2015-05-16Article-imageවර්තමානයේ  බොහෝ දෙනෙකු තම ජන්ම පත‍්‍ර තුල ධන යෝග තිෙබිද ,ධනයක් හිමි ෙවිද යන්න පිලිබ`දව නිතර විමසීම කරන අවස්ථා ඇත.අද විවිධ ආකාරයේ යාන වාහන ,සුඛෝපබෝගි ,අලංකාර ගෘහ උපකරණ ,ඇදුම් පැලදුමි ,වෙනත් විනෝදය පිණිස වන කටයුතු දක්නට ඇති නිසාත් වෙලද දැන්විමි ආදිය තුලින් ඒවා පිලිබ`දව අතිශෝක්තියෙන් පවසිම නිසාත් ජනතා ආකාර්ෂණය මෙම ලෞකික සැප සමිපත් කෙරෙහි ඇදි යාමෙන් ධනය පිලිබ`දව දැඩි අවශ්‍යතාවයක් පිලිබ`දව මනස නිතර කරදර වනු ඇති.මෙම තත්වය මතම නියමාකාරයෙන් නොවන ධන මාර්ග කෙරෙහි යොමු වි විනාශයට පත්වන්නන්ද ,යමි යමි ගුප්ත ශාස්ත‍්‍ර අනුහසින් ධනය හිමි වන බවට කෙරෙන දැන්විමි පසුපසු යන්නන්ද සමාජයේ බහුලය.


බොහෝ දෙනෙකු සිතන්නේ ධනය නිසා සිතට සැනස්ුීම හිම වන බවය.සිතට සැනසිම ,සන්තෝෂය ලැබිම පිණිස ධනය සෙවිෙමි දැඩි උත්සාහයක නිරත වුවද නියම සහනකාරි බව ස`දහා ධනය අත්‍යාවශ්‍ය නොවන බවද අවබෝධ කර ගත යුතුය.ධනය නිසා සැනසිම හිමි වෙතැයි යන  අදහසින් යුතුව ධනය පසුපස ගොස් පැවති සැනසිලිදාවක බවද අහිමි කරගත් සිද්ධින බොහෝයි.
කුමන ආකාරකින් හෝ ධනයකට හිමි කමක් ලබා ගැනිමට නමි උපන් අවස්ථාෙවිදිම ඒ බව ජන්ම පත‍්‍රයේ සටහන් ෙවි.බොහෝ දෙනෙකු කරන ලද ඉල්ලිමි වලට අනුව ජන්ම පත‍්‍ර තුල සටහන් වන ධනයෝග කිහිපයක් පහක දක්වෙනු ඇති.

ධන යෝගය යනු උපන් අවස්ථාෙවිදි ම යමි අකාරයකින් ධනයක් හිමි වන බවට ජන්ම පත‍්‍රය තුල පවතින නිෙවිදනයන් ෙවි.ධනය හිමි විය හැකි යැයි පැවසෙන මෙම ධන යෝග විවිධ ආකාරයෙන් ජන්ම පත‍්‍ර තුල සටහන්ව තිබෙනු ඇත.නමුත් මෙම ධන යෝග යෙදි තිබුනත් එහි ප‍්‍රතිපල හිමි විමට සෙසු ජන්මපත‍්‍රයේ පවතින ග‍්‍රහ බලයද යමි බලපෑමක් ඇති කරනු ඇති.එසේම ධන යෝගයට සහබාගි වු ග‍්‍රහයන්ගේ බල දුබල බව ,දශා , ආදි කරුනු රාශියක් මත යෝගයේ ප‍්‍රතිපල සංශෝධනය වි ජන්මියා වෙතට හිමි වනු ඇත.
ලිපියේ කරුණු අවබෝධය පිණිස මෙම චක‍්‍රය උපයෝගි කරගත හැකියි.

 

2015-05-16-chartමෙම චක‍්‍රයේ දක්වා ඇති පරිදි ඹබට ඹබේ ලග්නය අනුව ස්ථානයට අධිපති පහසුවෙන් සොයා ගත හැකියි.උදාහරණ ලෙස ඹබගේ ලග්නය මිතුන නමි ඹබගේ එකොලොස්වැන්න ( අයස්ථානාධිපති* සොයා ගැනිමට කල යුත්තේ මිතුන සටහන් කරන ලද ස්ථානයේ සිට ඊතලයේ සටහන් දිශාවට මිතුනය සම`ග එකොලහක් ගැනිමයි.එවිට හසු වන්නේ කුජට හිමි ෙමිෂ රාශියයි.එකොලොස්වැන්නට අධිපති කුජ වන අතර එකොලොස් වැන්න ෙමිෂ ෙවි.ලග්නය තුලා නමි සිවිවැන්න අධිපති සෙවිමට තුලා සම`ගම ඊතල හිස දෙසටම සතරක් ගිනිය යුතුයි.එවිට හමු වන්නේ මකර රාශියයි. ඒ අනුව සිවිවැන්නට අධිපති සෙනසුරුයි.ෙමි ආකාරට ඹනෑම ස්ථානාධිපතියෙකු හා අදාල රාශිය සොයා ගැනිමට අපහසු නොවනු ඇති.එසේම යමි ග‍්‍රහයෙකු සිටින්නේ කුමන රාශියකදැයි විමසිම ස`දහා මෙම චක‍්‍රය යොදා ගත හැකියි.උදාහරණ ඹබගේ ලග්නය වෘෂභ නමි ගුරු සිටින රාශිය දැන ගැනිමට අවශ්‍ය නමි.ජන්ම පත‍්‍රයේ ගු අක්ෂරය සටහන්ව ඇති සිථානය සොයා ගන්න.දෙවනුව ලග්නයේ සිට ගු අක්ෂරය සටහන් ස්ථානය දක්වා වමාවර්තව ගනින්න.එවිට ගුරු හමුවන්නේ හතරක් ගිනු පසු නමි ගුරු සිටින්නේ ඹබගේ සිවි වැන්නේ ෙවි.මීලගට ගුරු සිටින රාශිය දැන ගැනිමට ඉහත චක‍්‍රය අනුව වෘෂභ රාශියේ සිට සතරක් ගනින්න .එවිට හමු වන්නේ වි හිමි සිංහ රාශියයි. එසේනම් ඹබගේ ඹබගේ ගුරු සිටින්නේ සිවිවැන්නේ වෙමින් සිංහ රාශියේ වෙයි.සෙසු අවස්ථාද මෙසේ විමසිය හැකියි.

ජන්ම පත‍්‍රය තුල සාමාන්‍යයෙන් ර අක්ෂයෙන් රවි ද ,ච අක්ෂරයෙන් වන්ද්‍රද ,කු අක්ෂරයෙන් කුජ හෙවත් අ`ගහරුද ,බු අක්ෂරයෙන් බුධ ද ,ගු අක්ෂරයෙන් ගුරු හෙවත් බ‍්‍රහස්පතීද ශු අක්ෂරයෙන් සිකුරුද ,ශ අක්ෂරයෙන් සෙනසුරුද ,රා රාහුද කේ කේතුද වශයෙන් දක්වා ඇත.

කුජ ග‍්‍රහයා ජන්මපත‍්‍රයේ එකොලොස්වන්න තුල බලවත්ව සිටිම ,

සෙනුසුරු එකොලොස්වැන්න තුල සිටිම ,

පස්වැන්නේ හො එකොලොස්වැන්නේ වෙමින් සෙනසුරු මකර හෝ කුමිභ රාශියක සිටිම,

ගුරු ග‍්‍රහයා දෙවැන්න තුල හෝ එකොලොස්වැන්න තුල යෙදිම ,

දෙවැන්නට අදිපති ග‍්‍රහයා ජන්ම පත‍්‍රයේ නම වැන්නේ හො එකොලොස්වැන්නේ යෙදිම ,

නමවැන්නට හෝ දසවැන්නට අධිපති ග‍්‍රහයන් එකොලොස්වැන්නේ යෙදිම,

චන්ද්‍රයා වෘෂභ හෝ තුලා රාශියක සිටින විට සිකුරු ස`දු සිටි තැනම සිටිම ,ඉන් සිවිවැන්නේ විම ,සත්වැන්නේ විම හෝ දස වැන්නේ විම

ගුරු හා සිකුරු ග‍්‍රහයෝ දෙදෙන මින රාශියේ සිටිම.

දෙවැන්න අධිපති ග‍්‍රහයා එකොලොස්වැන්නේ සිටිම

එකොලොස්වැන්න අදිපති දෙවැන්නේ සිටිම

රවි හා කුජ මේෂය තුලදි එකිනෙකා හමු විම

ලග්නාධිපති දෙවැන්න තුල තැන්පත් විම

ආදි කරුණු ජන්මපත‍්‍රය තුල වෙයි නමි ඹබට සාමාන්‍ය ධනයකට හිමි කමක් ඇති අයෙකි.පහත දැක්වෙන්නේ සැලකිය යුතු ධනයක් හිමි විය හැකි යෝග ෙවි.

සදු පස්වැන්න තුල වෘෂභ රාශිය තුල හෝ කටක තුල සිටියදි කුජ එකොලොස්වැන්නේ සිටිම.මෙම තත්වය යෙදෙන්නේ පිලිවෙලින් මකර ලග්නය හා මින ලග්නයට ෙවි.

සිංහ ලග්නය වී රවි ලග්නය තුලම යෙදුන විට ගුරු හා කුජත් එහිම සිටිම හෝ ගුරු හා කුජගේ දෘෂටියට පල්නගත රවි ලක්වීම.මෙහිදි ගුරු හා කුජ සිටින ස්ථාන හා නවාංශක ආදියෙහි හිමි කරගන්නා ශුබතාවයන් මත ප‍්‍රතිපල දියුනු වනු ඇත.

කටක ලග්නයේ ලග්නාධිපති ස`දු ගුරු හා කුජ සම`ගම ලග්නයේ යෙදිම හෝ ගුරු හා කුජගේ යහපත් දෘෂ්ටියට ලක්වීම.මෙහිදි ගුරු නමවැන්නේද කුජ පස්වැන්නේද යෙදෙී තිබීම වඩාත් යහපත් ප‍්‍රතිපල හිමි කමක් පිලිබ`දව කෙරෙන නිෙවිදනයකි.

ගුරු ග‍්‍රහයා මින ,ධනු ලග්නයේ වෙමින් කුජ හා බුධ ගේ දෘෂ්ටිය හිමි කර ගැනිම.

තුලා හෝ වෘෂභ ලග්නයේ සිටින සිකුරු වෙත බුධ හා යෝගකාරක සෙනසුරුගේ යහපත් දෘෂ්ටිය හිමි විම.මෙහිදී  වෘෂභ ලග්නයේ බුධ පස්වැන්නේ හෝ දෙවැන්න තුල යෙදිම සෙනසුරු නමවැන්න හො දසවැන්න තුල යෙදිම වඩාත්ම යහපති.තුලා ලග්නයේ නමි බුධ නමවැන්නේද සෙනසුරු පස්වැන්නේද යෙදිම වඩාත් පලදායි වනු ඇති.

ලග්නය තුලා හා ලග්නය වෘෂභවන අව්සථාවක  ලග්නි ගත සිකුරු රවි හා සදු සමග එකරාශි විම හො රවි ස`දු දෙදෙනාගේ දෘෂ්ටියට හිමි කමි පෑම.

සදු හා කුජ සංයෝගව එකොලොස්වැන්න තුල යෙදුනු ජන්ම පත‍්‍රයක ගුරු පස්වැන්නේ යෙදිම .ප‍්‍රතිපලදායක බව මෙම ග‍්‍රහයන්ගේ බලවත් බව මත සංශෝධනය වනු ඇත.

ෙමිෂ ලග්නය වී රවි පස්වැන්න තුල යෙදුන අවස්ථාවක ගුරු හා ස`දු එකොලොස්වැන්න මත යෙදිම

සෙනසුරු මකර හෝ කුමිභ රාශියේ වෙමින් පස්වැන්නේ සිටින අවස්ථාවකදී කුජ හා බුධ ග‍්‍රහයන් එකොලොස්වැන්න තුල යෙදිම.මෙම යෝගය කන්‍යා සහ තුලා ලග්න හිමියන් වෙත හිමි විය හැකියි.

ලග්නයෙන් පස්වැන්න වෘෂභ හෝ තුලා වන අවස්ථාවකදී සිකුරු එම රාශියක යෙදුන මොහොතක ශනි එකොලොස්වැනනේ යෙදුනේ නමි එවන් විට ජන්මය හිමියා ද ධනවතෙකි.මිතුන හා මකර ලග්න හිමියන් ස`දහා මෙම යෝගය ප‍්‍රතිපලදායක වනු ඇත.
වෘෂභ හෝ කුමිභ ලග්න හිමි ජන්මපත‍්‍රයක පස්වැන්නේ බුධ යෙදන අව්ස්ථාවකදීම සදු හා කුජ දෙපොල එකොලොස්වැන්නේ නමි ජන්මපත‍්‍රය හිමියා ධනවතෙක් වනු ඇත.

ඉහතදීත් ස`දහන් කරන ලද පරිදි ධන යෝගයේ ප‍්‍රබලත්වය දියුණු විමට සහබාගි වන ග‍්‍රහයන්ගේ පිරිසිදු බව හා බලවත් බව මෙන්ම පොදු ජන්ම පත‍්‍රයේ බලවත් හා යහපත් බවද උපකාර වනු ඇති බව අවබෝධ කර ගත යුතුයි.

ඉහත ස`දහන් වුයේ ධනයෝග කිහිපයකි.මෙයට අමතරව තවත් ධනයෝග රැුසක් ජන්මපත‍්‍ර තුලදී විවිධ ආකාරයෙන් පිහිටනු ඇත.ලබන සතියේ පලවන මෙම ලිපියේ දෙවන කොටසින් උත්තරකාලාමෘතය අතුලූ තවත් පැරණි ග‍්‍රන්ථයනහි අඩංගු වන ධනයෝග පිලිබ`දව සාකචිචා කෙරෙනු ඇති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles