සෙනසුරු තම උචිච රාශිය  වන සුමිතුරු සිකුරුට  හිමි වු  තුලා රාශියෙන් නික්මෙමින් නොවැමිබර් තෙවැනි දිනයේ උදයේම අ`ගහරු හිමි තම සතුරු රාශියක් වන  වෘශ්චික රාශිය වෙත පැමිණිම පිලිබ`දව බොහොදෙනෙකු විමසිලිලෙන් පසුවන වග අපවෙත නිති කෙරෙන විමසුම මගින් අවබෝධ ෙවි.


තමන්ට කුමන ආකාරයක කරදරයක් හිමිවනු ඇද්ද යන දෙගිඪියාවක් සිත තුල ජනිත වුවත් ඹබ යහපත් හා ධාර්මික දිවියක් වාසනාවන්ත අයෙකු නමි අශුභද යමි ප‍්‍රමාණයකින් අවම වන බව පොදුෙවි සැමට ප‍්‍රකාශ කල හැකියි.

එසේම ඔබ උපන් මොහොත වන විට සෙනසුරු ජන්ම පත‍්‍රයේ සටහන් තබා ඇති බල - දුබල බවද ගෝචර පල හෙවත් සෙනසුරුගේ රාශිමාරුව අනුව ඇති වන ශුභ , අශුභ කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇති.එනමි ජන්මපත‍්‍රයේ සෙනසුරු යහපත් අයුරින් සිටී නමි ගෝචරයෙන් අශුභ ස්ථානයක සෙනසුරු ගමන් කරන කාලයෙදී වුවද අශුභ තරමක් අඩු කරන අතරම ශුභ ස්ථානයක  සෙනසුරු ගෝචර වන කාල වලදී ශුභපලද වැඩිකරනු ඇති.සෙනසුුරු රාශියෙන් රාශියට ගමන් කරන විට සමහර රාශිතුලදි සෙනසුරු  අබල - දුබලතා වලට මුහුණ දෙන අතර සෙනසුරුට හිත හා අහිතකර රාශි මෙසේ දැක්විය හැක.


ෙමිෂ රාශිය තුලදී සෙනසුරු නිච බවට පත්ෙවි
වෘෂභ හා මිතුන සෙනසුරුට මිත‍්‍ර රාශි ෙවි
කටක ,සිංහ ,වෘශ්චික සෙනසුරුගේ සතුරු රාශි බවට පත්ෙවි
ධනු හා මීන රාශි සෙනසුරුට හිමි සම රාශි වශයෙන් හැදින්විය හැකියි.
කුමිභ හා මකර සෙනසුරුටම හිමි වු ස්ව කේෂ්ත‍්‍ර රාශින් ෙවි.
තුලා රාශිය තුලදි සෙනසුරු උචිච බවට පත්වේ.


 2014 නොවැමිබර් තෙවන දා වන තුරුම සෙනසුරු තුලා රාශියේම සිටින අතර එය සෙනසුරුට උචිච රාශියක් වන බවද පැහැදිලි ෙවි.


ඔබගේ ලග්නයට අනුව සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන ස්ථානය අනුවද ප‍්‍රතිපල වෙනස්  ෙවි.එනම් උදාහරණ ලෙස සෙනසුරු වෘහ්චික රාශියේ ගමන් කරන කාලයේදී ෙමිෂ ලග්න හිමියෙකුගේ වෘශ්චික රාශිය යෙදෙන්නේ  අට වැන්නට බැවින් සෙනසුරු අටවැන්නේද ,වෘෂභ ලග්න හිමියෙකුගේ වෘශ්චික රාශිය හත් වැන්නට යෙදෙන බැවින් සත් වැන්නේද සෙනසුරු යෙදෙනු ඇත.පහත දැක්වෙන්නේ සෙනසුරු දැනට සිටින තුලා රාශිය ඹබගේ ලග්නය අනුව යෙදෙන ස්ථානය හා 2014 නොවැම්බර් තුන් වෙනිදායින් පසුව සෙනසුරු ගමන් කරන ස්ථානයයන් ෙවි.

table

ඉහත වගුව අනුව සෙනසුරු ඹබගේ ලග්නයට පැමිණේ නමි ,දොලොස්වැන්නට පැමිණේනමි ,දෙවැන්නට පැමිණෙනමි ඹබට සෙනසුරු මාරුව තුලින් ලග්න ඒරාෂ්ඨක අපලයකට මුහුණ දීමට සිදුවනු ඇත.
වගුව අනුව සෙනසුරු දැන් සිටින්නේ අටවැන්නේ නමි ඹබගේ අෂ්ඨම ඒරාෂ්ඨකයක නිමාව සිදුවන අතර සෙනසුරු මාරුව ඹබගේ අටවැන්නට නමි ඹබට අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් ස`දහා සුදානමකට කාලයයි.
එසේම උපතින් ස`දු සිටින රාශියෙන් දොලොස්වැන්නට යෙදෙන රාශියට ,ස`දු සිටින රාශියට ,ස`දුගෙන් දෙවැන්නට ,ස`දුගෙන් අට වැන්නට නව සෙනසුරු මාරුව සිදුවන්නේ නමි ඔබට ඒ අනුවද සෙනසුරු අපල ආදියට මුහුණ දීමට සිදුවනු ඇත.


 ස`දු සිටින රාශිය නොව ලග්නයෙත් සම`ග සසදන විට ස`දු උපතින් සිටින ස්ථානය අනුවද උක්ත ප‍්‍රතිපලය විමසිය යුතුය.එනම් උපතින් ස`දු හත්වැනනේ හෝ නමවැන්නේ විම තරමක අශුභ අඩු කිරීමකට හේතු වනු ඇත.එසේම ස`දුත් ලග්නය සමීපයේ නමි බොහෝ විට ලග්න හා ජන්ම ඒරාෂ්ඨක වශයෙන් අපල දෙකකට මුහුන දිමට සිදුවිය හැකිය.


සෙනසුරු සමාන්‍යයෙන් එක් රාශියක් තුල වසර දෙකහමාරක් තුනක් අතර කාලයක් ගත කරනු ලබයි.මෙම සෙනසුරු ගමනේ යෙදෙන රාශිය අනුව හා ඉහත වගුවේ සටහන් කෙරෙන ස්ථානය අනුව එකි ස්ථානයෙන් නිෙවිදනය වන කරුණු වලට හා එම ස්ථානයේ සිට සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වන ස්ථානයන් කෙරෙහි යමි ආකාරයේ බලපෑමක් සෙනසුරු වෙතින් සිදුවනු ඇත.


සෙනසුරුගේ විපාක දීම ආකාර කිහිපයකින් විසදා බැලිය යුතුය. උපන් මොහොත වන විට සෙනසුරු ජන්මපත‍්‍රයේ සිටින යහපත් අයහපත් බව අනුව විපාකද සංශෝධනය බ`දුන්ව ජන්මීන් වෙත පිරිනැමෙනු ඇති බව ඉහතද ස`දහන් විය.එසේම ගත වන දශා ආදියද අපලයෙහි ප‍්‍රතිපල ස`දහා යමි ආකාරයේ බලපෑමි සිදුකරනු ඇති.


 මෙහිදි උපතින් සෙනසුරු ඉහත ස`දහන් කරන ලද  උචිච හො ස්ව කේෂත‍්‍ර හෝ මිතුරු රාශියකදැයි විමසිය යුතුය,එසේම තමාගේ ලග්නයට හෝ ස`දු සිටින රාශියට අනුව යහපත් ග‍්‍රහයෙක් දැයි විමසිය යුතුය.මෙහිදි ඹබගේ ලග්නය තුලා නමි සෙනසුරු යෝගකාරක ග‍්‍රහයෙක් වන අතර ඹබගේ ස`දු සිටින රාශිය කුමිභ නමි කුමිභ සෙනසුරුට අයත් රාශියක් වන බව අවබෝධ වනු ඇත.මේ ආකාරයට සෙනසුරු ඹබගේ ජන්ම පත‍්‍රයේ සිටියි නමි එයද සෙනසුරුගේ ජන්ම පත‍්‍රය තුල සිටින යහපත් හා බලවත් පිහිටීමක් යනුයෙන් හැදිනිවිය හැකිය.එසේම සෙනසුරු තමාට හිමි කුමිභ ,මකර හා උචිචවන තුලා රාශියේ වෙමින්ම ජන්ම පත‍්‍රයක 1  - 4 - 7 - 10 යන ස්ථානයක සිටීම ශශ නමි මහා පුර්ෂ යෝගයක උදාව වන අතර එයද ජන්මියා කෙරෙහි සෙනසුරුගේ ශුභ ප‍්‍රතිපල හිමිවන බවට නිෙවිදනයක් වන බවද දත යුතුය.නවාංශකය තුලද සෙනසුරු ඉහත ස`දහන් කරන ලද මිත‍්‍ර ,සව කේෂත‍්‍ර හො උචිච රාශියක උපතින් සිටීමද යහපත් පිහිටීමකි. මෙම සදඟන් කරන ලද ආකාරයන්ට පරිබාහිරව ද සෙනසුරුගේ යහපත් හෝ බලවත් පිහිටීමි ජන්මපත් තුල දැකිය හැකිය.කෙසේ හෝ යමි ආකාරයකින්  සෙනසුරුගේ යහපත් බෙවි නිෙවිදනයක් සහිතව ජන්ම පත‍්‍රයක සටහන් සහිතව සෙනසුරු සිටීම තුලින් සෙනසුරුගේ අශුභ ගෝචර ගමනක දි වුවද අනිටු ප‍්‍රතිපල යමි පමණකට හෝ අවමකරගත හැක.එසේම උපතින් ජන්ම පත‍්‍රයේ දුර්වල ලෙස සටහන්ව සිටින සෙනසුරු  ශුභ ගෝචරයේදී ශුභපල අවම කිරීමටද අශුභ ගෝචරයේදී අශුභ දැඩි ලෙසම ලබා දීමටද සමත් වනු ඇති.
සාමාන්‍ය ජීවිතයේදි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක හෝ සෙනසුරු දශා අනු දශා පවතින කාල වකවානුතුලදී වුවද භූමි ලාභ හිමිකරගත් ජන්මීන්ද ,රැුකියා දියුණුව හිමි කරගත්තෝද ,ව්‍යාපාර දියුණුව ලද්දෝද ,විභාග ජය හිමි කරගත්තෝද ,ජන්ද බලය හිමිකරගත්තෝද ,වෙනත් වෙනත් අයුරින් තම අභිමථාර්ත හා අරමුණු හිමි කරගත්තෝද දක්නට ලැබෙන්නේ ඉහත ස`දහන් කරන ලද කාරණය නිසා බව පැහැලිදි වනු ඇත.එනමි සෑම විටම යහපතේ හෝ අයහපතේ   ්දැඩි  ස්භාවය පිලිබ`දව තීරණය උපතින්ම නිෙවිදනය කර  ඇති බවයි.එසේ උපතින් ලද අයහපත් බව අවමය සදහා ද යමි ප‍්‍රමාණයක් සංශෝධනයක් ස`දහාද ප‍්‍රතිකර්මයන්ද නැත්තේ නොෙවි.


සෙනසුරුට අවශ්‍ය වන්නේ ජන්මීන් වෙතට නිසි ජීවිතයාථාර්තය අවබෝධකර දීමයි.ධර්මය වෙතට නැබුරුවක් ලබා දීමයි.සෙනසුරු අපල කාලය තුලදී ලබන මානසික පීඩා වෙනත් ආකාරයේ කරදර බාධක තුලින්ම ජන්මියා තුලට නිසි අවබෝධයක් හිමි වන අතර ජන්මින් ද තමාගේ මානසික තත්වය මත ජීවත අවබෝධය හිමිකර ගෙන සෙනසුරු අපල අවසානයේදී ජීවිතය තුල යහපත් වෙනස් කමි ද ඇති කරගත් අවස්ථා දැකිය හැකිය.මෙසේ සෙනසුරු අපලකාලය තුල අත්දකින බාධක හා අවහිරතා මත නිසි ජීවිත අවබෝධය හිමි කරගැනීමට තරමි මානසික දියුණුවක් හිමි වීමද එක්තරා වාසනාවක් බව අවබෝධ වන්නේ ජීවිතයේ සත්‍යම දියුණුව වන්නේ ලෞකික ලබන දියුණුව නොව ලොකොත්තර ව ලබන දියුණුවම වන නිසාය.


ඔබේ ලග්නයට සෙනසුරු මාරුව කෙසේද? කල යුත්තේ කුමක්ද?

 

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles