2015-5-16-2Article-imageමිතුරන් මෙන්ම සතුරන් පිලිබ`දවද ජන්මපත‍්‍රය තුලින්ම අවබෝධ කරගත හැකිය.සමහර ජන්මපත‍්‍ර හිමියන්ට සතුරු කරදර  ඇති නොවන අතර කෙනෙකුගේ ජන්ම පත‍්‍රය ඇසුරෙන් ප‍්‍රසිද්ධ සතුරන් පිලිබ`දව නිෙවිදනය ෙවි.කිසිම සතුරෙකු හමු නොවෙන ජන්ම පත් හිමියන් සිටින අතර සියලූ සතුරු කරදරයන්ගෙන් ජය හිමිකරගන්නා ජන්මපත් හිමියෝද වෙති.කෙසේ හෝ සතුරන්ගේ කරදරකාරී බව, කුමණ්ත‍්‍රණ හා බාධා කිරීමි එදිනෙදා කටයුතු වල දියුණුවට බාධක ගෙන දෙන අතරම සතුරන් නිසාම ජීවිත අහිමි කරගන්නෝද සිපිරි ගෙදර යන්නෝද ආදී වශයෙන් තමන්ගේ දියුණුවද දේපොලද අහිමි කරග්නනෝ වෙති.සතුරන් කෙසේ හෝ මර්දනයට ලක් කලද ඔවුන්ගේ කටයුතු නිසා මානසිකවද යමි ප‍්‍රමාණයක හෝ පීඩාකාරී බවක් සිතට ඇතුලූවීම වලකා ගත නොහැක.මෙවන් සතුරන් පිලිබ`දවද ජන්ම පත‍්‍රය තුලම උපන් මොහොතේදීම සටහන් තබා ඇත.පහත විස්තර කෙරෙන්නේ ජන්ම පත‍්‍රය තුලින් සතුරන් පලිබ`දව හ`දුනාගත හැකි අවස්ථා කිහිපයකි.


ජන්ම පත‍්‍රයේ සයවැන්න සතුරු කරදර පිලිබ`දව නිවෙිදනය කෙරෙයි.සය වැන්නේ සිටිය යුත්තේ බලවත් පාපී ග‍්‍රහයෙකි.බුද, සිකුරු,ගුරු ,ස`දු ආදින් සය වැන්නේ සිටිම සතුරු කරදරයන්ගෙන් ජන්මියාට ජයක්ග‍්‍රහණයට තරමක් බාධක ගෙන දිය හැකිය.සයවැන්නේ බලය රැුකගැනීම පිණිස වඩාත්ම සුදුසු වන්නේ කුජ ,රාහු ,රවි වැනි ග‍්‍රහයන්ෙවි.එමෙන්ම සය වැන්නට අධිපති ග‍්‍රහයා දුර්වලවිමද ජන්මින් කෙරෙහි පවතින සතුරු කරදර ආදිය තවදුරටත් සතුරන්ගේ වාසියටම හේතුවන ඇත.

සත්වැන්න තුලින් කෙනෙකුට ඇති වන ප‍්‍රසිද්ධ සතුරන් පිලිබ`දවද දොලොස්වැන්න මගින් රහස් සතුරන් පිලිබ`දවද කියැෙවි.මෙකි භාවයන් තුල වෙසෙන ග‍්‍රහයන් ඇසුරෙන් සතුරන්ගේ ස්භාවය පිලිබ`දවද අවබෝධයක් ලබා ගත හැකිය.

මෙකී භාවයන් වෙත බලවත් වු අශුභ දෘෂ්ටි යෙදේනමි හො යමි ග‍්‍රහයෙක් අශූභ දෘෂ්ටියෙන් පීඩිතව මෙම භාවයක සිටීනම් එකී ග‍්‍රහයාට අයත් හාවයන්ට ,රාශියට  හා එම ග‍්‍රහයාට අන්ව සතුරෙක් ඇතිවනු ඇත.උදාහරණ ලෙස සිකුරු  පීඩාවට පත්ව මෙම ස්ථානයක සිටී නමි ස්ත‍්‍රී පාර්ශවයෙන් සතුරෙක් ඇතිවිය හැකි අතරම මෙම සිකුරු අදාල ජන්ම පත‍්‍රයේ දසවැන්න අධිපති නමි තම රැුකියා හෝ ව්‍යාපාරයක් සමිබන්ධ කටයුත්තක් ඇසුරෙන් මෙම සතුරා ඇතිවිය හැකියි.

යමෙකුගේ ජන්ම පත‍්‍රයෙක බලවත් ලෙසම පීඩාවට පත් ග‍්‍රහයෙකු සිටීනමි එම ග‍්‍රහයාට අයත් ලග්නයන්ට අයත් පුද්ගලයන් සම`ග ගනුදෙනුෙවිදි ගැටලූ යෙදිය හැකි බව අවබෝධ කරගත යුතුය.උදාහරණ ලෙස යමෙකුගේ ජන්ම පත‍්‍රයේ කුජ අධික ලෙස පීඩිත නමි එකි ජන්මියාට කුජට අයත් ලග්න දෙක වන ෙමිෂ හා වෘශ්චික යන ලග්න දෙකට අයත් අය සම`ග ගනු දෙනුෙවිදී මෙන්ම ඇසුරේදීද ප‍්‍රෙවිශමි විය යුතුයි.

සත් වැන්නේ   ගුරු හෝ රවි හෝ සිකුරු සිටින විට ලග්නයේ සිකුරු හෝ ගුරු හෝ රවි සිටී නමි නමි අදාල ජන්මියාට තමාගේ උසස් නිලධාරීන්ගෙන්ද ,නිතියෙන්ද ,වෙනත් උසස් අයගෙන්ද කරදර හිරිහැර පීඩා යෙදෙනු ඇත.ලග්නයේ සිටින ග‍්‍රහයෙක් වෙතට සත්වැන්නේ සිටින ග‍්‍රහයෙක් මතින් අශුභ දෘෂ්ටියක් ලැබීම නොයෙක් හිරිහැර බාධක ආදියට ඇතිවිය හැකි පිහිටීමකි.පාපී ග‍්‍රහයෙක් සත්වන්නේ සිට ලග්නය වෙතට අශුභ දෘෂ්ටියක් ලබා දුන හොත්  නිතරම ආරවුල්ද ,ප‍්‍රසිද්ධ සතුරු කටයුතුද ,සෑම කටයුත්තකටම බාධකද යෙදිය හැකියි.

රවි හා ස`දුගෙන් ශුභ දෘෂ්ටි ලැබ සිටින සිකුරු වෘෂභ ,තුලා ,මීන රාශි වලද ගුරු ධනු ,මීන,කටක රාශි වලද සිටින අතර එකී ගුරු හො සිකුරු පාපී ග‍්‍රහයෙකු වෙතින් ශුභ දෘෂ්ටියක් ලද් කල්හි එම ජන්මපත් හිමියාට තමාගේ සතුරන්ගේ කි‍්‍රයාකාරීකමි මතින්ම යහපත් හිමි වනු ඇති.මෙය තවදුරටත් පැහදිලි කරන්නේ නමි උක්ත ආකාරයට ග‍්‍රහ පිහිටීමක් සහිත ජන්මපත් හිමයෙකු වෙත සතුරන් වෙතින් සිදුවන අකටයුතුම තමන්ගේ යහපත සැලසීමට හේතු වනු ඇත.උදාහරණ ලෙස මෙවන් අයෙකුට විරුද්ධව යමෙක් කෙරෙන පැමිණිල්ලක් මගින් වුවද යමි ආකාරයකින් ඹහුට යහපත සලසාලනු ඇත.

දසවැන්න අධිපති ග‍්‍රහයා සයවැන්නට අධිපතියාගෙන් හෝ සය වැන්නේ සිටින පාපි ග‍්‍රහයෙකුගේ අශුභ දෘෂ්ටියට පත් වෙමින් හො එවැනි ග‍්‍රහයෙකු සම`ග සංයෝගයක්  මගින් පීඩාවට පත්වන ආකාරයේ ග‍්‍රහ පිහිටීමක් සහිත ජන්මපත් හිමියා තම තත්වයට වඩා පහත් අයගේ කි‍්‍රයාකාරකමි මතින් පීඩනයට පත් වන්නෙක් විය හැකියි.

කෙනෙකුගේ ලග්නයට අධිපති ග‍්‍රහයා හත්වැන්න අධිපතියාට වඩා බලවත් වී සිටින ජන්ම පත‍්‍රයක දසවැන්නට අධිපතියා සිවි වැන්න අධිපතිට වඩා බලවත්ව සිටී නමි ජන්මයා තම සතුරන් පරාජයට පත් කරන්නෙකි.සතුරු කරදර බාධක ජය ලබා තම අරමුණම ඉස්ථ සිද්ධ කරගන්නා අයෙක් වනු ඇත.

එසේම මෙහි අනෙක් අන්තයට පත්වීම ඉහත ප‍්‍රතිපලද වෙනස් කරනු ඇත.ලග්නාධිපතිට වඩා සත්වැන්න අධ්පති බලවත් වීම දසවැන්න අධිපතිට වඩා සතරවැන්න අධිපති බලයෙන් යුක්ත වීම යන පිහිටීම සහිත ජන්මපත් හිමියාගේ සතුරන්ගේන පරාජය හිමිකරගන්නා අයෙකි.නිතර තම බලාපොරොත්තු සුන් වන අයෙකි.

ඇත්තෙන්ම තමාගේ ලග්නාධිපති බලයෙන් යුක්ත වු තරමටම තමාගේ සතුරු කරදර ආදියෙන් සහනයක් හා ජයක් හිමි කර ගත හැකි වනු ඇති.ලග්නාධිපති ග‍්‍රහයා බලවත්ව ශුභ දෘෂ්ටියෙන් සැනහෙන ජන්මපත‍්‍රයක් හිමියෙකුගේ බ‍්‍රහස්පතීද ලග්නයේ හෝ දසවැන්නේ සිටීම සතුරු කරදරයෙන් සහනයක් හිමි කරගන්නා අයෙක් බවට නිෙවිදනයකි.ලග්නාධිපති සත්වැන්න අධිපතිව වඩා දස වැන්න ආසනයේ සිටීම සතුරන්ගේ නොයෙක් කුමන්ත‍්‍රණ ආදියෙන් සහනය හිමි කර ගනු ලබන්නෙකි.

බුධ ග‍්‍රහයා කුමන භාවයක සිටියත්  පාපී ග‍්‍රහයෙකුගේ ග‍්‍රහණයට හසු වී නමි එම  භාවයෙන් කියැවෙන කරුණක් සමිබන්ධව සතුරෙකු ඇතිවිය හැකියි.මෙම බුධ කුජගේන අශුභ දෘෂ්ඨි සංයෝග ලද්දෙක් නමි චරිත ඝාතනයට ,විරුද්ධ කුමන්ත‍්‍රණ ආදියට ගොදුරු වන්නෙක් වෙයි.බූධ සෙනසුරුගේන අශුභ දෘෂ්ටියට පත්වීම වංචා ප‍්‍රයෝග ආදියට මෙන්ම චපලත්වයට පත් කරයි.

යමෙකුගේ සතරවැ්නනේ සිටින පාප ග‍්‍රහයන් දසවැන්නේ මධ්‍යයට දෘෂ්ටියක් ඇත් කරයි නමි  ජන්මියා කීර්තියක් ,ප‍්‍රසංශාවක් ,ඇගයීමක් ලබන අවස්ථාවලදි සතුරු කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වී කිර්තියට හානි වන අයුරින් කටයුතු කෙරෙනු ඇත.

දොලොස්වැන්නේ සිටින පාපියෝ තමා අවට සතුරන්ගේ ඹත්තු කරුවන් ඇති කරන අතර තම පෞද්ගලික සැප පහසුවට බාධා ඇති කරනු ඇති.නමුත් සතර වැන්නේ හා දොලොස්වැන්නේ සිටින ශුභ ග‍්‍රහයෝ රවිගේන හා ස`දුගෙන් ශුභ දෘෂ්ටි ලබයි නමි අවහිර බාධක අවම කරයි.සිවි වැන්න හා දොලොස්වැන්න පාපීන්ගෙන් පිඩාවට පත්වු විට කරන සෑම කටයුත්තකටම බාධක ඇති කරනු ඇති.

එකෙලොස්වැන්නේ කුජ ,ශනි වැනි ග‍්‍රහයන් බලවත්ව නොසිටී නමි ජන්මියාට හිමි වන මිත‍්‍රයන් වුවද පසු කාලීනව බොරුකාරයන් හා වංචාකාරයන් බවට පත්විය හැකියි.

දොලොස් වැන්නේ සිටින පාපී ග‍්‍රහයෙකුට වෙනත් පාප දෘෂ්ටියක් ඇති වීම නිසා කේලාම් කරුවන්නේ කුමන්ත‍්‍රණයට ලක්වීමද , දෝෂාරෝපණයට ලක්වීමද ,වරදකරුවන් බවට පත්වීමද ,විවිධ කරදර ආදියට ලක්වීමද , බලවත් අපරාධ ආදියට අසුවීමද සිදුවිය හැකියි.

දොලෝස් වැන්නේ කුජ පාප සංයෝග දෘෂ්ටි ආදියට යටත්ව සිටින විට ජන්මියාගේ දුර්ගුණ අසල්වසියන් අතර ප‍්‍රවලිත වනු ඇත.
ෙමි ආකාරයට ජන්ම පත‍්‍රය තුලින්ම තමන්ට ඇතිවිය හැකි සතුරු කරදර පිලබ`දව  විවිධ ආකාරයේ නිෙවිදනයන් පවතිනු ඇති අතර මෙම කරදර බාධක ආදියට ජන්මියා එකී අදාල ග‍්‍රහයන්ගේ දශා සහ අශුභ ගෝචරයන් සිදුවන අවස්ථා වලදී යොමු විය හැකිය.එසේම තද බල අපල කාලවලදීද තවදුරටත් මෙම තත්වයන් ඉස්මතු වනු ඇත.මෙවායින් සහනය පිණිස කල හැක්කේ ජන්ම පත‍්‍රය පරීක්ෂා කිරිමෙන් පසුව අවබොධය ලබා ඒකි තත්වයන් ඇති නොවන අකාරයට තමන්ට කල හැකි අයුරින් ජීවන රටාෙවි යමි වෙනසක් සිදුකර ගැනීම  සහ අදාල අශුභ ග‍්‍රහයන් පිලිබ`දව දැන්වත්ව එකි ග‍්‍රහයන්ගේ අපලයන්ගෙන් අශුභතාවයන්ගෙන් මිදිමට අවශ්‍ය වත් පිලිවෙත් ආදියෙහි යෙදීම ෙවි.

මීටත් අමතරව නිසි ජිවිත අවබෝධය ලබා උපේක්ෂා සහගතව කටයුතු කිරිමත් නිතර සත වෙත මෙත් සිත් පැතිර වීමත් සතුරු කරදර බාධක ආදියෙන් සහනයට හේතු ෙවි.මෙහිදි මෛත‍්‍රිය පැතිරවීම තම හදවතින්ම ක‍්‍රියාවෙන්ම කල යුතු අතර මෛත‍්‍රි කරන බව කියවිම පමණක් සතුරු කරදර ඉවත් වීමට හේතු නෙෙවි.අන් අයගේ දියුණුව දෙස බලා සිතේ උපදීන ඊර්ෂ්‍යා සහගත බවද තමා තුලින්ම අවබෝධාත්මකව බැහැර කිරීමද වඩාත්ම යහපත් ෙවි

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles