ජ්‍යොතිෂය සත්‍යයක්ද? අසත්‍යයද? යන්න  පිලිබ`දව අන්තර්ජාලය තුල හා වෙනත් ජනමාධ්‍ය තුලද විවිධ අකාරයේ මති මතාන්තර තර්ක ඉදිරිපත් වීමත්  නිසා  මෙම මාතෘකාව ඇසුරෙන් සාකචිචා කිරීෙමි අදහසක්  ඇති විය.

මෙවැනි ගැටලූ ඇති පිරිස කොටස් කිහිපයක් වශයෙන් හ`දුනා ගත හැකිය.තමාගේ ජන්ම පත‍්‍රය වාර ගනනාවකදී පරීක්ෂා කරවා ඉන් ප‍්‍රතිපල අහිමිව ,විඩාවට පත්ව ජ්‍යොතිෂය කෙරෙහි පවතින විශ්වාශය බිද ගත් අයද කිසිම දිනක තම ජන්ම පත‍්‍රය පරීක්ෂා නොකර  එය අසත්‍යයක්ම යැයි  සිතනනෝද සිටින අතර මෙයට අමතරව තමා උගත් යමි කේෂත‍්‍රයක් අනුව තමාම ගොඩනගාගත් යමි මිණුමික‍්‍රම ඔස්සේ යමි  ආකාරයක පරීක්ෂාවක් සිදුකර ඉන් ලද පල පමණක් සැලකිල්ලට ගෙන ජ්‍යොතිෂය අසත්‍යයයි කියන්නෝද ,සියලූම පැරණි ශිල්ප හා අදහස් ප‍්‍රාථමික හා මිත්‍යා වශයෙන් සිතා බැහැර කරන්නෝද ,වෙනත් ආකාරයක අදහස් ඇත්තන්ද සිටිය හැකිය.කෙසේ හෝ ඹබ කුමන අදහසක සිටියත් ඒ සෑම අයෙකුටමද ,ජ්‍යොතිෂය පිලිබ`දව ගැඔුරින් නොව ඉතාමත් ම සරලව  යමි ප‍්‍රමාණයක හෝ අවබෝධයක් ලබාගත හැකි අයුරින් ලිපිය සකස් කෙරේ.

ජ්‍යොතිෂයය ඇත්තදැයි විමසීමට නමි ජ්‍යොතිෂ්‍ය පිලිබ`දව තමාද යමි ප‍්‍රමාණයක් හො අවබෝධයක් විධිමත් ආකාරයට ලැබිය යුතුය.උදාහණයක් ලෙස පොකුණක  ඇති ජලය කොපමණ සිසිල්දැයි දැන ගැනීමට අඩුම වශයෙන් අත පොවාවත් බැලිය යුතුය.ඉන් ඔබිබටත් යමින් සිසිල පිලිබ`දව තව විමසන්නේ නමි උෂ්නත්වය පිලිබ`දව මිනුමි කෙරෙන උපකරනයක සහයද ලැබිය යුතු වෙයි.එසේ නොමැතිව දුටු පමණින්ම අධික සිසිලක් ඇතැයිි පැවසීම සුදුසු නොවෙන බව පැහැදිලිය.

ජ්‍යොතිෂ කටයුතු යනු ජන්මපත‍්‍රය කියවා බලා ජීවන තොරතුරු පවසන ශාස්ත‍්‍රයක් වශයෙන් සරලව සෑම කෙනෙකුම දත් කාරණයකි.එසේ නමි ප‍්‍රථමව සොයා බැලිය යුත්තේ කේන්දරය ,හ`දහන ,ෙවිලා පත්කඩය, වැනි නමි වලින්ද හ`දින්වෙන  ජන්මපත‍්‍රය පිලිබ`දවය.ජන්මපත‍්‍රය යනු කෙනෙක් උපන් ෙවිලාව වන විට එම ස්ථානයට අදාලව උදාව පවතින ලග්නයට අනුරූපව ග‍්‍රහයන් හා රාශී සටහන් කර එකී ජන්ම මොහොතට අනුව තොරතුරු කියවීමට අවශ්‍ය තොරතුරු ගනනය කර සටහන් කර ඇති ලේඛණය වශයෙන් හැදින්විය හැකිය.මෙම ලේඛණය සෑදීම ස`දහා අවශ්‍ය තොරතුරු සපයා ගෙන ඇත්තේ අවිධිමත්ව හා අවිචාරශීලීව නොවන බව පහත විස්තරයෙන් පැහැදිලි වනු ඇත.

හිරු ,ස`දු ,කුජ ,බුධ ,ගුරු ,සිකුරු,සෙනසුරු ආදී ග‍්‍රහයන් වෙසෙන හා ගමනේ යෙදෙන මාර්ගය ඇතුලත් අහස අංශක 360 කට බෙදෙන අතර එම අංශක 360 තුල ෙමිෂ ,වෘෂභ ,මිතුන ,කටක ,සිංහ ,කන්‍යා ,තුලා ,වෘශ්චික ,ධනු ,මකර ,කුමිභ,මීන රාශි 12 පවතී.මෙම ෙමිෂ ,වෘෂභ ආදි සිට මීන දක්වා පවතින තරු රාශි දොලසද හිරු ,ස`දු වැනි දිනපතා පියවි ඇසට පෙනෙන ග‍්‍රහ ලෝක මෙන්ම සත්‍ය වශයෙන්ම අහසේ පවතින තරු රටාවෝ වෙති.අස්විද යේ සිටි රේවතී දක්වා පවතින නැකැත් තරුද  එසේම ෙවි.ග‍්‍රහයෙකු අහසේ සිටින ස්තානය අනුව එකී ග‍්‍රහයා සිටින්නේ කුමණ රාශියේද යන්න අහස් කුස පිරික්සන  උපකරණ මගින් සොයා බැලිය හැකිය.අද සිදුවු උපතකට ජන්ම පත‍්‍රයක් සදා එෙවිලෙම අහස සුක්ෂම උපකරනයකින්  පරීක්ෂා කලහොත් ඹබගේ ජන්ම පත‍්‍රයේ සටහන් වන ආකාරයටම ග‍්‍රහයන් රාශි ගතව පවතින බව පෙනෙනු ඇත.ජන්ම පත‍්‍රය සැකසීමට අවශ්‍ය ග‍්‍රහලෝක පිලිබ`දව සටහන් ලිත් සකස් කරනු ලබන්නේද වගකිවයුතු ආයතන මගින් ලබාගත් අභාවකාෂ තොරතුරු මතය.ඉහත ස`දහන් කරන ලද අංශක 360ක ප‍්‍රමාණය රාශි ගනන 12 නිසා 12 න් බෙදු විට රාශියක් අංශක 30කි.මෙම අංශක 30 පරාශය තුල ග‍්‍රහයා සිටින අංශකයද ජන්ම පත‍්‍රයේ වෙයි.එසේම රාශියෙන් රාශියට ග‍්‍රහයාගේ ප‍්‍රකෘති ස්භාවයේ වෙනස වුවද ඉතාමත්ම විධිමත් ආකාරයකට ජ්‍යොතිෂයේ සටහන් වෙයි.මෙසේ අහසේ සත්‍ය වශයෙන්ම දක්නට ඇති ග‍්‍රහ ලෝක හා එය අවට පරිසරය ඇසුරෙන් සැකසෙන ජන්ම පත‍්‍රය යනු ඔබ උපන් මෙහොතේදී ඹබ කේන්ුද්‍ර කරගත්  ග‍්‍රහයන් සත්‍යවශයේන්ම අහසේ සිටි ආකාරය බව පැහැ`දිලි වනු ඇත. මෙහිදි රාහු හා කේතු යන සත්‍යය ග‍්‍රහයන් දෙදෙනෙකු නොවුනද ඹවුන් පිලිබ`ද ගනනය ස`දහා යොදා ගැනෙන හිරු ,ස`දු පෘතිවිය සත්‍යය ග‍්‍රහලෝක බව පැහැදිලිය.

යමි කෙනෙක් තමන් උගත් කේෂත‍්‍ර ඇසුරෙන් සිතා බලා ග‍්‍රහණය නොවු පමණින්ද  පැරණි වු පමණින්ද මිත්‍යාවක් යැයි ජ්‍යොතිෂය බහැර නොකල යුතු ඇයි දැයි ජන්ම පත‍්‍රය සෑදීම ස`දහා යොදා ගන්නා ඉහත ස`දහන් තොරතුරු අනුව ම පැහැදිලි වන අතර මීටත් වඩා සංකීර්ණ හා ගැඹුරු ගණිත ක‍්‍රමද ජ්‍යොතිෂයේදී අවශ්‍යතා මත යොදා ගනු ලබයි.එසේම අතීත සෘෂීවරුන් මෙම ග‍්‍රහලෝක  , තරු රටා හා ඒවායේ හැසිරීම පිලිබ`දව ලත් අවබෝධ ඥානයද අතිමහත් බව පෙනෙනුයේ නවීන සංෙවිදි උපකරණ ඇසුරෙන් ගෙවිෂණයකර සොයා ගත් තොරතුරු හා අතීතයේදි පවසන ලද තොරතුරු සමපාත වීම මතමය.මෙහි ඇති දුක්බර තත්වය  ආර්ථික පල ප‍්‍රයොජ්නය ස`දහා සමහර පිරිස් ජ්‍යොතිෂය යොදා ගැනීම්ය.ජ්‍යොතිෂය ඉතාමත් පු`එල් හා ගැඔුරු බව තව තවත් අවබෝධ වන්නේ එය තුල ඉදිරියට ,ඉදිරියට පා තබනවාත්් සම`ගමය.

මෙහිදි අප දුටු එක් ලිපියක ස`දහන් වුයේ කුජ හෝ සිකුරු හෝ ස`දු යනු ගල් ,වැලි ,පස් ආදියෙන් සැකසුන වස්තූන් බවත් ඉන් යමි බලපෑමක් ඔබ වෙත එල්ල වන්නේ නමි ඔබගේ ගෙවත්තේ ඇති ගල් මගින්ද ඔබට අපලයක් සිදුවිය හැකි බවත්ය.(ගෙවත්තේ පවතින ගල් අදියෙහි බලපෑම සමිබන්ධයන්ද ජ්‍යොතිෂයට පරිබාහිර වු වාස්තු විද්‍යාවෙන් සාකචිචා කෙරෙන බවද දත යුතුය *ඉහත අප ස`දහන් කල ජන්මපත‍්‍රය සටහන් වන ග‍්‍රහයන් මගින් ඔබට බලපෑමක් ඇති නොවන අතර ග‍්‍රහයන් උපන් මොහොතේ සිටින ස්ථානය අනුව ජීවිතයේ යමි යමි තොරතුරු නිෙවිදනය කරන බව සටහන් කල යුතුය.උදාහරණ ලෙස ඹබගේ ජන්ම පත‍්‍රයේ ස`දු  එකොලොස්වැන්නේ සිටීනමි එම  ජන්ම පත‍්‍රය අනුව එකොලාස් වැන්නට යෙදීම මත ඉදිරි ජීවිතය පිලිබ`දව හා මානසික නැඔුරුතාවය පිලිබ`ද නිෙවිදනයක් හෙවත් තොරතුරක් ජ්‍යොතිෂය ඇසුරින් පැවසිය හැකිය. තවදුරටත් විමසන්නේ නමි සෙනසුරු එකී උපන් මොහොතේ ස`දු සිටින රාශියට කලින් රාශිය වෙතට ,එම රාශියට , ඉන් දෙවැන්නට පැමිණෙන කාලවකවානු තුල උපන් මොහාතේ පවතින සෙනසුරුගේ තත්වය අනුව අශුභ කාලයක් ඇතිවන බවද පැවසිය හැකිය.මෙහිදි ස`දු හෝ සෙනසුරු කරන අපලයක්  නොව ස`දු සිටින ස්ථානය අනුව ෙමි ෙමි කාලවල අශුභපල හිමිවිය හැකි බවට  කෙරෙන නිෙවිදනයක්  බව පැහැදිලි කරගත යුතුය.ශුභපල පිලිබ`දවද උපන් මොහොතේදී ශුභපල හිමි කරදෙන බවට නිෙවිදිත ග‍්‍රහයන් අසුරෙන්ම විමසිය හැකිය.ග‍්‍රහ අපල ස`දහා ප‍්‍රතිකර්ම යනු එවැනි කරදර සහිත කාලවදී ආගම –ධර්මය ඇසුරෙන් කරදර ස`දහා පිලියමි යොදා ගැනීමයි. උක්ත ආකාරයේ ගල් වැලි සහිත ග‍්‍රහයන් අපල කරන බව ජනමාධ්‍ය තුල හා ප‍්‍රසිද්ධ දේශණ ආදියෙහි දී ප‍්‍රකාශ කර එයට තවදුරටත් උපහාස රසයක් එක්කර ඒමතින් නැගෙන හසරැුළි ඇසුරෙන් සංතෝෂයට පත් වීමට පෙර සොයාබලා ප‍්‍රකාශය සිදුකරන්නේ නමි වඩාත්ම යහපත්ය.

තවත් තැනක බුද්ධ ධර්මයේ ද ජ්‍යොතිෂය නොමැති බැවින් එය පිලිගතයුතු නැතයි පවසන පිරිස්ද වෙති.බුද්ධ දර්ශණය ශ්‍රේෂ්ඨ දර්ශණයක් වන අතර ඉන් ජනතාවට ජීවිත සත්‍ය පහදාදි ලොකොත්තර වශයෙන් මනස දියුණු කර ගැනීෙමි මාර්ගය පහදා දෙන්නකි.ජ්‍යොතිෂය මනුෂ්‍යයන්ගේ ලෞකික දියුනුව පිනිස යොදවගන්නා ශාස්ත‍්‍රයකි.බුද්ධ දර්ශනයේ පැහැදිලි කෙරෙන අරමුණට වෙනස් මගක යන ශාස්ත‍්‍රයක් වන ජ්‍යොතිෂය බුද්ධ දර්ශණයට  සමිබන්ධයක් නැත.ලෞකික දියුනුවට සමිබන්ධ ශාස්ත‍්‍ර හෝ විද්‍යාවන් පිලබ`දව නිර්මල වු නිවන් මාර්ග අවබෝධකර දෙන බුද්ධ දර්ශණයේ ස`දහන් නොෙවි.

පාරමිපරිකව පැවතෙන විවිධ ශිල්ප ( අංගමි පොර වැනි * , වෙදකමි ආදිය ඉගැන්වීමට ප‍්‍රථමයෙන් සිසුවාගේ ජන්මපත‍්‍රය අසුරින් ඹහුගේ මානසික නැඔුරුව පරීක්ෂා කිරිමද  අතීතයේ සිට පවත එන්නකි.වි්ැරදි පුද්ගලයෙකු අතට ශිල්ප යාෙමින් සිදුවන අනර්ථය වලකාලීම ස`දහා සුදුසු යහපත් මනසක් ඇත්ද නැද්ද විමසීම කර ඇත්තේ ජ්‍යොත්ෂය ඇසුරෙනි.
එදා මෙන්ම මෙදාද දේශීය වෙදකම තුලද රෝගියාගේ ජන්ම පත‍්‍රය පරීක්සා කර බලා වෙදකමි කරනු ලබයි.රොගියාගේ අපල තත්වය අනුව ඹෟෂධ ගුණ අහිමි විය හැකි බවද රොගියාගේ රෝගය පිලිබ`දව තවදුරටත් විමසිමටද ජ්‍යොතිෂ දනුම සමහර වෙද පරමිපරාවල  වෛද්‍යවරුද යොදා ගනිති.

ජන්මපත‍්‍ර පරීක්ෂා කරවා නිවැරදි ප‍්‍රතිපල නොලද අය වෙත කරුනු කිහිපයක් බලපා හැක.ජ්‍යොතිෂය පිලිබ`දව නිවැරදි අවබෝධයක් නොලද අයෙකු වෙත ජන්ම පත‍්‍රය ඉදිරිපත් කිරීම ,ජන්ම ෙවිලාව නිවැරදි නොවීම ,ඔබට සාදා දී ඇති ජන්ම පත‍්‍රයේ දෝෂ තිබීම ,විදේශ උපත් ස`දහා ජන්මපත‍්‍ර සෑදිෙමිදි නිවැරදි ක‍්‍රමෙවිදයට නොව ලංකා වෙලාවට ජන්ම පත‍්‍ර සාදා පලාපල පැවසීම ආදිය සිදුවිය හැකියි.

ජ්‍යොතිෂය සත්‍ය නමි එකම කේන්දරය හිමි එහෙත් පලාපල වෙනස් වන්නේ ඇයිදැයි යන්නත් සමහරුන් නගන ගැටලූවකි.ෙමි සදඟා අන්තර් ජාලය තුලදී විදේශිය ජ්‍යොතීර්ෙවිදීන් විවිධ ආකරයේ පැහැදිලි කිරීමි ඉදිරිපත් කර ඇත.ඹබගේ අවබෝධය පිණිස මෙසේ පැහැදිලි කල හැක. මෙහිදි කේන්දරය යනුයෙන් පවසන්නේ රාශි කේන්දරය එකක් වීමයි.එනමි එකම ලග්නය වී සමාන ස්ථානවල සිටින ග‍්‍රහයන් සමාන වීමයි.සාමාන්‍යයේන් දිනකට ලග්නයක් පැය 2 පමණ උදාව පවතින අතර එම කාලසීමාව තුලදී ග‍්‍රහ මාරුවක් සිදුනොවුන හොත් එකී පැය දෙක තුලම උපන් සියලූ දෙනාගේම රාශි කේන්දරය සමාන ෙවි.රාශි කේන්දරය යනු ඹබගේ ජන්මපත‍්‍රයේ  ලග්නය හා සෙසු ස්ථානයන්හි ග‍්‍රහයන් සටහන්  කර ඇති සටහන ෙවි.ෙමි ආකාරයට එකම දිනයේ නොව වෙනස් දින ”වලද සමාන රාශි කේන්දර ඇතිව උපදින්නො වෙති.මෙම රාශි කේනදරයෙන් පෙනෙන කරුණු තවදුරටත් නිවැරදි හා තියුනු කෙරෙන සියුමි ගණිතය ජ්‍යොතිෂයේ අඩංගුයි.ඉහත පැය දෙක නමයට බෙදන නවාංශය ඉන් එකකි.එනමි එම පැය දෙක තුල පලමු මිනිත්තු 13 තත්පර 20 පමණ කාලය තුල උපදින්නෝ රාශි කේනද්‍රය එකම වුවත්  එක් නවාංශකයකය.දෙවැනි මි 13 තත් 20 තුලදී එකම රාශි කේනදරය ඇතත් වෙනත් නවාංශකයකය.ෙමි අනුව ඉදිරි ජීවිතය වෙනස් ෙවි.තවදුරටත් සියුමිව තත්පර ගණනක වෙනස් සටහන් කෙරෙන වර්ග කේන්දර ,ෂඪි වර්ගය ,චිත්තාංශකය ,උපසථාන ආදි විවිධ ක‍්‍රම අනුව තත්පර ගණනක උපත් වෙනස වුවද ජීවිත වෙනසකට ම`ගපාදන බව සටහන් කල හැක.ජන්මපත‍්‍රය පරීක්ෂා කිරීම යනු රාශි කේන්දරය පමණක්ම බැලීමක් නොවන බව දත යුතුය.

යමි යමි කාලවල මුලික ජ්‍යොතිෂ සිද්ධාන්ත වෙනස් වන අයුරින් මත ඉදිරිපත් වී ඒවා සමාජගත විමද ජ්‍යොතිෂයේ නිර්මල බවට හානි සිදුවන කරනු ෙවි.

 හෙන්ද්‍රක් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ  ”ජීවිතය සහ ග‍්‍රහයෝ ” නැමති ග‍්‍රන්ථයෙහි එතුමා ජ්‍යොතිෂ පිලිබ`දව මෙසේ සටහන් තබා ඇත.

 ”මා ඉන්දියාවේ වෙදකම සමිබන්ධ කටයුතු කරන අතරම ජ්‍යොතිශ්ශාස්ත‍්‍රය ද ටිකක් ඉගෙන ගතිමි.එහෙත් එය ප‍්‍රසිද්ධ වශයෙන් භාවිතා කලේ නැත.මාගේ ගුණවත්  භාර්යාවගේ මරණයෙන් ෙමි ශාස්ත‍්‍රයේ තිබෙන සත්‍යතාවය අවබෝධ විය. එම නිසා මෙතරමි උසස් ශාස්ත‍්‍රයක් අ`දුරේ තිබෙන්නට හැරීය යුතු නැතැයි මට වැටහිණ ”

 ජ්‍යොතීර් විද්‍යා රාජ්‍ය සමිමාන ලාභි ආචාර්ය  ඇමි .ජී .ගුණපාල මහතාගේ ” ගෝචර පල රහස් ” ග‍්‍රන්ථයේ පෙරවදනේ මෙසේ සටහන් වෙයි.

”මුහුණ දෙන ගැටලූ බොහොමයක්ම භෞතික සංසිද්ධීන්ගේ ඵලයක් ලෙස භාරගැනීමද අපගේ පුරුද්දක් වී ඇත.එවන් අනපේක්ෂිතාවන් පිලිබ`ද පුර්ව හැ`ගීමක් හෝ අවබෝධයක් ලබමින් වඩාත් සාර්තකව අපගේ කටයුතු පෙළ ගස්වා ගැනීම සමිබන්ධයෙන් ජ්‍යෙතිෂය අපට මහ`ගු උපදේශකයෙකු ෙවි.ගතවු ඊයේට වඩා අද ගැන ද අදට වඩා නූපන් හෙට ගැන සුවිශේෂිව කරුණු දැක්වීම නිසා ජ්‍යොතිෂය අනාගත වාක්‍යයක් ලෙසට ද පිළිගැනීම ද  වරදක් නොෙවි.”

 ජ්‍යොතිෂය ඇත්තදයි  කෙනෙක් ඇසීමට  මෙම පහත දැක්වෙන කරුණුද හේතුවිය හැකිය.මෙම සටහන ජ්‍යොතිෂයේ දියුණුවට පොත් පත් රාශියක් තිලිණ කල දෛව`ඥ වයි .ඒ හරමානිස් අප්පුහාමි මහතාගේ මහ`ගු ග‍්‍රන්තයක් වන දශා ප‍්‍රදීපයෙනි

”සාමාන්‍යයෙන් සිතාබලන කල මෙකල ලාංකිකයාගේ  ජ්‍යොතිශ්ශාස්ත‍්‍රඥානය ඉතා ම දුර්වල යයි කිව යුතුය.දෛවඥ නමින් අප රට පෙනී සිටින්නවුන්ගෙන් සියයට පනහක් පමණවත් ෙමි ශාස්ත‍්‍රය ගුරු මුඛයෙන් හැදෑරුවෝ නොවෙති.එහෙයින් ඹවුන් රාශි චක‍්‍රය හා භාව චක‍්‍රය කුමක් ද කියාවත් නොහ`දුනත්.ෙමි බව අප රට පත‍්‍රවල ඉද හිටලා පලවන ලිපිවලින් මනාව ස්ථුට ෙවි.එහෙත් ෙමි ශාස්ත‍්‍රය පිලිබ`ද ප‍්‍රමාණවත් දනීමක් ඇති උගත්තු ද අප රට නැත්තාහු නොවෙති.එසේ ද වුවත් කිසිම රැුකි රක්ෂාවක් නොකොට හැකි වු අබිබගාතයන් ද සි`ගන්නන් ද පුලන්නන් ද ෙමි ශාස්ත‍්‍රයේ මුවාවෙන් උදර පෝෂනයට සුදානමි වී සිටිමෙන් ලාංකික දෛවඥයාගේ තත්වය අද දවසේ බොහෝ සෙයින් පහත බැස තිබෙන බව කිව මනා නොෙවි.”

ප‍්‍රභාත් කරුණානායක

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles