2014 ජුලි මස 13 වෙනිදා රාහු තුලා රාශියේ සිට කන්‍යා රාශියට පැමිණ 2016 ජනවාරි 29 දක්වාම ගත කරනු ලබයි.මෙම රාහු කන්‍යා රාශි ගත වීම ඹබගේ ලග්නය අනුව ශුභ අශුභ පහත දැක්වෙි.රාහු අන් ග‍්‍රහයන් ගමන් කරන දිශාවට ප‍්‍රතිවිරුද්ධ  දිශාවට ගමන් කෙරෙයි.රාහු මාරුව සම`ගම සිදුවන කේතු මාරුවද ෙමිෂ රාශිෙිය් සිට මීන රාශිය වෙත සිදුවෙයි.සෑම විටක රාහුට අංශක 180 පමණ දුරින් කේතුගේ ගමන සිදුවන අතර එයද රාහු මෙන්ම ආපස්සටම වෙයි.

රාහු හා කේතු ස්කන්ධයක් රහිත ග‍්‍රහයෙන් වන අතර ඹවුන් ග‍්‍රහලෝකයන් නොෙවි.සුර්යා ,පෘතිවිය හා ස`දු ඇසුරෙන් මැවෙන බලයට පුරාණ සෘෂිවරු ග‍්‍රහ තත්වයක් ආරෝපණය කර ඇත.මෙම ගණිතමය ලක්ෂයන් දෙකෙහි ප‍්‍රතිපල සමහර අවස්ථාවලදි ස්කන්ධ සහිත ග‍්‍රහයන් අභිමවා වුවද ජන්මීන් කෙරෙහි ශුභ අශුභ තීරණය කිරීම ස`දහා වැදගත් වන අවස්ථා යෙදේ.රාහුගේ ප‍්‍රතිපල  ලැබෙනුයේ  රාහු සිටින රාශිය ,එහි අධිපති හා රාහු වෙත ලබෙන සංයෝග ,යෝග ,දෘෂ්ටි ආදිය මතය.ෙමි අනුව ලබන ශුභ අශුභ තීරණය කීරීම කල යුතු ෙවි.රාහු හා කේතු ඉහතදී ස`දහන් වු පරිදි ග‍්‍රහයන් මිස ග‍්‍රහ ලෝක නොවෙන අතර ජන්ම මොහොත අනුව යහපත් ,බලවත් වු ග‍්‍රහයන් සම`ග බොහෝ විට සුභපල පිලබ`දව නිෙවිදන ලබා දෙනු ඇත.අශුබ ග‍්‍රහයන් සම`ග සමිබන්ධ විෙමින් අශුභ පල ලබා දෙනු ඇත.

රාහු පිලිබ`දව බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සැම විටම අශුභ පුතිපලම ජන්මීන් වෙත ලබා දෙන ග‍්‍රහයෙකු වශයෙන් වන අතරම රාහු මහ දශාවක් ලැබිමද මහත් වු අවසානාවක මුල යැයි ද සිතනු  ඇති.නමුත් හැම විටම එසේ නොවන වග අපගේ පුද්ගලික අදහස වන අතරම ශී‍්‍ර කාලිදාසයන් ගේ උත්තරකාලාමෘතය නැමති මා හැ`ගි ග‍්‍රන්ථයේද  මෙසේ සටහන් ෙවි.

සත්‍යාතං කේතුවිධුනතුදෞ ද්විතනු

භෙ කෙන්ද්‍ර ත‍්‍රිකොණෙශවෙරෙඃ

යුකේතෟවා තදධීශ්වරෞ යදිතයොඃ පාකෙථිරාජ්‍යප‍්‍රදෞ
තාවෙවව්‍යය ශත‍්‍රැරන්ධුසදනා මීශෛශ්වයුකේතකෂිතෞ
නෘණාමලප එලප‍්‍රදෞ ච ජනනීං තදවර්ගි සංහාරකෞ

මෙහි අදහස මෙසේ වෙයි රාහු හා කේතු කේන්ද්‍ර රාශියක ( 1, 4 ,7,10 ) හෝ ත‍්‍රිකෝණ රාශික ( 5 ,9) අධිපතියෙකු සම`ග හෝ ද්වි රාශියක ( මිතුන ,කන්‍යා ,ධනු ,මීන ) සිටීනමි හෝ එම කේන්ද්‍ර ත‍්‍රීකෝණ රාශියටම අධිපති ෙවිනමි  රාහු  -  කේතු මහදශා කාලයේදී ජන්මියාට ධනය, පාලන බලය හිමි වෙයි.
 
ෙමි අයුරින්ම භාව ප‍්‍රකාශයේ රාහු  උපතින් තෙවැන්නේ සිටින විට තත්වය මෙසේ සටහන් වෙයි.
කෙනෙකුගේ උපන් මොහොතේ රාහු තෙවැන්නේ ඇති කල මහු හෝ ඇය ලෝකයා සම`ග මනා මිත‍්‍රත්වයක් ඇතිතෙක් වෙයි.මහත් වු වස්තුවක් ඇත්තෙක් වෙයි.සංග‍්‍රමයෙදී බලපරාක‍්‍රමයෙ

න් සිංහයෙකුට සමාන වෙයි.එසේම සය වැන්නේ යෙදීම සතුරු මර්ධනය ස`දහා යහපත් පිහිටීමක් වන අතරම හයවැන්නේ  රාහු ඇති ජන්මියා ඥානයෙන් මෙන්ම කාල බලයෙන්ද සමුර්ධිමත් පුද්ගලයෙක් වනු ඇති බවද ස`දහන්ය.

ඉහත ආකාරයේ රාහු ශුභපල හිමි කෙරෙන අවස්ථා තමන්ගේ ජන්ම පත‍්‍රයේ පිහිටීමි අනුව යෙදෙන අතරම හැම විටම රාහුගෙන් අශුභපල හිමි නොවන බව පැහදිලි වනු ඇත.

පහත විස්තර කෙරෙනුයේ ඒ ඒ ලග්නය අනුව රාහු මාරුවේ පොදු ශුභ අශුභ ෙවි.තම ජන්ම පත‍්‍රයට අනුව ම ශුභ අශුභ අනෙක් ග‍්‍රහ බලපෑමි ,උපන් මොහොතේ  රාහු ගේ පිහිටීම ,ගත කරන දශාවන්,සෙනසුරු අපල  ආදී තත්වයන් අනුව තරමක්  වෙනස් විය හැකි බව සලකන්න.

ෙමිෂ ලග්නය
රාහු සය වැන්නට පැමිණේ.සිතේ සහනකාරී බවක් ගොඩනගෙනු ඇත. රාහු මාරුව සමස්ත වශයෙන් යහපතක් සැලසෙනු ඇති අතර තමාගේ පදිංචි ස්ථානයේ යමි දියුණුවක්ද හිමි විය හැකිය.නිවසට හේා තමාගේ පරිහරණය ස`දහා යමි මිලදී ගැනීමක් සිදුවිය හැකියි. තමාගේ රැුකියා කටයුතු ආදියෙහි යමි දියුණුවක් හිමි වන අතරම සැමගේම සහයෝගය හිමි වනු ඇත.රැුකියා උසස් වීමක් කෙරෙහි බපාපොරොත්තු වක් තිබුණේ නමි එය ඉටු විය හැකි කාලයකි.සතුරු කරදර ආදිය පැවතියේ නමි එයින්ද සහනයක් හිමි වන කාලයකි.ඹබගේ ව්‍යාපාර කටයුතු ආදියෙදී දියුණුවක්ද හිමිෙවි .වෙනදාට වඩා වෙල`ද කටයුතු ආදියෙන් වාසි සැලසිය හැකි

 කාල වකවානුවකි.සේවකයන් වුවද වෙනදාට වඩා කැපවීමෙන් හා  වගකීමෙින් යුක්තව කටයුතු කරනු ඇත.කටයුතු ස`දහා අවශ්‍ය සේවකයන් මුණගසෙනු ඇත.විභාග උාදියෙන් ජය හිමිවන කාලයකි.ඔබට ජනප‍්‍රියත්වයක්  මෙන්ම එඩිතර බවක් ද ඇතිවනු ඇති.කටයුතු ස`දහා එතරමි වෙහෙසක් දැරිය යුතු නොෙවි.ශරීර සනීපයද දියුණු විය හැකි වුවද තම සෞඛ්‍යය පිලිබ`දව සැලකිලිමත් වන්න.ස්ත‍්‍රීන් සම`ග සමීපව කෙරෙන කටයුතු යෙදිය හැකිය.සිරුරේ ආකර්ෂනය ඇතිෙවි.අධ්‍යාත්මික දියුණුව පිලිබ`ද උනන්දු වන අයට එම කටයුතු ස`දහා ඉඩ සැලසෙනු ඇත

වෘෂභ ලග්නය
මිශ‍්‍ර ප‍්‍රතිපල හිමි වන ග‍්‍රහ මාරුවකි.ආදායමි ලැබීම අතින් තරමක දුෂ්කරතා හිමි විය හැකි වුවද වාසිදායක තත්වයන්ද ඇතිවිය හැකිය.තමාගේ අධ්‍යාපන කටයුතු දියුණුවක්ද හිමිවිය හැකි අතරම ගැඹුරින්ම සමහර දේ පිලිබ`ද සිතනු ඇත.තම දරුවන් ශීෂ්‍යයන් පිලිබ`දව සැලකිලිමත් වීම වඩාත්ම යෝග්‍ය ෙවි.අගොස්තු, සැප්තමිබර්,නොවැමිබරි මාස තුලදී ඔබගේ නිර්මාණාත්මක හැකියා වර්ධනයක් ඇතිවිය හැකිය. සෑම කටයුත්තක්ම දැඩි සැලකිලකින් යුතුව පවත්වාගෙන යාම යහපති.ශාස්ත‍්‍රීය දියුණුවක්ද හිමිවිය හැකිය.හදිසි ගමන් යෙදිය හැකි අතර ඉන් වාසි හිමිෙවි .අ`එත් කටයුතු පිලිබ`දව අවධානයක් ඇතිෙවි.උපන් අවස්ථෙවි රාහු යහපත් අයුරින් පිහිටා ඇති අයෙකුට මෙම කාලය තුලදී වඩාත්ම යහපත් බවක් බලාපොරොත්තු විය හැකි වුවද සෙසු අය තරමක් කල්පනාකාරීව කලබලයෙන් තොරව සමකාමී ලෙස මෙම කාලය ගත කිරීමට සිතා ගැනීම තුලින් සහනය හිමි කරගත හැක.

මිතුන ලග්නය
මානසික වශයෙන් පීඩාවට පත්වන කාලයකි

.සිතට තරමක බියක් ඇතිවිය හැක.තම මවි  තමා පිලිබ`දව සතුටක් දැකිවිය හැකිය.මවට සු`එ වශයෙන් යමි අසනිප ගතියක් ඇතිවිය හැකිය.ගේදොර ආදියෙ හා පෙර තිබුණු නිස්කලංක බව හෝ සුව පහසුව ජන්මියාට අහිමි විය හැකිය.ගේ දොර , දේපොල ආදිය සමබන්ධව යමි නීතිමය ප‍්‍රශ්නයක් තිබුණේ නමි එය සමනය විමක්  ඇතිවිය හැකිය.කෙරෙන කටයුතු නිමවා මිස අ`එතින් වැඩ කටයුතු අරබීම සුදුසු නොෙවි.තමා සතු බඩු මුටිටු ආදියෙන්ද තමාට නිසි ප‍්‍රයෝජනයක් ගත නොහැකි තත්වයක් ඇතිවිය හැකිය.උපන් පත‍්‍රයේ මොහොතේදී රාහු යහපත් අයුරින් ජන්ම පත‍්‍රයේ සිටියේ නමි අශුභතාවය තරමක් අඩුවනු ඇත.අධ්‍යාපන කටයුතු ආදියෙන්ද යමි දියුණුවක් හිමි විය හැකි අතරම දේපොල මිලදී ගැනිමක්ද ඇති විය හැක.

කටක ලග්නය
රාහුට තෙවැන්න යහපත් ස්ථානයකි.උපතින්ද රා

හු තෙවන්නේ සිටියේ නමි ගෝචරයෙන් රාහු තෙවැන්නේ ගමන් කරන කාලයේදී ශුභ පල හිමි වනු ඇත.සමාජයේ ගෞරවයට පත්වන කාලයකි.උසස් අයගේ ආධාරය , උපකාරය හිමි වනු ඇත.ව්‍යාපාරික කටයුතු ආදියෙන්ද නොසිතු අයුරින් ලාභ හිමි වන කටයුතු යෙදේ.සතුරු කරදර වල තරමක අඩුවිමක් ඇතිවිය හැකි අතර මිතුරන්ගේ සහය හිමිවන කාලයකි.තමන්ගේ උත්සාහයේ තරමට ප‍්‍රතිපල ලැබෙන කාලයකි.අධ්‍යාපනයෙන් ,කෙටි ගමන් බිමන් ආදියෙන් ,ලිපිලේඛන කටයුතු ආදියෙන් , පොත් පත් පල කිරිමෙන් ආදායමි හිමෙවි.සියුමි නුවණක් ඇතිෙවි.ඉදිරි අනාගතය පිලිබ`දව මනා සැලසුමි ඇති ෙවි.අතහැර දමන ලද කටයුතු නැවත ඇරබීමටද සුදුසු කාලයකි.ආගමික භක්තිය වැඩි වන  විය හැකි කාලයකි..රාහු තෙවැන්නේ ගමන් කිරීම කටක ලග්න හිමියන්ට යහපත් කාලයකි.උපතින් රාහුට හිමිවු යහපත් බව හා බලවත් බව අනුව ඉහත කි ශුභ අශුභ සංශෝධනය ෙවි.

සිංහ ලග්නය
 බාධාවීමි ඇතිවුවද යමි ප‍්‍රමාණයක් ධනයක් හිමි කරගත හැකි කාලයකි.සමහර අවස්ථාවලදී අනවශ්‍ය අකාරයෙන් ධනය වැය වීමක් සිදුවිය හැක්කේ ඹබගේ ඉක්මන් කම නිසාමය.අධයාපන කටයුතු ආදියෙහි යමි දියුණුවක් අවබෝධතා ශක්තියක් අතිවිය හැකිය.කතාබහ කිරීෙමිදී සැලකිලිමත් නොවිම නිසා සමහර අවස්ථාවලදි විවිධ ආකාරයේ අලාභ සිදුවිය හැකිය.නමුත් ධන ලාභ ආදියටද ඉඩ යෙදිය හැකිය.රාහු උපතින් අයහපත්ව සිටීනමි ධන හානියකටද ඉඩ ඇත.ණය ගනු දෙනු ආදියෙන්ද අයහපත් බවක් හිමිවනු ඇත.අනතුරු ආදියෙන්ද ප‍්‍රවේශමි විය යුතු අතර රෝගී තත්වයන් පිලිබ`දවද නිසි උපදෙස් පැතිය යුතුය.

කන්‍යා ලග්නය
 රාහු පැමිණෙන්නේ ලග්න භාවයටම වෙි.සමස්ත වශයෙන් යහපත් අයුරින් ගෙවෙන කාලයකි.ආත්ම විශ්වාසය දැඩි ෙවි .තමා පිලිබ`දව දඩි විශවාසයක්  හිමි වන අතර ක‍්‍රියාශීලී ස්භාවක් ඇතිවන කාලයකි.බොහොවිට තම මතයට අනුවම කටයුතු කෙරෙයි.තීක්ෂණ නුවනක් ඇතිෙවි.මෙහිදි උපතින්ද රාහු බලවත්ව ජන්ම පත‍්‍රය තුල යෙදී සිටීනමි රාහු ලග්නයේ හැසිරෙන කාලය වාසනාවන්ත ෙවි.තමා පවත්වාගෙන එන කටයුතු ආදියෙහි දියුණුවක්ද හිමිෙවි.අස්ථිරත්වයකින් තිබුණු කරණු මනා ලෙස ස්ථාපිත ෙවි.අතහැර දමි තිබුණු දෙයකින්ද ප‍්‍රයොජන හිමි විය හැකිය.තරමක් කර්යය බහුල තත්වයක් අතිවුවද සිතේ උනන්දුවක්ද ඇතිවන නිසා කටයුතු කගෙන යාෙමිදී විඩාවක් ඇති නොෙවි.ගමන් බිමන් අධිකව යෙදෙන කාලයකි.
නමුත්  උපතින් අශුභව ජන්ම පත‍්‍රයේ සිටීනමි ශුභපල අහිමිව යනු ඇත.වැරදි තීරණ ආදිය නිසා පාඩු සිදුවිය හැකියි.ගේදොර ආදියෙහි නොයක් ගැටලූ ඇතිවන අතරම මත් ද්‍රව්‍ය ආදියටද යොමු විය හැකිය.සිතට බියක් ඇතිෙවි.නරක ඇසුර නිසා තම නාමයටද හානියක් සිදුවිය හැකිය.කලබලකාරී නොවී සන්සුන් මනසිනි ගත කිරීම වඩාත්ම යහපති.

තුලා ලග්නය
තුලා ලග්නයේ රාහු පැමිනෙන්නේ දොලොස් වැන්නට ෙවි.වියදමි යෙදිය හැකිය.උපන් රාහුගේ තත්වය අනුව මෙම වියදම සත්‍ය වශයේනම ආයෝජනයක්ද නැතහොත් විනාශයක්දදැයි තක්සේරු කල යුතුය. නොවැමිබර් මස සෙනසුරු මාරුවද දෙවන්නට යෙදෙන බැවින් තුලා ලග්න හිමියෝ කල්පනාකාරීව තම කටයුතුවල සුදුසු ෙවි. අසත්‍ය චෝදනා ආදියටද අසුවිය හැකිය.තමන්ගේ සෞඛයය පිලිබ`දව අවධානය යොමු කල යුතු කාලයකි.රජයට කුමණ කාරනයකින් හෝ දඩ මුද

ලක් ගෙවිමට සිදුවිය හැකියි.විදේශ ගමන් ආදිය බලාපොරොත්තු අයට බලාපොරොත්තු ඉටු විය හැකිය.දුර බැහැර ගමන් යෙදේ.නිතිමය ප‍්‍රශ්න ආදියටද මුහුණ දීමට සිදුවිය හැකිය.නමුත් පැහැදිලි ව ඉෙබිම කරුණු වැටහෙන ඥානයක් ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය
පෙර තිබු තත්වයට වඩා සෑම අතින්ම යහපත් වන කා

ල වකවානුවකි.තමන්ගේ සිතේ පැවති බපාපොරොත්තු ඉටු වන කාලයකි.සුදුසු වයසේ නමි විවාහ කටයුතු ආදියද යෙදිය හැකිය.නව මිතුර්න්ි හිතවතුන් ඇතිෙවි.ස්ත‍්‍රීන්ට පුර්ෂයන්ද ,පුර්ෂයන්ට ස්ත‍්‍රීන්ද ඇසුරට යෙදෙන කාලයකි.අනපේක්ෂිත මුල්‍යමය ලාභ ආදියට යොසු විය හැකියි.විනෝද ගමන් ආදියද ,විනෝද සාද ආදිය යෙදෙන කාලයකි.අධයාපනයටද යහපත් වු කාලයකි.ව්‍යාපාරිකයන්ටද යහපත් කාලයකි.දරුපලද හිමි විය හැකිය.දරන උත්සාහයෙන් නිසිපල හිමි වන කාලයකි.

ධනු ලග්නය
දැඩි උත්සාහයත් ,මනා ඉවසිලිමත් බවත් ,වගකිමත් අනුව කටයුතු කිරීමෙන් දියුනුවක් හිමිෙවි.දේපොල වගාවන් දියුණු කර ඉන් ලාභ හිමිකරගත හැකිය.නමුත් උපත් රාහු ඉතාමත් යහපත් නමි වෘත්තිය වශයෙන් දියුණුවට පත්වන කාලයකි.උත්සාහයට නියම පල හිමිෙවි.සාමාජයේ ප‍්‍රසිදිධියක් හිමිෙවි.නමුත් උපතින් රාහු දුර්වල තත්වයක සිටීනමි රැුකියා ආදියෙහි බාධක යෙදිය හැකිය.විරුද්ධ වාදීන්ගේ කේලමි නිසා තමාගේ කටයුතු ආදියට බාධක යෙදේ.අයහපත් අයගේ ඇසුරට යොමුවිය හැකි අතරම තමා ද නොයෙක් අයහපත් දේ ස`දහා යොමු විමක් සිදුවිය හැකිය. වියදමි පක්ෂය ඉහල යා හැකි අතර කාර්ය බහුල තත්වයක් යෙදේ.මානසික සහනය තරමක් දුරට ඈත්ව යන කාලයකි.අධ්‍යාපනයට තරමක බාධක යෙදිය හැකිය.

මකර ලග්නය

නම වැන්නට රාහුගේ පැමිණිම යහපත්ය.රාහු උපතින්ද යහපත් අයුරින් ජන්ම පත‍්‍රයේ සිටියේ නමි යහපත් කාලයක් වනු ඇත. දිගු වන්දනා ගමන් ආදිය යෙදේ.දහැමි ,උසස් සිතුවිලි සිතතුල ඇතිවනු ඇත.අධ්‍යාපනය ස`දහා  විදේශ ගත වීමට බලාපොරොත්ුවන අයට එම කටයුතු ස`දහා ඉඩකඩ යෙදේ.ගුරුවරුන් ,ආගමික පුජකවරුන් සම`ග කටයුතු කිරීමට අවස්ථා යෙදිය හැකිය.සමස්ත වශයෙන් මිශ‍්‍ර ප‍්‍රතිපල ලබෙන කාලයකි.සතුරු කරදර ඇතිවිය හැකිය..ආගමික කටයුතු ආදියෙන් සෙත සැලසේ.විදේශ ගතවීමි ආදිය ඇතිවිය හැකි අතර උසස් අධ්‍යාපනයේ යෙදෙන අයටද දියුණුවක් හිමි විය හැකි කාලයකි.නෑදැයන්ගෙන් ප‍්‍රසංශාව හිමි වන කාලයකි.ජන්ම මොහොතේදී රාහු දැඩි ලෙසම පීඩාකාරී නමි ශුභපල ස`දහා බාධක යෙදේ

කුමිභ ලග්නය
ගුප්ත කටයුතු ස`දහා අවධානයක් ඇතිෙවි.සමහර විට අන්සතු ධනයකටද හිමි කමි ඇතිවිය හැකිය.උදරය ආශිත පිඩා ඇතිවිය හැකි අතරම අනතුරු ඇසුරෙන්ද ප‍්‍රෙවිශමි විය යුතුය.මිශ‍්‍ර ප‍්‍රතිපල හිමවෙන කාලයකි.උපන් මොහොතේ රාහුගේ පිහිටීම මත ධන ලාභයක් පිලිබ`දව නිෙවිදනයක් තිබුණේ නමි  එහි ප‍්‍රතිපල හිමිවිය හැකිය.බිරිදගේ පාර්ශවයෙන් යමි ලාභ හිමිවිය හැකිය.උරුම හිමිකමි ආදිය හිමිවිය හැකිය.තරමක් ඉවසීමෙන් ,කෝප නොවී කටයුතු කලයුතු කාලයකි.හිතවත් අයෙකුගේ මරණයක් යෙදීමටද ඉඩ ඇත .

මීන ලග්නය
සමාජ තත්වයක් ඇතිවන කාලයකි .තමන්ගේ ව්‍යාපාර ආදියෙහි යමි දියුණුවක්  හිමිවන කාලයක් ෙවි. .සමාජ සේවයේ යෙදෙන අයට යහපත් කාලයකි.ප‍්‍රසිද්ධියක් හිමිෙවි.සියුම් නුවණක් 

ඇතිවන කාලයකි.හවුලේ කෙරෙන කටයුතු ආදියෙන් ලාභ ප‍්‍රයෝජන හිමිෙවි.තම විවාහ සහකරුටද විවිධ තාග්‍ය ආදිය හිමි විය හැකි කාලයකි.නිවසේ වාසය සතුටු දායක ෙවි.විවාහ යෝජනා ආදිය ඉදිරිපත් විය හැකිය.සතුරන් වෙතින් ඇති කෙරෙන බාධක හිරිහැර ආදියෙහි අඩුවීමක් ඇතිවිය හැකි කාලයකි.


රාහු මාරුවෙි අශුභපල අවම කර ගැනීමටත් ශුභපල වර්ධනයටත් සුදුසු වත්- පිලිවෙත්

බෞද්ධයන් පන්සිල් ආරක්ෂා කිරීම සෙසු ආගමිකයෝ තම ආගමික කටයුතු නිසිලෙස පැවැත්වීම ,ධර්මය පිලිබ`දව අවබෝධය ස`දහා කටයුතු කිරීම ,මත් පැන් මත් ද්‍රව්‍ය ආදියෙන් වැලකීම ,ධර්මාණුකූල ජීවන රටාව අපල ආදියන් සහනය හිමි කර දෙනු ඇත.

1.පහත දැක්වෙන ව්‍යාස නමි සෘෂිවරයා විසින් ප‍්‍රකාශිත රාහු ස්ත්‍රෙතය උදේ සවස සන්සුන් සිතින් කියවීම යහපති

අර්ධකායං මහාවීර්ය්‍යං චන්ද්‍රදිත්‍ය විමර්දනමි
සිංහිකාගර්භ සංභූතං තං රාහුං ප‍්‍රණමාම්‍යහමි

2.රාහු මන්ත‍්‍රය
කයානශ්චිත‍්‍ර ආභුව දිති  ( ජප සංඛ්‍යාව 108 )
ඔිං භ‍්‍රාං භ‍්‍රීං භ‍්‍රෑං සඃ රාහවෙ

ස්වාහා ( ජප සංඛාව 108 )

3 .ශීව දෙවියන් ,පාර්වතී දේවිය ට පුජා පවත්වා රාහු අපල අදියෙන් සහනය ප‍්‍රාර්තනය කරන්න.

4.රාහු දාන ද්‍රව්‍ය
ගෝමෙද මැණික්,තලතෙල්,නිල් පැහති වස්ත‍්‍ර,මිශ‍්‍ර ලේාහ දන්දීම යහපති.

5.කතරගම දෙවියන්ට කුකුලූ රූපයක් ,මසන ලද රතු කොඩියක්,රත්මල් වටිටියක් ,පූන නුලක් ,රිදියෙන් මයුර වාහනයක් ,සුව`ද දුම් ආදිය සම`ග බාර වීම යහපති.

6.රාහු අපල ස`දහා ස්නාන
ඉරිෙවිරිය ,කලා`දුරු ,බෙලිපත්,රත්ස`දුන් ,කස්තුරි ,ඇත්දත් ,ඊතන යන ඖෂධ ජලයෙන් ස්නානය යහපති

7.වැටකේ වෘක්ෂයට ආවතේව කිරීම,ස්පර්ශ කිරීම ,ජලය වත් කිරීම යහපති.

8.වැටකේ මල් බෝධියකට පුජා කිරීම යහපති

9.බෝධි ප‍්‍රජා පවත්වා සියලූම දෙවියන්ට පිං අනුමෝදනා කර අපල ආදියෙන් ආරක්ෂාව හා සහනය ප‍්‍රාර්තනා කරන්න.
 
මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles