Article image2015 0701මහා ධනවතෙකු බිහිකෙරෙන යෝගයක්

මෙම ලිපියේ පලමු වන කොටස පසුගිය සතියේ පලවිය.ඹබගේ ජන්ම පත‍්‍රය තුල උදාවිය හැකි ධන යෝග ස්ථානයන්ද ඒවා හ`දුනා ගැනිම ස`දහා උපකාර වන තොරතුරුද එම කොටසේ ස`දහන් විය.මෙම දෙවන කොටසින් ජන්ම පත‍්‍ර තුල උදාවන තවත් ධන යෝගක් පිලිබ`දව සාකචිචා කෙරෙනු ඇති.


චන්ද්‍රයා යනු ජන්මපත‍්‍රය තුලදි සුවිශේෂි තැනක් හිමි වන ග‍්‍රහයෙකි.ඹබ උපන් නැකත යනුවෙන් ස`දහන් වන්නේද ඹබ උපන් මොහොත වන විට ස`දු ගමන් කරමින් සිටි නැකතමය.සිතුවිලි ආදියට මුලිකයා වන ස`දු ජන්ම පත‍්‍ර තුල පිඩාවට පත්වීම ජන්මයාගේ ජීවිතය තුලදි විවිධ කරදර පීඩා ආදියට හේතු වන බවටද කෙරෙන නිෙවිදනයක් වනු ඇත.යහපත්ව බලවත්ව ජන්ම පත‍්‍රගත ස`දු හිමි ජන්මපත් හිමි ජන්මීයන් තුල යහපත් වු ගතිගුණ පිහිටවනු ඇත.මෙසේ වැදගත් බවක් ඇති ස`දු අසුරෙන් ජන්ම පත‍්‍රයෙ යෙදිය හැකි ධන යෝගයක් පිලිබ`දව මෙම සටහන උත්තරකාලාමෘතයෙනි.එහි  ශ්ලෝකයද ඹබගේ ප‍්‍රයෝජනය පිණිස මෙසේ ස`දහන් කරන අතර දෙවනුව ශාස්ත‍්‍රාචාර්ය ඒ .දසනායක පඩිතුමන්ගේ සිංහල අනුවාදයද සටහන් ෙවි.


අර්කානතාගචටසතනනුජීතනට: ඛෙටායනස්‍යුසතනො:
චන්ද්‍රාදහාග්‍යපයො: කෙලෙක්‍ය මිනභෘචජීෂටං විධොර්ඨිදගාෘභමි
නද් රාශෞතු විපාපශොභනඛගෙ කොටිශ්වරං තන්වතෙ
චෙත් පාපෙතු සහස‍්‍රශ: බලඛගෙ තුංගෙපි කොටිශ්වරමි


රවි ගෙන් පටන් ග‍්‍රහයන් සත්දෙනාට පිලිවෙලින් තිහ ,දහසය,හය ,අට,දහය,දොලහ,එක යන ක‍්‍රමයෙන් රශ්මිකලා අයත්ෙවි.ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් නවවැනි රාශි දෙකට අධිපති ග‍්‍රහයන් දෙදෙනාගේ රශ්මි කලා ප‍්‍රමාණය එකතු කරන්න.එම එකතු කල සංඛ්‍යාව 12න් බෙදන්න.ශේෂය වන්ද්‍රයාගෙන් පටන් ගෙන ගැණගත් රාශිය දක්වයි.එම රාශියෙහි පාපග‍්‍රහ සංයෝගයක් නැතිව තනි ශුභ ග‍්‍රහයෙක් සිටී නමි එසේ ඇතිව උපන් තැනැත්තා කෝටිපතියෙක් ෙවි.එහි එකම පාපයෙක් සිටි නමි ජාතයා දහස් ගණනක ධනවතෙකි.එහෙත් එම පාපයා උචිච වී සිටී නමි ජාතයා කෝටිපතියෙකි.
මෙහි ස`දහන් කෙරෙන යෝගය ඹබගේ ජන්මපත‍්‍රය තුලත් ස`දහන් දැයි පහසුවෙන් සොයාගත හැකි ක‍්‍රමයක් පහත දැක්වෙි.ප‍්‍රථමයෙන්ම ලග්නයෙන් නමවැන්න අධිපතියා මෙන්ම ස`දුගෙන් නමවැන්න අධිපති ග‍්‍රහයා සෙවීම කල යුතුයි.පහත   අංක 1 වගුෙවි අධාරයෙන් ඹබගේ ලග්නයට හිමි නම්වැන්නට යෙදෙන රාශිය සොයා ගත හැකියි.උදාහරණ ලෙස ඹබගේ ලග්නය වෘෂභ නමි නමවන්නට යෙදෙන රාශිය අංක 1 වගුව අනුව මකර වන අතර අංක 2 වගුව අනුව මකර හිමි ග‍්‍රහයා ශනි ෙවි.ශනිට හිමි රශ්මි ධාරාව 1 කි.


ස`දු සිටින රාශියෙන් නමවැන්න අධිපතියා සෙවීම ස`දහා පහත සටහන 3 භාවිතා කල හැකියි.ඹබගේ ජන්ම පත‍්‍රය සටහන3 හා සසදන්න.ඹබගේ ජන්ම පත‍්‍රයේ (ච* අක්ෂරය සටහන් ස්ථානයට යෙදී ඇති සටහනේ අංකය අනුව ඹෙබි ස`දු සිටින ස්ථානය දැන ගත හැකියි.උදාහරණ ලෙස ඹබගේ ලග්නය මීන නමි සටහන3 අනුව ඹබගේ ජන්මපත‍්‍රය සැසදීෙමි (ච*සටහන් වන්නේ  10 ට නමි ඹබගේ ස`දු සිටින්නේ දසවැන්නේය.එසේනම් ස`දු සිටි තැනින් 9 වැන්න සෙවීමට ස`දු සිටින ස්ථානයත් සම`ගම නමයක් වමාවර්තව ගනන් කල යුතුයි.දසවන්නේ සිට නමයක් ගනින විට හමු වන්නේ සය වැන්නයි.මීන ලග්නයේ සයවැන්නට යෙදෙන්නේ සිංහ රාශිය බව වගු අංක 1 පෙනෙන අතර සිංහ හිමි රවිට හිමි රශ්මි මාලාව 30 ක් වන බව වගු අංක 2න් පෙනේ.


උදාහරණයක් ලෙස මකර ලග්න  හිමි ජන්ම පත‍්‍රයක් හිමියෙකුගේ ස`දු සිටින රාශිය දෙවැන්න නමි ඹහුට හෝ ඇයට අදාලව යෝගයේ ප‍්‍රතිපල විමසිම කල යුත්තේ මෙසේයි.මකර ලග්නයෙන් නම වැන්නට යෙදෙන්නේ කන්‍යා රාශිය බව වගු අංක 1 පෙනෙන අතර වගු අංක 2 අනුව එය හිමි බුධට බවත් බුධ හිමි රශ්මි ප‍්‍රමාණය 8 ක් බව  පැහැදිලි වනු ඇත.


දෙවනුව එම මකර ලග්නයේ ස`දු සිටින්නේ දෙවන්නේ නිසා දෙවැන්නේ සිටි වමාවර්තව 9ක් ගිනීෙමිදි හමුවන්නේ දසවැන්න බව සටහන 3 පැහැදිලිෙවි.වගු අංක 1 අනුව මකර ලග්නයේ දසවැන්න තුලා බවත් එය හිමි සිකුරුට හිමි රශ්මි ප‍්‍රමාණය 12 ක් බවත් වගු අංක 2 අනුව පැහැදිලි ෙවි.


ලග්නයෙන් නමවැන්න අධිපතිට හිමි රශ්මි ප‍්‍රමාණය + ස`දුගෙන් නමවැන්නට අධිපතිට හිමි රශ්මි ප‍්‍රමාණය ÷ 12 + ශේෂය
යෝගය පිලිබද මෙම සටහන  අනුව ලග්නයෙන්  නමවැන්න අධිපති බුධට හිමි රශ්ම් ප‍්‍රමාණය 8 ක් බවත් ස`දුගෙන් නමවැන්න අධිපති සිකුරුට හිමි රශ්මි ප‍්‍රමාණය 12 ක් බවත් ගනනය කර ඇති බැවින්්.
මෙම අංක දෙකේ එකතුව
8 + 12 = 20
මෙම සංඛාව 12 න් බෙදිය යුතුයි.මෙම එකතුව 12 ට අඩු සංඛාවක් නමි ස`දුගේ සිට ගිනිය යුත්තේ එම සංඛාවම ෙවි.
20÷12 = 1 ශේෂය 8 කි


දැන් ස`දු සිටි තැන් සිට 8 ක් ගිනිය යුතුයි.ස`දු සිටින්නේ  දෙවැන්නේ බැවින් 2 සිට අටක් ගිනුකල හමුවන්නේ ලග්නයෙන් නමවැන්නයි.දැන් එම ලග්න හිමියාගේ නම වැන්නේ ශුක‍්‍ර ,බුධ,ගුරු වැනි ශුභ ග‍්‍රහයෙක් පාප සංයෝගයක් රහිතව සිටින්නේ නමි ජන්මියා කොටිපතියෙකි.(ජන්ම පත‍්‍රය තුලදී ශු ,බු ,ගු යන අක්ෂර වලින් පිලිවෙලින් ශූක‍්‍ර ,බුධ හා ගුරු දක්වා තිෙබි.*එහි එකම පාපයෙක් සිටිනමි ජන්මියා දහස් ගනනක ධනවතෙකි.එහෙත් එම පාපියා උචිච ෙවිනමි ජන්මයා කෝටිපතියෙකි. මෙම දහස් ගනනක ධනවතෙක් යනු වර්තමානයට අනුව සෑහෙන ධනවතෙක් ලෙස සිතිය යුතු අතර කෝටිපතියෙකු යැයි කීම යනු මහා පරිමාණ ධනවතෙකු වශයෙන්ද සිතා ගත යුතුය.

සැම කරුණක්ම සවිස්තරව යෝගයනහි සටහන් කීරිම ප‍්‍රයෝගිකව අපහසු කාරණාවකි .එම නිසා මෙම යෝගය පිලිබ`දව මෙසේ අවබෝධ කරගත යුතුයි.මෙම යෝගයේදි  ස`දු සිටි ස්ථානයෙන් ශේෂය ගිනූ ස්ථනයේ සිටින ශුභ ග‍්‍රහයා වුවද උචිච අදාල ලග්නයට යෝග තාරකයෙක් ෙවිනමි ,ශුභ ස්ථානාධිපති යෙක් ෙවිනමි හෝ වෙනයමි බලයකින් සිටිනමි වඩාත් යහපත් වෙයි.එසේම පාපියා පිලිබ`දවද එසේම වෙයි. එතැන ග‍්‍රහයන් කිහිපදෙනෙක් සිටි නමි ඒ පිලිබ`දව අවබෝධයෙන් තර්කාණුකුලව සිතා තිරණයකට එලබිය යුතුයි.එසේම සිටින ශුභයා පිලිබ`දව යෙදෙන සෙසු දෘෂ්ටි ජන්ම පත‍්‍රය අනුව ඹහුගේ ශුභ අශුභ ආදි කරුනු විමසාම තිරණයකට එලබීම වඩාත්ම යොග්‍ය වනු ඇත.

20150701 c2

වගුව අංක 1 මෙම වගුව මෙම ලිපියේ මුල් කොටසින් සාකචිචා වු කරණු ස`දහා ද ප‍්‍රයොජනවත් වනු ඇති අතර මුල් කොටස කියවු අයගේ ඉල්ලීම පරිදි ලග්නයට අයත් රාශි සටහන් මෙම වගුව ඉදිරිපත් කරන ලදී.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles