විශ්ව කේන්ද්‍රයේ  භාග්‍ය ස්ථානය වන නම වැන්නට හිමි කමි කියන ගුරු හෙවත් බ‍්‍රහස්පතී ග‍්‍රහයා සෞභාග්‍යට මෙන්ම ධනයටද කාරකයාෙවි. මීන රාශියට අධිපති වෙම්න් දොලොස්වැන්නේද හිමිකම දරන බැවින් මෝකෂ කාරක ග‍්‍රහයාද ෙවි.  උපන් මොහොතේ ගුරු 1 ,2 ,4,5,7,9,10,11 ආදි භාවයක සටහන්ව සිටීම යහපත් වුවත්, රාශියෙන් රාශියකට මාරු වන ගෝවර ගමනේදී ගුරු වඩාත් ම ශුභදායක බවක් ගෙන දෙන්නේ බොහෝවිට 2 ,5 ,7,9,11 ආදී භාවයන් හී ගමන් කරන විටය.

2014. ජුනි මස 19 දින උදේ 8.46 ට ගුරු මෙතෙක් ගමන් කල තම මූඪ රාශි වන මිතුන රාශියෙන් ඉවත්ව ස්වකීය උචිච රැුස වන ස`දු හිමි කටක රාශිය වෙත පොදුෙවි සැමට සුභ පල රැුගෙන පැමිණෙයි.

 

2015 ජුලි 13  වනතුරුම කටකයේ සිටින ගුරු වසර 2014 දෙසැම්බර් 10 වන දින වක‍්‍ර චලිතයකට යොමුෙවි.යලිදු නිවෘ වන්නේ 2015 අපේ‍්‍රල් 10 දාය.

ගුරු බලවත් වීම ගුරුට අයත්වන කටයුතු ආදියෙහි දියුණුවක් හිමි විය හැකි කාලයකි.මේ අනුව විශාල වෙළද ව්‍යාපාර ,ඖෂධ ,වාණිජ කටයුතු ,නිතිමය කටයුතු ,පරිපාලන කටයුතු,ආධ්‍යාත්මික සිතුවිලි ආදියෙහි දියුනුවක් ඇතිවිය හැකි අතරම පොදුෙවි සෑම දෙනාම තම තමන්මගේ ජන්ම වාසනා ගුණය අනුව ආධ්‍යාත්මික දියුණුවක් ලබනු ඇත. එනමි නියම ජීවිත සැපත හිමිවන්නේ බදා ගනීෙමිනි නොුව අත්හැරීම තුලින්ම බවද සරලව තේරමි යනු ඇත.ධර්මය පිලිබ`ද අවබෝධයක් ලබනු ඇති.ආගම්ක ප‍්‍රබෝධයක්ද , ආගමික පූජකවරන් හා හාමුදුරුවරුන්ද ගෞරවයට පාත‍්‍ර වන කාලයක් වනු ඇත.

ගුරුගේ කටක රාශී ගත වීම ඒ  ඒ ලග්න අනුව පොදුෙවි දක්වා ඇති අතර  පහත දක්වන පලාපල ඹබගේ ජන්ම මොහොතේ  ගුරු සිටින තත්වය ,දැනට ගත කරන දශා ,සෙනසුරු ඒරාෂ්ටක ආදිය මත තරමක් සංශෝධනය විය හැකි බව සැලකිය යුතුය.උදාහරණ ලෙස  ගුරු කටක රාශියට ගමන් කිරීම  වෘශ්චික ලග්න හිමියෙකුගේ නමි  9 වැන්නේ ගුරු ගෝවර වීමකි. නම වැන්නේ ගුරු ගෝවරය වඩාත්ම ශුභ නමුත් ඔහුගේ උපන් මොහොතේ ගුරු බලවත් වී නමි තත්වය වඩාත් යහපති.උපතේදී ගුරු දුර්වල නමි ප‍්‍රතිපල ඒ අනුව සංශෝධනය විය හැකිය. දැනට වාශ්චික ලග්නයට උදාව පවතින සෙනසුරු ලග්න ඒරාෂ්ටකය මතත් ගුරු උවිච වීමෙ නියම ප‍්‍රතිපල ජන්මියාට අහිමි විය හැකිය.සෙසු ලග්න ආදියටත් තත්වය මෙ අයුරින් තේරුමි ගත යුතුය.

ෙමීෂ ලග්නය
ෙමිෂ ලග්නට ගුරු පැමිනේනේ සිවිවැන්නට වේ.අධ්‍යාපනයට යහපත් බවක් දැනෙනු ඇත.තමාගේ නිවසසේ අ`එත් වැඩියාවක් හෝ වෙනයමි දියුණුවක් අතිවිය හැකිය.නිවස අවට වටපිටෙවි හෝ අ`එත් වෙනසක් ඇතිවිය හැකිය.යාන වාහන ආදියේ යමි දියුණුවක්ද ,විකිණිම සදඟා මිලට ගන්නා දේපල ආදියෙන් ලාභ හිමිවිය හැකිය.නමුත් මෙම කටයුතු ස`දහා ඹබගේ මනා අවධානය නිතර යොමු කල යුත්තේ යමි අතපසු වීමි මත අලාභ සිදුවිය හැකි බැවිනි.දේපල සමිබන්ධ නීතිමය ගැටලූ ආදිය කෙරෙහීද යමි යෙමුවීමක් ඇතිවිය හැකිය.දෙසැමිබර් පමණ වන විට ඉඩකඩමි ආදියෙන් ලාභ හිමි විය හැකිය.පවුලේ අයගේ සහයෝගයද හිමි වන කාලයකි. ජීවිතය පිලිබ`දව අවබෝධයක් ඇතිවන කාලයකි. ආගමික භක්තියක් ඇතිෙවි. ආත්ම විශ්වාසයක් ඇතිවිය හැකිය.

ගුරු අයහපත්ව ජන්ම පත‍්‍රයක උපතින් සටහන්ව තිෙබි නමි සිතට ප‍්‍රීතිය අඩු කරන කාලයකි.නින්දා අපහාස ආදියට යොමු විය හැකිය.ධන හානි ආදියට යොමු විය හැකිය.තරමක අවිනිශ්විත බවක් සිතතුල ඇතිවනු ඇත.ඥාතීන් නිසාද කරදරද ඇතිවිය හැකිය.දේපොල ආදිය පැටලිලි අතිවිය හැකිය.

වෘෂභ ලග්නය
වෘෂභයට ගුරුගේ පැමිණිම තෙවැන්නට ෙවි.ලිපි ලේඛණ ,සංනිවේදන ආදියෙහි යෙදෙන අයට යහපත්ය.ගුරු තෙවැන්නට ගෝචරයෙන් එතරමි ශුභ නොවුනද යෝගකාරක සෙනසුරු හා බූධ ගේ නැකත් අසුරේ ගුරු සිටීම මත ශුභපල යමි ප‍්‍රමානයකට හිමිවිය හැක.‍්‍රතම අසල් වැසියන් හෝ සහෝදරාදීන් සම`ග විවිධ කටයුතු ආදියට යොමු ෙවි.නමුත් තමාගේ වියදමි පිලිබ`දව කල්පනාකාරී විය යුතු කාලයකි.තමාගේ හැකියාවට කල හැකි වැඩ කටයුතු ආදියට පමණක් යොමු වන්න.අනුමානයට කෙරෙන කටයුතු ආදියෙදී ඉතාමත් සැලකිලිලක් දක්විය යුතුය. සහජ හැකියා ආදියන් යමි දියුණුවක් හිමිවිය හැකිය.සිතේ තරමක පසුබැස්සමක් හෝ මධ්‍යස්තව සීතිමට යොමු වනු ඇත. කෙටි ගමන් බිමන් යෙදේ.ෙමිවායින් සමහරවිට සු`එ ලාභද වියදමිද ඇතිවිය හැකිය.විවාහ අපේක්ෂක අයට ජුනි - ජුලි මාස වල විවාහ යෝජනාද ඇතිවිය හැකිය .සහෝදරාදීන්ගේ ජීවිතයේ යමි දියුණුවක් ඇතිවිය හැකිය.ගුරු උපතින් දුර්වලව සීටි නමි අසල්වසියන්ගෙන් පීඩාවන්ද ,ධන හානිද ,බියසුලූ ගතියක්ද ඇති ෙවි.කනගාුදායක ආරංචි ඇසීමට සිදුවිය හැකිය.

මිතුන ලග්නය
මිතුන ලග්නයෙහි දෙවැන්න හෙවත් ධන ස්ථාතයෙහි ගුරු උචිච වීම යහපත්ය.මෙතෙක් කල් සිත තුල පැවති අසහනකාරී බව කෙමෙන් අඩුව යනු ඇත.ධන ආයෝජනය කෙරෙහි යහපත් කාලයකි.ධනය ලැබීමට හේතු ෙවි.කලින් කරන ලද ආයොජනයක ප‍්‍රතිපලද හිමිවිය හැකියි.අධ්‍යාපනය ලබන හා ලබා දෙන අයටද තම ඥානය දියුණු වන කාලයකි.විවාහ බැ`දුමද දැඩි ෙවි .ආධ්‍යාත්මික දියුණුවක්ද හිමිය.යමි මිලදී ගැනීමි ආදියටද තම ජන්ම පත‍්‍රයේ පවතින තත්වය අනුව නව ව්‍යාපාර ඇරඔුමටද යහපත්ය.නමුත් ධන ආයොජනය හෝ තමා සතු දේපොල සමාජ විරෝධී හෝ අයහපත් කටයුතු සදහා යොදා ගැනීම ධන හානියට හේතු ෙවි.උපතින් ගුරු යහපත්ව සිටින අයට යහපත්ම කාලයකි.

කටක ලග්නය
ලග්නයට ගුරු පැමිණිම ජීවිතයේ අ`එත් යමක් ඉගෙන ගැනීමට හෝ නව ආකාරයකින් සිතීමට හැකි වන කාලයකි.යමි ප‍්‍රමුඛතාවයක් හිමිවිය හැකි වුවද ඒ පිලිබ`දව වැඩිපුර සිතට ගැනීම සතුරු කරදර ඇතිවීමට හේතු විය හැකිය.අන් අයගේ සහයෝග හිමිෙවි.නමුත් තමාගේ නීරෝගී බව පිලිබ`දවද වඩාත් සැලකිලිමත් විය යුතුය.විදේශ ගමන් බලාපොරෝත්තු වන අයගේ පැතුමි ඉටු විය හැකිය.මංගල යෝජනාදියද ඉදිරිපත්වන කාලයකි.අධ්‍යාත්මික ප‍්‍රගතියක්ද ඇතිවන කාලයකි.සිසුන් තම  අධ්‍යාපනය කෙරෙහි උනන්දු විය යුතු කාලයකි.

සිංහ ලග්නය
සිංහ ලග්නයේ දොලොස්වන්නට ගුරු මාරුව සිදුෙවි.පුණ්‍ය කටයුතු ස`දහා යමි මුදලක් වියදමි කරනු ඇත.ගඹුරු ධර්මයන් ඉගෙනීමට යහපත් කාලයකි.විදේශ ගතවන්නට මෙන්ම දිගු ආගමික සංචාර ආදිය පිලිබ`ද සිතා සිටින අයට එම බලාපොරොත්තු ඉටු වනු ඇත.තරමක වැය පක්ෂයක් ඇති වෙන නමුත් අනාගතයේදී ඉන් ප‍්‍රතිපල හිමි විය හැකිය.රෝගා බාධ පිලබ`දව සැලකිලි මත් වන්න.ගුරු උපතින් දුර්වල නමි අනවශ්‍ය වියදමි අදිය යෙදෙනු ඇති අතර ආරෝග්‍යශාලා ආදියටද යොමු විය හැකිය.පුණ්‍ය කටයුතු ආදියෙහි යෙදීමත් එම පින් නිතර සිහි කිරීමත් යහපත්ය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයට අයස්ථානය වෙතට සිදු වන ගුරු මාරුව යහපත්ය.උරුමයෙන් හිමිවන දේපොල ආදියද ලැබිය හැකිය.තමාගේ නිවස යහපත් සුවදායක බවක් දැනෙනු ඇත.යාන වාහන ,දේපොල ආදිය මිලට ගනීමට යහපත් කාලයකි.විවාහ සහකරුටද යහපත් කාලයක් වන අතර රැුකියා හෝ ව්‍යාපාර ආදියේ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය.මංගල යෝජනාද ඉදිරිපත් වන කාලයකි.අ`එත් මිතුරු අසුරක් හිමිය. උසස් අයගේ සහයෝගය , අනුග‍්‍රහය , උපදෙස් ලැබිය හැකිය. සිසුන්ටද යහපත් කාලයකි.ගුරුවරුන්ගේ ආධාර හිමිවනු ඇත.

තුලා ලග්නය
ගුරු දසවැන්න වෙතට පැමිණීම තුලා ලග්න හිමියන්ගේ රැුකියා ව්‍යාපාර ආදියෙහි යහපත් බවක් හිමි කර ගැනීමට නමි මෙම කාලය තුලදී ඉක්මන් නොවී මනා ලෙස කල්පනා  තීරණ ගත යුතුය. සැලකිලිමත්ව සෑම කටයුත්තක්ම ඉටු කල යුතුය.ලබන 2014  දෙසැමිබර් මාසය පමණ වන විට රැුකියා , අධ්‍යාපන ,ව්‍යාපාර ආදිය කෙරෙහි තරමක  අලස බවක් සිත තුල ගොඩනැගුනද තම කටයුතු දිරිමත්ව කරගෙන යාමෙන් යමි දියුණුවක් ලද හැකිය.රෝගා බාධ කෙරෙහීද සැලකිලිමත් විය යුතුය.උසස් නිලධාරීන් ,ගුරුවරන් සම`ග කටයුතු කිරිෙමිදී කල්පනා කාරි විය යුතුය.නිහතමානිව සුහදව කටයුතු වල යෙදෙන්න.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියනට තමන්ගේ නම වැන්නට ගුරුගේ පැමිනිම  තම පෙර පින් ඉස්මතු කරන කාලයකි.තමාට හිමි ගෞරවය  සැලකිල්ල ලැබෙනු ඇත.විදේශ හෝ දේශිය දිගු ුගමන් යෙදෙනු ඇත.ආගමික භක්තිය ඇතිෙවි.ගඔුරු ආගමික හරයන් අවබෝධෙවි.උසස් අධයාපනය ලබන අයටද තම අවබෝධ ශක්තිය දියුණු වන කාලයකි.පෙර නිසි ලෙස අවබෝධ නොවු කරුණු ඉතාමත් පහැදිලිව අවබෝධ වේ.යහපත් ගුරවරුන් , උපදේශකයන්  හමු වනු ඇත.ගුරු උපන් මොහොතේ යහපත් නමි වඩාත්ම  යහපත් ප‍්‍රතිපල හිමිෙවි.වෙනත් ග‍්‍රහ අපල ආදිය මදක් ශුභ පල පමා කලද යහපත් කාලයකි.

ධනු ලග්නය
ධනු ලග්නයේ ලග්නාධිපති වු ගුරු උවිව වීම එක අතකින්  යහපත් වුවත් අට වැන්නට යෙදීම පිලිබ`ද එතරමි සතුටු විය නොහැක.නමුත් උපන් මොහොතේ ග‍්‍රහ පිහිටීමි අනුව අන් වස්තු හිමිවීමක් හො අනුන්ගේ සමිපත් අසුරෙන් සැප විදීමටත් යොමු විය හැකිය.ණය මුදල් ආදිය පිලිබ`ද කටයුතු වලින්ද වාසි සැලසේ.ගුප්ත විද්‍යා ආදි කටයුතු වලින් නව අත්දැකීමි හිමි වනු ඇත. නමුත් ඹබගේ රෝගි තත්වයන් හා අනතුරු අසුරෙන් ප‍්‍රෙවිශම් වීම යහපති.

මකර ලග්නය
අධ්‍යාපනය ලබන මකර හිමියන්ට ගුරු හත් වැන්නට යෙදීම වඩාත්ම යහපති.ගඹුරු කරුණු අවබෝධවේ.විවාහ ප‍්‍රමාද අයට විවාහ අවස්ථාවන් ඇතිවිය හැකිය.හවුලේ කෙරෙන ව්‍යාපාර ,ඉදිකිරීමි හා විවිධ සේවා සපයන්නට වාසි සැලසේ.විවාහ සැප හිමිෙවි.අ`එත් දෙයක් ඉගෙනීමට සිත් යෙදේ.නීති උපදෙස් , වෛද්‍ය උපදෙස් හෝ වෙනත් ආකාරයක උපදෙස් ලබාගැනීෙමිදී නිවැරදි උපදෙස හිමි වනු ඇත.නමුත් තමා පිලිබ`දව අධිතක්සේරුවකට යොමු ව කටයුතු කිරීමෙන් වැලකිය යුතුය. උපතින්ද ගුරු යහපත්ව ජන්ම පත‍්‍ර ගත නමි ජීවිතය යහපත් වන කාලයකි.


කුමිභ ලග්නය
ගුරු සයවැන්නට පැමීණිම ඔබගේ නීරෝගී සුවය ඇති විය කාලයකි.පැවති රෝග පීඩාදියේ ව්ුව යමි සහනයක් දැකිය හැකියි.රැුකියා ව්‍යාපාර ආදියේද යමි දියුණුවක් ඔබගේ කැපවීම මත හිමිෙවි. සේවක සහයෝගය ඔබට හිමිවන කාලයකි.ඔබගේ ආහාරය පිලිබ`දව සැලකිලිමත් විය යුතු කාලයකි.පමණ ඉක්මවා කටයුතු වල නොයෙදීමට වග බලා ගත යුතුය. බුද්ධියට මුල් තැන දී දෙවරක් සිතා කටයුතු වල යෙදීම වඩාත්ම යෝග්‍ය ෙවි.ගුරු උපතින් අයහපත්ව සිටී නමි සතුරු කරදර , රෝග පීඩා ,මුදල් අපහසතා නෑදැයන් ගෙන් නොයෙක් බාධකද ආදිය ඇතිවිය හැකිය.

මීන ලග්නය
ලග්නාධිපති ගුරු පස්වැන්නට යෙදීම යහපත්ය.තම දරුවන්ගේ දියුණුවද ,දරුපල බලාපොරොත්තු අයට එම බලපොරොත්තු ඉටු වීමද  සිදුෙවි.දරුවන්ගේ දියුණුවක්ද ඇති ෙවි නව උසස් වීමි හේා නව රැුකියා පිලිබ`ද බලාපොරොත්තු ඉටු වන කාලයකි..මුල්‍යමය වාසි හිමිෙවි.ව්‍යාපාර රැුකියා ආදියෙහි දියුනුවක්ද , අනාගතය පිලිබදුව සැලසුමක්ද ඇති වන කාලයකි.අධයාපන කටයුතු ආදියේ දියුණුවද සැලසෙනු ඇත.නමුත් උපතින් ගුරු අයහපත් නමි ප‍්‍රතිපල තරමක් අඩුව්ය හැක. මෙම වසරෙ දෙසැමිබර් මාසයෙන් පසු ගුරු උවිව වීමේන් හිමි වන යහපත් ප‍්‍රතිපල ස`දහා ඇති යමි බාධක ඉවත් ව යනු ඇත.නමුත් තමන් ඉතාමත් නිහතමානිව හා අනවශ්‍ය ලෙස හෝ අයහපත ස`දහා තම දායකත්වය දීමෙන් වලකින්න.

ගුරු මාරුව ඇසුරෙන් ඹබ උපන් ග‍්‍රහ බලය අනුව ශුභ පල අඩු වැඞ් වශයෙන් හිමි වනු ඇති අතර අශුභතා අවමය ස`දහාත් ශුභ ප‍්‍රතිපල නිසිලෙස හිමිකරගැනීමටත් පහත දැක්වෙන වත් පිලිවෙත් ආදියෙහි යෙදීම යහපත්ය.

එසේම ඔබගේ යහපත් පවැත්ම පන්සිල් ප‍්‍රතිපත්තියක් ලෙස රැුකීම ,මුදල් ලැබිම පිණිස අයහපත් කටයුතු  ආදියෙන් වැලකීම  ආදි   ගුරුට ගැලපෙන කටයුතු ආදියේ යෙදීෙමින් ගුරුගේ අපල දුරුවී ඔබ වෙතට සෙතක්  ශාන්තියක් මෙන්ම සෞභාග්‍යද හිමි වනු ඇත.

1.බොධ්පුජා පවත්වා පහත දැක්වෙන ගුරු කවචය 16 වරක් කියවීම යහපති.දිනපතා උදේ සවස සන්සුන් සිතින් කියවීමද යහපති.
දේවානාංච සෘෂිනාංච - ගුරුං කාංචන සන්නිභමි
බුද්ධි භූතං ත‍්‍රිලොකසස්‍ය - තං නමාමි බ‍්‍රහස්පතිමී

2.ගුරුට අයත් වෘක්ෂය වන බෝධියට කහ පැහැති මල් පුජා කීරීම , කහ පැහැදි වස්ත‍්‍ර , කහ පැහැති පලතුරු සුදුසු අයට  දන් දීමද යහපති.
ඔිං ඥං  ඥිං ඥං සඃ ගුරවෙස්වාහාං
මෙම ගුරු මන්ත‍්‍රය බෝධ්න් වන්සේ නමක් අභියස 16 වරක් කියවීම යහපති.

3.දරුවන්ගේ අධයාපන කටයුතු දියුණුවට
සහශ‍්‍ර දල කමල කර්ණිකා මධ්‍යස්ථිකඃ
ස්ෙවිත වර්ණං ද්වි බුජං වරා භය කරං
ස්වේත මල්ය්‍යානු ලිපානං ස්ව ප‍්‍රකාශ රූපං
ස්වාහඃ මස්තිකඃ සුරක්ත ශක්ත්‍යං
ස්ව ප‍්‍රකාශ රූපාය සහිතං ශ‍්‍රී ගුරුමි ධ්‍යායෙත්
ආගමික වතාවත් වලින් පසු සත්වරක් කියන්න

ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරමි දදාමි
ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි බජාමී
ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි සමරාමී
 ශ‍්‍රීමත් පරම බ‍්‍රහ්ම ගුරුමි නමාමී
ඹීමි ශ‍්‍රී ගුරුෙවි නමහඃ
ආගමික වතාවත් වලින් පසු සත්වරක් කියන්න

4.ගුරු ගේ අපල ස`දහා දාන ද්‍රව්‍ය
කහ පැහති වස්ත‍්‍ර, රන් ,කසාය ,හකුරු ,කහපහැයට හුරු ධාන්‍ය ,ලූණු ,පුෂ්පරාග ,මෙම දාන ද්‍රව්‍ය ගුරුගේ අපල ස`දහා දන් දීම මගින් සහනයක් ලැෙබි.

මීගොඩ ප‍්‍රභාත් කරුණානායක

Meet Our Astrologers

  name-tag-praba 

Featured Articles