Article-image20150429භෞම දෝෂය , අඟහරු දෝෂය ආදි නමි වලින් ද කුජ දෝෂය හැදින්වෙන අතරම කේන්ද‍්‍රයක කුජ දෝෂය උදාව තිබීම මත ඔහුගේ හෝ ඇයගේ විවාහය කෙරෙහි අයහපත් බලපෑමි ඇතිකරන බවද , සහකරුටද එකී දෝෂය හේතුවෙන් කරදර ආදියට පත් වීමට කරුණු යෙදෙන බවද දන්නා කරුණකි. අ`ගහරු හෙවත් කුජ ග‍්‍රහයා ජන්ම පත‍්‍රයන්හි සිටින ස්ථානය අනුව කුජ දෝෂය ජන්ම පත් තුල උදා වනු ඇත. නමුත් මෙම කුජ දෝෂය වෙනත් කරුණු  මත භංගත්වයට පත්වන අවස්ථා රාශියකි.



එසේ භංග නොවන අවස්ථාවන්හී දී කුජ දෝෂය සහිත ජන්ම පත‍්‍රයක් හිමියෙකුට තම ජන්ම පතෙහි පවතින එම කුජ දෝෂයේ අයහපත ශුන්‍ය වන ආකාරයේ ග‍්‍රහ පිහිටීමි ඇති ජන්ම පත‍්‍ර හිමිිිියෙකු සම`ග විවාහ විමෙන් අයහපත ම`ග හරවා ගත හැක.

මෙි අයුරින් කුජ දෝෂය ජන්ම පත‍්‍ර  තුල උදාව  තිබු පමණින්් අසහනයට පත්විය යුතු නොවෙි.   පහත විස්තර කෙරෙනුයේ එසේ් කුජ දෝෂය භංග වන අවස්ථා කිහිපයකි.

ජන්ම පත් තුල කුජ සිටින ස්ථානය ”කු” අක්ෂරයෙන් දක්වා තිබෙි. භෞම දෝෂය යනු කුජ ග‍්‍රහයා ජන්ම පත‍්‍රයක 1 , 2 , 4, 7, 8, 12 යන ස්ථානයක සිටීමයි.මෙම ස්ථාන හැර වෙනත් ස්ථානයක කුජ සිටි පමණින් කුජ දෝෂය ඇති නොවන අතර චන්ද‍්‍ර ලග්නය තුලින්ද විමසීය යුතුවෙි.

ජන්ම පත‍්‍රයක ඉහත ස`දහන් ස්ථාන පිලිබදව කෙටියෙන් මෙසේ විස්තර කල හැක.          
1   ලග්නය
2 කුඩුමිබස්ථානය
4 නිවස තුල ගත කෙරෙන ජීවිතය
7  විවාහය ,විවාහ සහකරැු, සහකාරිය
8 විවාහයෙන් පසු ගත වන ජීවිතය
12 සයන සුඛය හෙවත් නිදියහනේ ලබන සැපත

ජන්ම පත‍්‍රයේ ඉහත ස`දහන් කරන ලද  ස්ථානයන් වෙනත්  ,වෙනත් කරුනු ස`දහාද නිවෙිදනය වූවද මෙම ලිපිය තුල සාකචිචා කෙරෙන කරුණට අදාලව ඉහත විස්තර ලඝු කර දක්වා තිබෙි.කුජ ඉහත ස`දහන් කරන ලද ස්ථානයක සිටියත් ජන්ම පත‍්‍රය තුලදීම  කුජ දෝෂය භංග වන අවස්ථා කිහිපයක් පහත දැක්වෙි.

x    මෙම කුජ සිටින්නේ ඔහුට හිමි මෙිෂ හෝ වෘශ්චික රාශියක නමි  එයද දෝෂයක් ඇති නොවන්නට  හේතුවනු ඇතිි.

x    කුජ 1 ,2 ,4,,8,12 ස්ථානයක  මෙිෂ ,වෘශ්චික , කටක,තුලා හෝ මකර රාශි ගතවී නමි දෝෂ භංග වෙි.
x    කුජ 4,7 ස්ථානයක මකර රාශි ගත වීම දෝෂ නොමැති් වීම ට හේතුවෙි.
x    කුජ දෙවැන්නේ මෙිෂ , වෘශ්චික, හෝ මිතුන ,කන්‍යා රාශිවල සිටීමද දෝෂය භංග වීමට හේතුවකි.
x    කුජ සතරවැන්නේ මෙිෂ , වෘශ්චික, හෝ වෘෂභ ,තුලා රාශිවල සිටීමද දෝෂය භංග වීමට හේතුවකි.
x    කුජ 8 වැන්නේ ධනු ,මීන ,කටක ,මකර රාශිගත වීමෙින් දෝෂය භංගවෙි.
x    කුජ 12 වැන්නේ මිතුන ,කන්‍යා ,තුලා ,වෘෂභ රාශීගත වීමෙින් දෝෂ රහිත වෙි.

ඉහත දැක්වෙන කරුණු විශ්ලේෂණයේදි කුජ 1,2,4,7,8,12 ආදි ස්ථානවල සිටියත් ඒ ඵ්  ලග්න ස`දහා දෝෂය උදාවිම පිණිස කුජ පිහිටිය යුත්තේ ඉහත ස`දහන් කරන ලද ස්ථාන 6 (1 ,2,4,7,8,12 * අතුරින්  පහත දැක්වෙන ස්ථානයන් ගේ පමණක් බව අවබෝධ වනු ඇත.

මෙිෂ ලග්නයේදී කුජ 2 ,7 ,12 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
වෘෂභ ලගන්යේදී කුජ 1 ,4 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
මිථුන ලග්නයේදී කුජ 1 ,4,7  පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
කටක ලග්නයේදී කුජ 2 ,8, පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
සිංහ ලග්නයේදී කුජ 1 ,7  පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
කන්‍යා ලග්නයේදී කුජ 1,4 ,7 ,12 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
තුලා ලග්නයේදී කුජ 8  පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
වෘශ්වික  ලග්නයේදී කුජ 2 ,4,7 ,8 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
ධනු  ලග්නයේදී කුජ 1,4 ,7  පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
මකර ලග්නයේදී කුජ 2 ,8 ,12 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
කුමිභ ලග්නයේදී කුජ 1,2 ,7 ,8 පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි
මීන ලග්නයේදී කුජ 1 ,4,7  පමණක් සිටිමෙන් දෝෂය ඇතිවෙි

මෙසේ කුජ දෝෂය ඇතිවීම පිණිස කුජ එක් එක් ලග්න ස`දහා සිටිය යුතු ස්ථාන ඉහත දක්වා තිබුණද පහත දැකිවෙන කරුණු තුලින් තවදුරටත් කුජ දෝෂය ජන්ම පත් තුලින් ඉවත් වන බව පෙනෙනු ඇත.

x    කුජ සම`ගම කේතුත් ඉහත ස්ථානයන් 6 න් ( 1 ,2 ,4,7 ,8 ,12 * ඵකක සිටිමෙන් දෝෂය භංග වෙි.
x    කුජ ගුරු සම`ග සිටිමෙන් හෝ ගුරුගේ  යහපත් දෘෂ්ටියට ලක්විමෙන් දෝෂය භංග වෙි. (මෙහිදි කුජ ඉදිරියෙන් හෝ පසු පසින් රාශියක වුවද ගුරුට කුජ අංශක 8 අතුලත සිටි නමි එයද කුජ හා ගුරු සංයෝගයක් බව අවබෝධ කර ගත යුතු අතර ඉන් දෝෂය භංග වෙි.*
x    කුජ 4,7 වැනි ස්ථානයකදී සිකුරු සම`ග යෝග නමි එයද දෝෂ භංගත්වයට හේතුයි.
ඉහත ස`දහන් කරන ලද්දේ ජන්ම පත‍්‍රය තුලින්ම දෝෂය අහෝසි වන අවස්ථා වන් වන අතරම පහත දක්වා ඇත්තේ කුජ දෝෂය සහිත ජන්ම පත‍්‍රයක් අන් ජන්ම පතක් සම`ග ගැලපීමෙිදි කුජ දේාෂය භංග වන අවස්ථාවන් වෙි.
x    කේන්ද‍්‍ර දෙකේම ඵකම ස්ථානයක කුජ සිටිම වඩාත්ම යෝගයවෙි.නමුත් දෙවන කේන්ද‍්‍රයේ 1,2,4,7,8,12 යන ඔිනෑම ස්ථානයක කුජ සිටීමේන් දෝෂය භංග වෙි.
x    එක කේන්ද‍්‍රයක කුජ සිටින ස්ථානයක අනෙක් කේන්ද‍්‍රයේ රාහු ,කේතු ,හෝ ශනි සිටීමද දෝෂය අහෝසි වීමට හේතු වෙි.

මෙි අයුරින් කුජ දෝෂය ජන්ම පත‍්‍රයක තිබුනත් භංග වන අවස්ථා රාශියක් ඇති බව පැහැදිලි වනු ඇති.මෙි නිසා තම ජන්ම පත‍්‍රයේ කුජ දෝෂය තිබෙන බව දැන අහනකාරි බවට පත්විය යුතු නොවන බව අවබෝධ වන වනු ඇත. ඉහත පැහදිලි කරන ලද කරුණු වලට පරි බාහිරවද කුජ දෝෂයේ බලපෑම ශුන්‍ය වන අවස්ථා ජන්ම පත් තුල යෙදිය හැකි අතර ඒ පිලිබ`දව පරීක්ෂා කල යුත්තේ අදාල ජන්ම පත ජන්ම පත‍්‍රය ඇසුරෙන්ම මය.

සමහර අවස්ථා වලදි පුවත් පත් දන්වීමි මගින් ද කුජ දෝෂය යෙදී ඇති ජන්ම පත‍්‍රයකට ගැලපෙන ජන්ම පත‍්‍රයක් හිමියෙකුට  කෙරෙන ආරාධනා දැකිය හැකිය .මෙසේ දැන්විමි පල කලද සමහර අවස්ථාවන්හීදි එම ජන්ම පත තුල කුජ දෝෂය විවිධ අයුරින් භංග වී ඇති අවස්ථා අපට දැක ගන්නට ලැබී තිබෙි. මෙි නිසා  අවධාරණය කල යුත්තේ නිසි පරිදි පරීක්ෂා නොකර ජන්ම පතක 1,2,4,7,8,12 ආදි සථානයක කුජ සිටි පමණින් කුජ දෝෂය  තිබෙි යැයි තීරණය නොකල යුතු බවය.

මෙහිදි සිදුවන අවාසි දෙකක් නමි අනවශ්‍ය පරිදි විවාහය කල්ගත වීමත් යහපත් ගැලපීමි ඇති ජන්ම පත්  සත්‍ය ලෙසම නොවු කුජ දෝෂය සමිබන්ධව පැවසීම නිසා ඔබ වෙතට නොලබීමත්ය.  මෙිනිසා කුජ දෝෂය සත්‍ය වශයෙන් තිබෙිද යන්න පිලබ`දව ජෝ‍ය්තීර්වෙිදයෙකු ඇසුරෙන්ම දැන ගෙන කටයුතු කිරීම වඩාත්ම යහපති.

 

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Prabhath Karunanayaka Services

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles