදිය මත යෝගයේ ප‍්‍රතිපල යමි ප‍්‍රමාණ වලින් වෙනස් විය හැකි බව පැහැදිලි වනු ඇත.සෙසු යෝග පිලිබ`දවද ෙමි අයුරින් තක්සේරුවක් කල යුතු බව අවබෝධවනු ඇති.
තවදුරටත් මෙම යෝග ආදියේ ප‍්‍රතිපල යෙදෙන අයුරු මෙම ලිපියේ දෙවන කොටසින් පැහැදිලි කෙරෙනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles