Article image20151118යහපත් ගුණවත් දරුවෙකු හිමි වීම තරමි දෙමාපියන් ලබන තවත් වාසනාවක් නොමැත.දරුවන් නිසාම සමාජයේ ගෞරවයට ලක්වීමට වාසනාව හිමි වන දෙමාපියන්ද වෙති.කෙසේ හෝ යහපත් දරුවෙකු සමාජ ගත කිරීමද මහත් වු පුණ්‍ය කර්මයකි.දැනුමින් ලබලයෙන් උසස් වු පසුව තම දෙමාපියන් අමතක කරන්නෝද ලතමාගේ සුඛවිහරණය හා ලෞකික දියුණුව පතා දෙමාපියන් පිලිබ`දව නොසොයා විදේශගත වන්නනෝද වෙති.දෙමාපියන්ගෙන්  කිසිත් නොලබා එහෙත් දෙමාපියන් වෙත දැඩි සෙනෙහසක් දක්වමින් දෙමාපියන් තම නෙත් මෙන් රැුකබලා ගන්නා දරුවන් හිමියන්ද සෑබෑ වාසනාවන්තයන්ම වන්නෝය.එසේම දෙමාපියන්ට සැලකිමට තරමි ආර්ථික ශක්තියක් නොමැති වීම හෝ වෙනත් ප‍්‍රශ්න ඇති නිසා සිතින් දුක් විදින දරුවෝද වෙති.


කෙසේ හෝ විවිධ වු කාරණාමත දුකට හා අගතියට පත් වන දරුවෝද දෙමාපියෝද වෙති.සමහර  අවස්ථාවලදි දෙමාපියන්ගේ වැරදි නිසා ලමා නිවාස ආදියට යොමු වන දරුවෝද ල දරුවන්ගේ නොසැලකීම හෝ ඉහත කී පරිදි විවිධ අපහසුතා නිසා දරුවන්ටද දෙමාපියන්ට සැලකීමට නොහැකි අවස්ථා වලදී වැඩිහිටි නිවාස ආදියට යොමුවන දෙමාපියෝද වෙති.


දරුවන්ගේ උපකාර හිමි වුවත් නොවෙතත් තම තමන් තමාට නොහැකි කාලයක් පැමිණෙන බව අවබෝධයෙන් තම ජීවිත රටාව සකසා ගනිමින් ධාර්මිකවම ජීවිතය ගෙනයාම වඩාත් ම සුදුසු කටයුත්ත වනු ඇති.


තමාට හිමි වන්නේ කුමන ආකාරයේ දරුවන් දැයි තමා උපන් මොහොතවන විටම ජන්මපත‍්‍රයේ සටහන් වන ග‍්‍රහයෝ නිෙවිදනය කරති.මෙම නිෙවිදන නිසි ලෙස කියවා බලා තම තමන්ට හිමි දරුවන් පිලිබ`දව දත හැකියි.

පහත දැක්වෙන්නේ ලිපියෙ කරුණු අවබෝධය ස`දහා ප‍්‍රයෝජනවත් කරුණු ෙවි.

20151118 1

ෙමිෂ (කුජ) වෘෂභ (සිකුරු)  මිතුන (බුධ)  කටක ( ස`දු) සිංහ ( රවි) කන්‍යා (බුධ) තුලා ( සිකුරු) වෘශ්චික ( කුජ ) ධනු (ගුරු) මකර (ශනි) කුමිභ (ශනි) මීන (ගුරු)


ඹබගේ ලග්නය මිතුන නමි මිතුන ඉහත සටහන් අනුව එක ලෙස ගෙන වාමාවර්තව ගනින විට පස්වැන්න වන්නේ තුලා රාශියයි.එහි අධිපති සිකුරුෙවි.ෙමි අනුව ඹනෑම ලග්නයක් සලකා එයට අදාල වු ඹනෑම ස්ථානයක්ද එම ස්ථානයට අධිපතියාද ඹබටම මෙම සටහන මගින් සොයා ගත හැකියි.

 

රජෙක් සමාන දරුවෙකු හිමි වන ග‍්‍රහයෝගයක් පිලිබ`දව භාව ප‍්‍රකාශය තුල මෙසේ ස`දහන් වෙයි.


උදයනන්දනලාභනිකෙතනා
ස්පදතප: ප‍්‍රමදාලයගා: යදී
කවිසුරේජ්‍යබුධා: නිජභොවිවගා
නෘපතිසමස්තනුජො බහුවිත්තප:


සිකුරු ලගුරු ලබුධ යන ග‍්‍රහයෝ තමතමන්ගේ උචිච රාශිවලට පැමිණ ( සිකුරු මීනයේදලගුරු කටකයේද ලබුධ කන්‍යාෙවිද උචිච වනු ඇත.) ජන්ම පත‍්‍රයක පහ නමය දහය එකොලහ යන රාශි වල යෙදේ නමිල බොහෝ ධනය ඇති රජෙක් සමාන දරවෙකු උපදිනු ඇත.


තුඩිගකෙන්ද්‍රස්ථිතෛඃ සෙෙවීරීක්ෂිතෙ යදි පඤ්චමෙ
නරපාලසමඃ පුත්‍රො ජායතෙ නාත‍්‍ර සංශයඃ


තමන්ගේ උචිච රාශි වලට හා කේන්ද්‍ර ස්ථාන වලට පැමිණි සියලූ ග‍්‍රහයෝ පස්වැන්න දකී නමි රජෙකු සමාන දරුවෙකු හිමි වන බවට සැක නැති.
එම සටහනත් භාව ප‍්‍රකාශයෙන්මය.


තමාට හිමි වන දුදරුවන් පිලිබ`දව ජන්මපත‍්‍රයේ නිෙවිදනය පස් වැන්න තුලනි.එසේම එකොලොස් වැන්න පිලිබ`දවද විමසිය යුත්තේ එකොලොස්වැන්න යනු කලතෘස්ථානයෙන් පස්ුවැන්න වන බැවිනි.මෙසේ පස්වැන්නට යෙදන ග‍්‍රහයන් ලදෘෂ්ටි ලබා දෙන ග‍්‍රහයන් ආදීන්ගෙන් තම දරුවන් පිලිබ`දව විමසිය හැකියි.නමවැන්න පිලිබ`දව විමසිමෙන් දරුවන්ගේ අධ්‍යාපනය පිලිබ`දවද නිෙවිදනයන් ලබා ගත හැකියි.


මේ අනුව පස්වැන්න වෙතට යමි යහපත් දෘෂ්ටියක් වෙනත් ග‍්‍රහයෙක් මතින් හිමිෙවි නමි එකී ග‍්‍රහයාගෙන් නිෙවිදිත කරුණු ා ග‍්‍රහයා සමිබන්ධ භාව ආදියෙන්ද දරුවන්ට සෙත සෑදෙනු ඇත.උදාහරණ ලෙස ධනස්ථානය හෙවත් දෙවැන්නට සමිබන්ධ වු ග‍්‍රහයෙකු ඇසුරෙන් පස්වැන්නට යමි යහපත් දෘෂ්ටියක් හිමිෙවි ධනය සමිබන්ධ කටයුතු ආදියෙන් දරුවන්ට යහපත සැලසෙනු ඇත.


පස්වැන්න ස්ත‍්‍රි රාශියක් වී ( වෘෂභ  කටක කන්‍යා වෘශ්චික මකර  මීන) එහි අධිපතියාද ස්ත‍්‍රි ග‍්‍රහයෙකු වී ( සිකුරු ස`දු) වෙනත් ස්ත‍්‍රි රාශියක වෙත් නමි බොහෝවිට වැඩිපුර ගැහැණු දරුවන් හිමි වනු ඇත.මකර හා මීන ලග්න වලට මෙම තත්වය යෙදිය හැකියි.


පස්වැන්න පුරුෂ රාශියක් වී ( ෙමිෂ මිතුන සිංහ ලතුලා ධනු  කුමිභ) මෙහි අධිපතීන්ද පුරුෂ ග‍්‍රහයන් වී ( රවි  ගුරු  කුජ ) වෙනත් පුරුෂ රාශියක සිටිම පිරිමි දරු උපත් වැඩි වශයෙන් යෙදෙන බවට නිෙවිදනයන් ෙවි.මෙම තත්වය ෙමිෂ  සිංහ ධනු ලග්න හිමියන් කෙරෙන් විමසිය හැකියි.


ධනු ලග්න හිමියන්ගේ පස්වැන්න මත ගුරු සිටීම මත දරුවන්ගේ උපකාර හිමි වන බවට නිෙවිදනය ෙවි.


මකර ලග්නය වු ජන්මපත‍්‍රයක පස්වැන්නේ ගුරු යෙදිමත් දරවන්ගෙන් ආරක්ෂාව හිමි වන බවට නිෙවිදනයන් ෙවි.පස්වැන්නේ රවි නමි දරුවන්ට දෙමාපියන්ගේ උපකාර හිමියි.


කුමිභ හිමියන්ගේ පස්වැන්න මත රවි යෙදීම මත නිවුන් දරුවන් හිමි වීෙමි අවස්ථාව යෙදිය හැකි අතර දෙමාපිය උපකාරද දරවන්ට හිමි වනු ඇති.එසේම ස්ත‍්‍රි කේන්දරයක පස්වැන්න මිතුන වී එහි සිකුරු යෙදීමද නිවුන් දරු උපත් ස`දහා නිෙවිදනයක් වනු ඇත.


මීනය ලග්නය වු විට පස්වැන්න තුල සිකුරු හෝ ස`දු යෙදීම දරුවන් සිහිපදෙනෙකු හිමි වන බව පෙන්වයි.


සිංහ රාශිය පස්වැන්නට යෙදෙන ෙමිෂ ලග්න හිමියෝ දරුවන්ට දැඩි ලෙස ආදරය දක්වන අතර වෘෂභ ලග්න හිමියෝ දරුවනට ආදරය ඇතත් ඹවුනගේ කටයුතු බොහෝ විට යුක්තියට අනුව සිදු කරනු ඇති.


වෘෂභ හිමියන්ගේ පස්වැන්න තුල ගුරු යෙදීම ලක්ෂන දරුවන් හිමිවීමක් පෙන්වයි.


මිතුන හිමියන්ගේ පස්වැන්නේ ගුරු නමි යහපත් දරුවන් හිමි වීමක් පිලිබ`දව නිෙවිදනයකි.කුජ එහි සිටීම ඥානවන්ත දරුවන් හිමි වන බව නිෙවිදනය ෙවි.


කටක ලග්නයට අයත් වු අයගේ පස්වැන්න තුල ගුරු නමි දරුවන් අතර ප‍්‍රසිද්ධිය හිමියි.


සිංහ හිමියන්ගෙ පස්වැන්න තුල සිකුරු යෙදීම සමාජයෙ ්ප‍්‍රසිද්ධියට පත්වන සෙනෙහස ඇති දරුවන් හිමි බවට නිෙවිදනයන් ෙවි.ස`දු සිටී නමි දරුවන් කිහිපදෙනෙකි.


වෘශ්චික ලග්න හිමියන්ගේ පස්වැන්න තුල සිකුරු සිටිම නීරෝගී ලලක්ෂණ දරුවන් හිමි වන බවක් ස`දහා නිෙවිදනයන් ෙවි.


ස`දු පස්වැන්න මත යෙදීම යහපත් ලකීර්තිමත් දරුවන් තමන් හා බැ`දුන දරුවන් හිමිවන බව පවසයි.


පස්වැන්න තුල සිකුරු නමි දරුවෝ කලාකාමී අදහස් ඇත්තො වෙති.


සිකුරු ලග්නය මත හා ගුරු සත්වැන්නේ යෙදුනු මොහොතේ උපත හිමියාට වාසනාවන්ත දරුවන් හිමි වනු ඇත.


පස්වැන්න හිමි ග‍්‍රහයා දෙවැන්න තුල යෙදීම තුලින් යුතුකමි දන්නා යහපත් දරුවන් හිමි වන බව පැවසේ.


මිතුරන්ගෙන් උදවි උපකාර හිමිවන දරුවන් හිමි වන බවට පස්වැන්න අධිපති තෙවැන්න මත යෙදෙමින් නිෙවිදනය කරනු ලබයි.


පාප පීඩාදියෙන් තොරව වු සිකුරු සිවි වැන්න තුල නමි උරුමයෙන් ධනය හිමි දරුවන් හිමි වනු ඇත.


පස්වැන්න අධිපති පස්වැන්න මත නමි අභිමානයෙන් ජිවිතය ගෙන යන දියුණු වන දරුවන් හිමි විය හැකියි.


පස්වැන්න අධිපති සයවැන්න මත නමි පියාගෙන් දරුවන්ටද දරුවන්ගෙන් පියාටද උපකාර හිමියි.බරපතල රෝග පීඩා දරුවන්ට නොවැලදේ.


නමවැන්නේ පස්වැන්න අධිපති යෙදීම ධර්මාණුකූල කටයුත්තේ යෙදෙන ප‍්‍රීතීමත් දරුවන් කෙරෙහි නිෙවිදන වනු ඇත.


දසවැන්න තුල පස්වැන්න අධිපති යෙදීම නිතර රෝග පිඩා යෙදෙතත් ප‍්‍රසිද්දියට පත්වන දරුවො වෙත්.


සදු ලගුරුලසිකුරු ආදින් කේන්ද්‍රගතවීම වැඩි දරුපිරිසක් මෙන්ම දියුණුවන දරුවන් කෙරෙහිත් හිමි කමි පවතිනු ඇත.


මෙහි ස`දහන් කර ඇත්තේ යහපත් දරුවන් හිමිවිමි සමිබන්ධව පොදුෙවි දැක්වෙන ග‍්‍රහ යෝග කිහිපයකි.නමුත් මෙහි ස`දහන් වන යෝග ආදියට අමතරව වෙනත් යහපත් දරවන් හිමි වන යෝග ජන්මපත‍්‍ර තුල යෙදිය හැකියි.එසේම ඹබ ජන්ම ජන්ම පත‍්‍රයේ මෙම එක් යොගයක් යෙදී තිබීම යහපත් දරුවන් පිලිබ`ද නිවිදනයකි.මෙම තත්වය තවදුරටත් තහවුරු කෙරෙන වෙනත් ග‍්‍රහ නිෙවිදන පිලිබ`දවද විමසිය යුතුයි.


එසේම මෙම යෝගයන් හි නිෙවිදිත තත්වයන් දියුණු කිරීමට වෙනත් යහපත් ග‍්‍රහ දෘෂ්ටි ආදිය මගින් ලැබෙන පෝෂනයද ඉවහල් විය හැකි මෙන්ම අයහපත් වු දෘෂ්ටි නිසා සමහර අවස්ථාවලදි පැවසෙන ශුබපල යමි යමි ප‍්‍රමාණයන්ගෙන් වෙනස් විය හැකි අවස්ථාවන් යෙදිය හැකි බවද සැලකිය යුතුයි.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles